86 S01 Sinhala Subtitles ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි…

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි, ඒ මේ කතාවෙන් ගෙන එන ඛේදාන්තජනක කතාව නිසාවෙනුයි. ඉතින් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න අපි 07 සහ 08 කොටස් වලට යමු.
එක්වරම සිද්ධ වුනු සටනින් ස්පියර්හෙඩ් බලඝණයේ වැදගත් සාමාජිකයන් දෙන්නෙක් මරණයට පත් වුනා. ඒත් එක්කම තවත් අදහාගන්න බැරි දෙයක් තමයි කමාන්ඩර් ශින් හෙළි කරන්නේ. එයිටි සික්ස් වල මිය යන සාමාජිකයන්ගේ මොළය ලීජන් යන්ත්‍ර විසින් පිටපත් කරගෙන සටන් වලදී ඒවා ඔවුන්ගේ එදිරිවාදීන්ට එරෙහිව භාවිතා කරනවා කියන අසාමාන්‍ය ක්‍රියාව තමයි ශින් විසින් මේජර් මිලීසෙට පැහැදිලි කරන්නේ. ඒ අනුව මේ යුද්ධය තව අවුරුදු දෙකකින් අවසාන නොවෙන බවත් ඒ වෙනුවට ලීජන් තවත් පැතිරෙන බවත් හෙළි කරනවා.
සටනින් සටන එයිටි සික්ස් හි සොල්දාදුවන් අඩු වෙනවා. ඒ අඩුවීම් වලට ආදේශක සොල්දාදුවන් වගේම ජගර්නොට් යන්ත්‍රත් එන බවට මේජර් මිලීසෙ ස්පියර්හෙඩ් බලඝණයේ සාමාජිකයින්ට පොරොන්දු වෙනවා. ඒ වගේම ලීජන් අවි බලයත් ටිකෙන් ටික වැඩි වෙන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඉදිරි සටන් වෙනුවෙන් අලුත් සොල්දාදුවන් ලැබේවිද? යුද්ධය ජය ගැනීමේ බලාපොරොත්තුව පේන මානයේද? අපි බලමු මොකද වෙන්නෙ කියලා.
මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ 86 Eighty Six (2021) (Season 1 + Specials) [1080p Dual Audio HEVC 10 bits DDP] (Batch) නම් ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. ඒ වගේම Kayoanime වෙබ් අඩවියේ වීඩියෝ පිටපත් වලටත් මේ සිංහල උපසිරැසි ගැලපෙනවා. දන්නවනේ ඉතින් වෙනදා වගේම ජපන් බසට ගැලපෙන්න තමයි මේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
781 downloadsDownload 86-Eighty-Six-2021-S01-E07-E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
86 S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Ishan Madusha
Dilshan buddika
සුපිරි ❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි.