ප්‍රේමය ඉදිරියේ පසුනොබැසපු කෙනෙක් නැති තරම්. තමන්ගේ ජීවිතය, අනාගත හීන, සැප සම්පත් අත්හැරලා තමුන් ආදරය කරන අනෙකාගේ අභිවෘද්ධිය උදෙසා ඒ සියල්ල කැපකරපු ගැහැනු මිනිස්සු ඉන්නේ නවකතාවල පමණක් නෙවෙයි. සැබෑ ජීවිතයේ අන්න එවන් චරිත කප්පරක් අපි ඉදිරියේ ජීවමානව වැඩ වසනවා. සමහරක් එවන් ප්‍රේම වෘතාන්ත කාලයේ වැලි තල…
ප්‍රේමය ඉදිරියේ පසුනොබැසපු කෙනෙක් නැති තරම්. තමන්ගේ ජීවිතය, අනාගත හීන, සැප සම්පත් අත්හැරලා තමුන් ආදරය කරන අනෙකාගේ අභිවෘද්ධිය උදෙසා ඒ සියල්ල කැපකරපු ගැහැනු මිනිස්සු ඉන්නේ නවකතාවල පමණක් නෙවෙයි. සැබෑ ජීවිතයේ අන්න එවන් චරිත කප්පරක් අපි ඉදිරියේ ජීවමානව වැඩ වසනවා. සමහරක් එවන් ප්‍රේම වෘතාන්ත කාලයේ වැලි තලාවන්ට යටවෙලා අපිටත් හොරෙන් මියැදි ගිහිල්ලා තියෙනවා. ආදරය කියන දේ නා නා විධ මාදිලිවලින් නිර්වචනය කෙරෙනවා. සමහරෙක්ට ආදරය තිළිණයක්. තවත් සමහරෙක්ට ආදරයෙන් උරුම වෙච්චි විරහවත් මහා උරුමයක්. තවත් සමහරෙක්ට ආදරය කියන්නේ ආත්ම පූජාවක් ඔබ සැමගේ ඉල්ලිම මත මා ඔබට තිළිණ කරන්නට යන මේ අනගිභවනීය කොරියානු ප්‍රේම වෘතාන්තයත් එවන් ආත්ම පූජාවන් අතර දෝලනය වූ ජීවිත අන්දරයක්. අනේක විධ හැල හැප්පිම්, ගැටුම්, මතභේද වලට මුහුන පාමින් මේ ආදරවන්තයින් ගමන් කළ අති දුෂ්කර මාර්ගයේ මග දිගට ඔවුන් ඇහිදිමින් ගියේ තමන්ගේ හිමිකමම පමණයි. ඒ උරුමය හමුවේ, තවත් සමූහයකගේම ජීවිත නොසිතු නොවිරු ලෙසින් උඩුයටිකුරු වුනේ ඇසිල්ලකින්. නිමේෂයකින්.
තවත් අටුවාටිකා දිගහරිමින් ඔබව කුතුහලය වෙහෙසන්නට මගේ බලාපොරොත්තුවක් නැහැ. සංවේදි කොරියානු ටෙලි කතා සම්ප්රදායේ තවත් එක් සටහනක් වන A THOUSAND DAYS PROMISE මගේ මීළග උපසිරැසි නිමැවුම රසික ඔබ උදෙසා තිළිණ කරන්නටයි මගේ අරමුණ. බයිස්කෝප් හා ඔබ සදහා හොදම ප්රමිතයකින් හෙබි යමක් දෙන්නට ගත් උත්සාහයේ තවත් පියවරකි මේ.
