86 S01 Sinhala Subtitles ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි…

86 S01 Sinhala Subtitles

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි, ඒ මේ කතාවෙන් ගෙන එන ඛේදාන්තජනක කතාව නිසාවෙනුයි. ඉතින් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න අපි 09 සහ 10 කොටස් වලට යමු. ඒ වගේම කතාවේ Part 1 හි අවසානයට අපි ළං වෙලයි ඉන්නේ.

සන් මැග්නෝලියා සමාජයේ ජනතාව සතුටු වෙද්දි එක්තරා කොනක නව යොවුන් වියේ සොල්දාදුවන් පිරිසක් යුද්ධයකට මැදි වෙලා. මේ යුද්ධයෙන් ඔවුන්ට ජය ලැබෙන පාටක් දෑස් මානයේ නම් නෑ. ප්‍රතිවිරුද්ධ ලීජන් යන්ත්‍ර හමුවේ මිය යන සහෝදරවරුන්ගේ අඩුව පුරවන්නට අලුත් සහෝදරවරුන් ඒවිදැයි මේජර් මිලීසෙ මහත් බලාපොරොත්තුවෙන් පසු වුනා. ඒත් වුනේ වෙනම දෙයක්. ස්පියර්හෙඩ් බලඝණයේ මුළු එයිටි සික්ස් එකම ජනරජයේ බිල්ලක් ඇරෙන්න වෙන මොකුත් වුනේ නැති විත්තිය, මරණය පමණක් ඉතුරු වුනු කමාන්ඩර් ශින් ප්‍රමුඛ පිරිස මේජර් මිලීසෙට විස්තර කරනවා. ඉතුරු වුනු කිහිපදෙනාට ඉතුරු වෙලා තියෙන්නේ අවසානය තෙක් දිවි බේරා ගැනීම විතරයි.

ශින් ඇතුළු පිරිසට එල්ල වුනු නොසිතූ නොවිරූ දිගු දුර කාල තුවක්කු ප්‍රහාරය එල්ල කලේ ශින්ගේ අයියා බව ශින් දැන ගන්නවා. මොකද මැරුනු සොල්දාදුවන්ගේ මොළය ලීජන් යන්ත්‍ර නතු කරගන්නවා කියන කාරණාව ශින් මිලීසෙට පැහැදිලි කරන විදිහ අපිට පෙර කොටස් වලදී දැනගන්න ලැබුනා. අන්න ඒ කාරණාව අනුව තමයි ශින්ගේ අයියා එඬේරෙක් එහෙමත් නැත්නම් ලීජන් යන්ත්‍ර කිහිපයකට අණ දෙන ප්‍රධාන මොළයක් සහිත යන්ත්‍රයක් බවට පත් වෙලා ඉන්නෙ. මිය ගිය අයගේ කට හඬවල් හැන්ඩ්ලර්ලාට සහ සොල්දාදුවන්ට ඇහෙන්නේ මෙන්න මේ කාරණාව මත බව අපිට දැන් පැහැදිලියි. තමන්ගෙ පිරිසට ප්‍රහාර එල්ල කළේ අයියා බව ශින් දන්නවා. ඒ නිසා ජනරජයෙනුත් කිසිම උදව්වක් නොලැබී මරණයට තීන්දු වුනු එකේ තමන්ගේ අයියාව ඝාතනය කිරීමේ අරමුණ තමයි දැන් ශින්ට තියෙන්නෙ. ශින්ට තමන්ගේ අයියාව මරා දමන්න පුලුවන් වේවිද?මේ සහෝදර ගැටුම කෙළවර වෙන විදිහ මොකක්ද? අපි දැන් 86 ඇනිමෙ කතා මාලාවේ Part 1 හි අවසානයට ළං වෙලයි ඉන්නේ. ඉතිරි 11 වන කොටස සහ එයින් පසුව නිකුත් වුනු Special Episode එක විතරයි.

මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ 86 Eighty Six (2021) (Season 1 + Specials) [1080p Dual Audio HEVC 10 bits DDP] (Batch) නම් ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. ඒ වගේම Kayoanime වෙබ් අඩවියේ වීඩියෝ පිටපත් වලටත් මේ සිංහල උපසිරැසි ගැලපෙනවා. දන්නවනේ ඉතින් වෙනදා වගේම ජපන් බසට ගැලපෙන්න තමයි මේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් හමුවෙමු ඒ අවසාන කොටස් තුළින්.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

652 downloadsDownload Eighty-Six-S01-E09-E10-Sinhala-Subtitles-1.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

 

86 S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

652 downloadsDownload Subtitles23 KB

2 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  2. Nuwan Manage

    බොහොම ස්තූතියි සහෝ.. මේකේ අනිත් කොටස් ටිකටත් සබ් දෙමු.. ජයවේවා