86 S01 Sinhala Subtitles ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් වුනු 86 ඇනිමෙ කතා මාලාව හිතුව තරම් ඉක්මනින් දෙන්න බැරි උනත්, කොහොම හරි මාස කිහිපයකට පස්සෙ 86 ඇනිමෙ කතා මාලාවේ ඉත…

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් වුනු 86 ඇනිමෙ කතා මාලාව හිතුව තරම් ඉක්මනින් දෙන්න බැරි උනත්, කොහොම හරි මාස කිහිපයකට පස්සෙ 86 ඇනිමෙ කතා මාලාවේ ඉතිරි කොටස හෙවත් Part 2 හි සිංහල උපසිරැසි පෙළ අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ.
ඒ අනුව මේ Part 2 ට අදාළව මිනිත්තු 24 ක් පුරා දිවෙන මුළු කොටස් 12 ක් ඇතුළත් වෙනවා. ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු සිද්ධ කළේ Part 1 හි වගේම සුපුරුදු පරිදි අතිශයින් ජනප්‍රිය ඇනිමෙ කතා මාලා කිහිපයක්ම නිර්මාණය කරපු A-1 Pictures ස්ටූඩියෝව විසිනුයි. ඒ වගේම සමස්ථ කතාව IMDB දර්ශකයේ 8.2 ක Rating අගයක් සහ මේ 86 Part 02 පමණක් MyAnimeList දර්ශකයේ 8.72 ක ඉහළ Rating අගයක් ලබාගෙන තියෙනවා. මේ කතාවේ Music පැත්ත ගැන බලද්දි ඒකත් ඉහළ තැනක තියෙන විත්තිය අපිට එක නමක් දැක්ක පමණින් හිතාගන්න පුලුවන්. ඒ නම තමයි Hiroyuki Sawano. ඔව්, මේ වෙද්දි Legendary Anime කිහිපයකම Music වෙනුවෙන් තම දායකත්වය සපයපු Sawano, ඇනිමෙ කතා මාලාවේ Ending Theme එක වෙනුවෙන් තම දායකත්වය සපයා තියෙනවා. “Kyoukaisen” නම් Opening Theme එක amazarashi විසින් perform කරද්දී, Ending Theme දෙකක් තියෙන මේ කතාවේ “LilaS” ගීතය Honoka Takahashi සහ “Alchemilla” ගීතය Ragal Lily කණ්ඩායම ඉදිරිපත් කරනවා. ඉතින් කලින් කිව්වත් වගේ කතාව මැදදිත් මේ තේමා ගීත වගේම නොයෙකුත් නාද රටාවන් අහන්න ලැබෙන නිසා කතාවේ ඒ ඒ සිද්ධීන්ට අපි ආකර්ෂණය වෙන්නේ අපිවත් නොදැනීමයි.
86 Part 02 හි කතාව පටන් ගන්නෙ Part 01 අවසාන වුනු තැනින්මයි. 86 Part 1 හි අවසානය ගැන මතක් කළොත් ටිකක් දුක මුසු සතුටුදායක අවසානයක් තමයි දකින්න ලැබුනේ. ශින්ගේ අයියා වුනු ශෝරෙයි සමඟ ශින් කරපු සටනින් පස්සෙ, ශින් ඇතුළු ස්පියර්හෙඩ් බලඝණයේ ඉතුරු හතර දෙනත් එක්ක නිදහස හොයාගෙන යන්න සන් මැග්නෝලියා දේශ සීමාවලින් එහාට, අලුත් බිමක් හොයාගෙන නිදහස හොයාගෙන යන්න ශින් තීරණය කරනවා. හැන්ඩ්ලර් මේජර් මිලීසෙට මේ තීරණය අදහාගන්න බැරි වුනා වගේම, කිසිම ප්‍රතිචාරයක් දන්වන්නත් බැරි වුනා.
නිදහස හොයාගෙන යන මේ අවසන් ගමනේදී ලීජන් හමුදාවකට ශින් ඇතුළු පිරිස හසු වෙනවා. දරුණු ගනයේ ප්‍රහාර වලින් ශින් ඇතුළු පිරිසට මොකුත්ම කරගන්න බැරි වෙනවා. මොකද තව දුරටත් උණ්ඩ, කෑම බීම ඇතුළු සැපයුම් ලැබෙන්නෙ නෑ, මොකද හැමෝම නිදහස හොයන්න ඒ ඔක්කොම අත් හැරලා ආවා. ඉතින් ශින් ඇතුළු පිරිසට සිද්ධ වුනේ මොකක්ද? ඒක මේ ආරම්භක කොටස් වලින් අපිට දකින්න පුලුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නෙ නැති හුඟක් දේවල් මේ කතාව අවසානය වෙනකල් සිද්ධ වෙනවා. දුක, සතුට, සහෝදරත්වය, කැපකිරීම් වගේම දරුණු සටන් මේ කතාවේ අවසානය වෙනකල් අපිට අත් විඳින්න පුලුවන්. මේක ඔබේ හදවතට දැනෙන තවත් කතාවක් බවට විශ්වාසයි.
කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ 86 Eighty Six (2021) (Season 1 + Specials) [1080p Dual Audio HEVC 10 bits DDP] (Batch) නම් ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. දන්නවනේ ඉතින් වෙනදා වගේම ජපන් බසට ගැලපෙන්න තමයි මේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ. මේ Part 02 එකට එන්න කලින් Part 01 අනිවාරෙන්ම බලල ඉන්න. මොකද මුලදිම කිව්වත් වගේ කතාවේ ඉතිරි කොටස තමයි Part 02 එක. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
158 downloadsDownload 86-Eighty-Six-S01-E12-E13-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
86 S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![86 – Eighty Six [S01 : E12 & E13] Sinhala Subtitles | අලුත් දේශයක්, අලුත් ජීවිතයක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/02/Eighty-Six-S01Part2-Banner-01.jpg)