A THOUSAND DAYS PROMISE…
ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී හා විවාහ ගිවිසගෙන අවසානයි. ඔහුගේ හා යැං ජීගේ විවාහය කුඩා කලම දෙපවුලේ දෙමාපියන් විසින් තීරණය කල දෙයක්. එහෙත් පාක් ජී යුන් හදවතින්ම ආදරය කළේ, ආදරය කරන්නේ සී යුන්ට පමණයි. ඔහුගේ ලෝකයේ ආදරය හිමි ඇයට පමණයි. එහෙත් මේ ප්‍රේමය එතැන් පටන් විවිධ හැලහැප්පීම්වලට මුහුන දෙනවා. පාක් ජී යුන් ඔහුගේ ධනවත් පවුල හැරදා පැමින තමන් හා දුක් ගැහැට විදිනවා දකින්නට සී යුන් කැමති නැහැ. ඒ නිසා ඈ ඔහු හා විවාහ වන අදහස අත්හැර දමනවා. පාක් ජී යුන් අසරණයි. ගිවිසගත් විවාහය ඔහුට අත්හැර දමන්නත් බෑ. මෙකී ජීවන අන්දරය එතැන් පටන් විවිධ මංපෙත් මාවත් ඔස්සේ ගමන් කරනවා. අන්න ඒ නිසයි මා මින් පෙර සදහන් කළේ උඩියටිකුරු වන්නේ මේ ප්‍රේමවන්තයින්ගේ ජීවිත පමණක් නොවන වග. එපමණක් නොව, සියල්ලන් වික්ෂිප්ත කරමින්, සියල්ලන් මවිත කරමින් සී යුන්ගේ ජීවිතය ඇගෙන් ඇගිලි තුඩු අගින් ගිලිහෙන්නට ගන්නවා. මතකයේ ඇති සියල්ල මැකී යන ‘‘ඇල්සයිමර්‘‘ නම් භයානක රෝගයේ අනසකට ඇය නතුවන්නේ මේ අතරතුරේදියි.
ලබැදි පාඨක ඔබට මා පවසන්නේ මෙපමණයි. මින් ඉදිරියට කොටසින් කොටස ඔබේ ඇස් මානයේ දිගහැරෙන මේ අසීමාන්තික, සංවේදි ප්‍රේම වෘතාන්තයට ඔබ ආදරය කරනවා නිසැකයි. ඉතින් අත්විදින්න මේ ආදර තිළිණය. එකී චරිත තුල ජීවත් වී මා අකුරු කරමින් උපසිරැසි ගැන්වූ A THOUSAND DAYS PROMISE කොරියානු ටෙලි සිත්තම.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
490 MB කොපිය මෙතනින් බාගන්න 95691112d1fccd141d9fe0838223205053401330 150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න acadd185d26bee250fd10560a76f734941c17156 150 MB (3.0 GB) කොපිය බාගැනීම සඳහා එම අඩවියේ ලියාපදිංචි විය යුතුය. ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,586 downloadsDownload A-Thousand-Days-Promise-2011-E01.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
58 comments
dilan
kalinga
තවත් අගනා වැඩක් මේවා නම් මැක්සා
yasas
thanks meyka pattama love story akak macho pin meykata sub damma akata
naleen
supirima thama pathum kawadath wage
Bandula
patta wadak thama
shann
නියමයි බලන්න ගන්න ඕනේ මේක නම් නියමම ආදර කතාවක්
quik
thanks
නලින්
ස්තුතියි පැතුම් සහෝ.. තවත් සුපිරි අදාරණිය කථා මලාවක් රැගෙන ආවට.
ජය වේවා!
h[A]s
අනිවා මේ කොරියන් කතා ජීවිතය ගැන නියමෙට පෙන්නනවා ඔයාට තුති!!!
wow
wow,, maru :D
සoජය
මෙන්න නියම වැඩක් පටන් අරගෙන තියනව, දිගටම මේ වැඩ කටයුතු කරගෙන යෑමට ශක්තිය ලැබේවා.
Isuru Madushan
thawath adaraneeya kathawakata atha gahala thiyenne ahenm digatama demu macho
upali
ela ela ela
shanaka
ela ela,digata danna,thankz macho sub walata
ganidu
තැන්ක්ස් වේවා!!
tharanga
නියමම වැඩක් තමා හදවතට දැනෙන දේවල් හුගක් කොරියානු සිනමාව තුල අන්තර්ගතයි මේ වගේ ඒවාට සබ් දාන එක නම් සුපිරිම දෙයක්
දිගටම දෙමු ජයම වේවා පැතුම්!
chamath cafe
මේක නම් නියමා,,,,,,,,,,,,,,,,,,යි සහෝ
ccnp
Thanks
pubudu
ela onna banna damma saho :)
fd
tx pathum
Chathura Madusanka
patta machan...menna mekai ape baiscope eke tiyena wenasa....oya wage aya innakam chiran jayathu tama.
