Watch Trailer

Shogun [S01 : E10] Sinhala Subtitles | කැපකිරීම් මතින් ජයටැඹ කරා… [සිංහල උපසිරසි]

Shogun [S01 : E10] Sinhala Subtitles මේ වසරෙ විකාශය වුණු තවත් සුපිරිම කතාමාලාවක් වෙන Shogun හි අවසන් කොටසට තමයි මේ විදිහට උපසිරසිය මේ ලබාදෙන්නෙ. ඉතින් ආරම්භයෙ ඉදන් කුතුහලයෙන් බලන්න පුලුවන් තවත් සුපිරියක් කියල මේ වෙනකම් කතාව බලාගෙන ආපු අය දන්නවනෙ… මට නම් මේ කතාව ලෙසටම අල්ලලා ගියා ඉතින්. රඟපාන නලු නි…

Shogun

Shogun Sinhala Subtitles

මේ වසරෙ විකාශය වුණු තවත් සුපිරිම කතාමාලාවක් වෙන Shogun හි අවසන් කොටසට තමයි මේ විදිහට උපසිරසිය මේ ලබාදෙන්නෙ. ඉතින් ආරම්භයෙ ඉදන් කුතුහලයෙන් බලන්න පුලුවන් තවත් සුපිරියක් කියල මේ වෙනකම් කතාව බලාගෙන ආපු අය දන්නවනෙ… මට නම් මේ කතාව ලෙසටම අල්ලලා ගියා ඉතින්. රඟපාන නලු නිලියන් ඉදලා පසුතල සැකසීම් වගේ දේවල්වලට මෙහි නිර්මාණකරුවන් සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා ඔයාලටත් පේන්න ඇති. ඒ නිසාම තමයි මේක බලාගෙන යනකොට අපිටත් ටිකක් අඳුරු අවිනිශ්චිත හැඟීමක් එහෙම දැනෙන්නෙ… කොහොමහරි පුරාණ ජපන් ඉතිහාසය මොනවගේ කටුක කර්කෂක සොබාවක් ගත්තද කියල මේක බලන කාටවුනත් හොඳ අවබෝධයක් ලැබිලා ඇති කියල හිතනවා.

පසුගිය කොටස් තුළින් අපි දැක්කා තොරනාගා බෙල්ල මුලටම හිරවෙන විදිහ. නමුත් හැමවෙලේම ඔහු සැලසුමකට අනුවයි සියල්ල සූදානම් කරමින් ඉඳලා තියෙන්නෙ. ඔහුගෙ පැත්තෙන් ඔහුට සිදුවුණු අහිමිවීම් නම් සුළුපටු නෑ. විශේෂයෙන්ම ඔහුගෙ පුතාගෙ වියෝව. නමුත් කලින් කිව්වා වගේ ඔහු හැමවෙලේම සූදානම් වෙමිනුයි ඉඳලා තියෙන්නෙ. ඔහුගෙ අන්තිම තුරුම්පුව උනේ මරිකෝ. ඒ අනුවයි ඇය අන්ජින් සහ යබුෂිගේ සමඟ ඕසකා(ඔසාකා) මාළිගාවට පිටත්වෙන්නෙ. මේ වෙනකොට ඕසකාවල බලය අතේ තියාගෙන ඉන්න ඉෂිදෝ, තොරනාගට හිතවත් කීපදෙනෙක් බලහත්කාරයෙන් රඳවගෙන ඉන්නවා. ඕසකා වෙතට පිටත්වුණු මරිකෝත් අන්තිමේදී මේ විදිහට ඉෂිදෝ බලහත්කාරයෙන් රඳවගන්නවා. නමුත් ඇය උත්සහ කළා සටනක් දීලා හෝ මාළිගාවෙන් පිටවෙන්න. ඒ ඇයගෙ ස්වාධීනබව ඉල්ලීම් කරමින්. ඉෂිදෝ ඇයට පිටත්වෙන්න අවස්ථාවක් ලබානොදීපු නිසා සියදිවි නසාගන්න ඔන්න මෙන්න සිටිනකොට, මරිකෝ හට පිටත්වීමට අවස්ථාව ලැබෙනවා. මොකද මරිකෝ මියගියා කියන්නෙ ඔචිබා නො කතා හා තියෙන මිත්‍රත්වය පළුවූවා හා සමාන දෙයක්. මොකද මරිකො සහ මේ ඔචිබා කුඩාකළ පටන් යම් ඇසුරක් තිබුණු නිසා.

කතාව බලාගෙන ආපු ඔයාලා දකින්න ඇති ඉෂිදෝ සහ යබුෂිගේ අතර යම් කතිකාවක් වෙනවා. තොරනාගට ද්‍රෝහිකම් කරන්න ඉෂිදෝ නිතරම වගේ යබුෂිගේට බලකරනවා. මතක ඇතිනෙ මේ යබුෂිගෙ රාත්‍රී කාලයෙදි ෂිනෝබි ඝාතකයින්ට මාළිගාවට ඇතුළුවෙන්න ඉඩහසර දෙන විදිහ. මේ ඝාතකයන්ගෙන් බේරෙන්න මරිකො සහ අන්ජින් සටනක් දුන්නක් මරිකො එකවරම ලොකු පිපුරුමකට හසුවෙනවා. ඉතින් එතැන් පටන් කතාවෙ මොකද වෙන්නෙ කියල බලන්න මේ අන්තිම කොටස දැන් ඔයාලටයි භාරවෙන්නෙ…

මේ වෙනකොට Shogun තව කතා සමයන් සඳහා දීර්ඝ කරලා තියෙනවා කියල තමයි තොරතුරු ලැබිලා තියෙන්නෙ. එහෙම තවත් කතාසමයන් නිර්මාණය වෙනවා නම්, මේකට මූලාශ්‍ර උනු පොතෙන් එපිටට ගිහින් තමයි ඒ කතාව නිර්මාණය වෙන්නෙ. ඉතින් නාගන්නෙ නැතුව වැඩේ ගොඩදැම්මොත් ලොකු දෙයක්. ඒ විදිහට සාර්ථක වේවා කියලත් බලාපොරොත්තු තියාගෙන ඉමු අලුත් කතා සමයන් එනව නම්… ඉතින් වැඩේට මාව හවුල් කරගත්තු ඔලිව අයියට ස්තූතිය. උපසිරසි සඳහා දායක වුණු අනිත් අයියලා හැමෝටමත් ස්තූතිය හිමියි ඔයාලගෙ. එහෙනම් ඔන්න Shogun අහවරක් කළා. අලුත් කතා සමයක් ආවොත් එදාට උපසිරසි සමඟින් හමුවෙමු…

Shogun, Shogun Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,751 downloadsDownload Shogun-S01-E10-.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Shogun Sinhala Subtitles

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

2,751 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Buddhika Lakmal

    මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට ස්තූතියි...

  2. sachintha

    සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි

    ජය

  3. Anonymous

    Thanks Brother