86 S01 Sinhala Subtitles ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි…

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි, ඒ මේ කතාවෙන් ගෙන එන ඛේදාන්තජනක කතාව නිසාවෙනුයි. ඉතින් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න අපි 11 සහ විශේෂ කතාංගයට, එහෙම නැත්නම් Part 1 හි අවසාන කොටස් වලට යමු.
සුදු බැටළුවන් අතරේ ඉන්න කළු බැටළුවන් පාලනය කරන එඩේරා හෙවත් මළ නොමළ ශින්ගේ සහෝදරයාව මරා දැමීමේ අරමුණින්, ජනරජයේ කිසිම උපකාරයක් නැතුවම මරණයේ දොරකඩට යන ශින් ප්‍රමුඛ ස්පියර්හෙඩ් බලඝණය ඉතිරි ලීජන් හමුදාවට තනිවම මුහුණ දෙන්න සූදානම් වෙද්දි, මේජර් මිලීසෙගෙ පුදුම කිරීමේ මෝටාර් අවි ප්‍රහාරයක් ලීජන් හමුදාවට එල්ල වුනා. ඒකෙන් විශාල හානියක් ලීජන් යන්ත්‍රවලට සිද්ධ වෙද්දි ශින්ගේ අයියාගේ ලීජන් යන්ත්‍රයට හානියක් කරන එක ලේසි වුනේ නෑ. ඒත් අන්තිමේදි අසම්පූර්ණ ගමනාන්තයක් ලබාගෙන හිටපු ඒ අයියාට සම්පූර්ණ ගමනාන්තයක් ලබා දෙන්න මල්ලි සමත් වෙනවා. ඒත් තමන්ගේම අයියාව තමන්ගේම අතින් මරණයට පත් කිරීම මල්ලි කෙනෙක්ට දැනෙන්නෙ මොන විදිහටද?
ඒත් එක්කම තවත් ඉතිරි වුනු මෙහෙයුමක් නැති නිසාවෙන් ශින් ප්‍රමුඛ ඉතිරි හතරදෙනා ලීජන් සීමාවෙන් එළියට නිදහස සොයා යනවා. කිසිම දත්තයක් සඳහන් නොවන මේ කණ්ඩායම නොදන්නා බිමකට නිදහස සහ ජීවත් වීම අරමුණු කරගෙන ගමන් කරන්නේ මේජර් ව්ලැඩිලෙනා මිලීසෙ පවා බලාපොරොත්තු නොවුනු විදිහටයි. වතුරෙන් එහාත් පවුරුවලින් එහාත් සීමාවක් නොමැතිව මේ යන ගමනේ අවසානය කෙබඳු වේවිද? නිදහස සොයා ගන්නේ කොහොමද? නිදහස සොයන මාර්ගය මොකක්ද? සැබවින්ම ඒ නිදහසමද? අපි නොසිතූ අවසානයක් එක්ක මේ 86 Part 1 අවසාන වෙන බව විතරක් මට කියන්න පුලුවන්. එහෙනම් නරඹන්න මේ අවසාන කොටස් දෙකත්.
මිත්‍රත්වය, සහෝදරත්වය, කැපකිරීම්, බෙදාගැනීම්, අහිමිවීම් වගේම දුක, සතුට, මුසු වුනු තවත් හැඟීම් එක්ක හරිම ලස්සනට ගලාගෙන ආ කතාවක් විදිහට මේ කතාව හඳුන්වන්න පුලුවන්. මේක ඔබේ හදවතට දැනෙන තවත් කතාවක් බවට විශ්වාසයි. අවසානය තෙක් නරඹන ඔබ ඒ බවට සාක්ෂි දරාවි. මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ 86 Eighty Six (2021) (Season 1 + Specials) [1080p Dual Audio HEVC 10 bits DDP] (Batch) නම් ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. ඒ වගේම Kayoanime වෙබ් අඩවියේ වීඩියෝ පිටපත් වලටත් මේ සිංහල උපසිරැසි ගැලපෙනවා. දන්නවනේ ඉතින් වෙනදා වගේම ජපන් බසට ගැලපෙන්න තමයි මේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් 86 Part 2 තුළින් හමුවෙනකල් හැමෝටම Happy Anime!
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
797 downloadsDownload 86-Eighty-Six-S01-E11-Special-Episode-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
86 S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
Nuwan Manage
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
keshan04
part 2 eketh sub oni brotherrrrrrrrrrrrrrrrrrrrrrrrr
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ජයවේවා සහෝ...