shkthi
korean drama ඔක්කම එකවගේ බන් එක කෙල්ලට හැම වෙලේම කොල්ලෝ දෙන්නෙක් love කරනවා ,නැත්නම් එක කොල්ලට කෙල්ලෝ දෙන්නෙක් love කරනවා ,අන්තිමට එකෙක් හරි මැරෙනවා. හැබයි ඉතින් කතාවනම් සුපිරි අන්ද අන්ද හරි බලන්න පුළුවන්. :D ,මචෝ මම උබට සුබපතනවා අපි වගේ korean drama බලන උන් වෙනුවෙන් best of luck :D :D:D
amila
jaya wewa ape baiscope akata
Danushka Jayasundara
150 MB download links are not working because site registration limit was exceeded
vernie
wow
NPDJz
jaya wewa onna down wenawa balala kiannam kohomada kiala
කේ.යූ.ජී. උදාර
නියමයි පැතුම්............
ඊළඟ කොටසත් ඉක්මනට ම ගේන්න.
සිංහල සබට බොහොම ස්තූතියි.dushman
menna ayth aluth paharak bassala
baiscope 1 ta sada jaya
gdak pin sahooome
Thanks
dzone
ane yaluwane mata torrent file eka ewannko kawru hari 150mb eka. asia torrent eken download wenne neh.\maxi get kiyala software ekak install wenne torrent eka wenuwata. plz help me frieds.
senuri
jaya wawa aiya,,marai marai..supiri wadak,godaaak thanks ma waga korean katha gnwata,jayan jaya!!
janaka wickramasinghe
ස්තුතියි පැතුම්. තව සුපිරි කථා මලාවක් රැගෙන ආවට.
ජය වේවා! දිගටම මේ වැඩ කටයුතු කරගෙන යෑමට ශක්තිය ලැබේවා.....දිනිඳු සම්පත්
පැතුම් සහෝ දැන් ආසියාතික සිනමාවට බැහැලා වගේ...
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගන්නවා.. අපේ නෝනා මේ චීන-කොරියන් ඒවා අතඅරින්නෙ නෑ.manoj
thanks lot
Anjana
thanks
“චූටී මල්ලි”
පට්ටම ලව් ස්ටෝරියක් වගෙ
කොටස් 30 වගෙ ඇති මයෙ හිතෙ
එල එල
ඔක්කොටම දෙන්න හැකි වෙන්න කියලා පතනවා
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. තවත් අලුත් එකක් අරන් ඇවිත් වගේ. ජය෴෴ :P :P
Thisara NEO
thanks saho
ajja
150mb ගන්න ක්‍රමයක් කියනවද ?
රෙගිස්ටර් වෙන්න බැහැ.
Invite OnlyAsia Torrents is invite only due to members reaching our limit.
Please join our sister sites -
- AnimeTorrents.me (new)
- YourExotic - Asian Adult Movies
- EuTorrents.phsha
mechchara action film tyeddi mkada me mala ilawakta sub danta hitune
mudiya / මුදියා
හපොයි හපොයි.මෙන්න තවත් පට්ට එකක් දීල අපේ පැතුම.තාම කලින් දුන්න එක බලල ඉවරත් නෑ.මේකත් අනිව බලනව.නියමයි නියමයි.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!
Ajja
ඔන්න දෙවෙනි 1 බැලුව....... බෝම පින්....... ආ කට්ටියට 150mb එක ගන්න direct link ක්‍රමයක් මට හම්බ උනා මේක එකක් මම කොටස් 20ම ගත්තේ මෙතනින්
file:///H:/FILMS/A%20Thousand%20Days%27%20Promise%20%282011%29%20%C2%BB%20Towdownload%20Free%20Download.htmtharindu
playfull kiss korean drama ekat danna ko plzzzzzzzzzzzzzz
tharindu
pathum playfull kiss korean teledrama ekat dannakoo
Vidura
අනේ මගේ මේල් එකට මේකේ ටොරන්ට් ෆයිල් එක එවන්න. රෙජිස්ටර් වෙන්න බෑ . ඒකයි
Vidura
Achintha sameera
පැතුම්
අතුකෝරල thanks macho sub ekata pelak then wala tikak sub ne eth kamak ne mehema hari dunnane,jaya wewa...nalaka
තෑන්ක්ස් පැතුම්
jayan chamal
kelinma 150 eke torrent eka upload karannako appa link eka danne nathuva site eka case
admin dannaaaaaaaaDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍herry
150mb ගන්න ක්‍රමයක් කියනවද ?
රෙගිස්ටර් වෙන්න බැහැ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thawath supiri wadak wage macho niyamai