Watch Trailer

Adolescence [S01 : E01] Sinhala Subtitles | නව යොවුන් වියේ අදුරු පැතිකඩක්!

Adolescence Sinhala Subtitles Written by :- Jack Throne, Stephen Graham Genre :- Crime, Psychological drama Episode Count :- 4 IMDB :- 8.3/10 Rotten Tomatoes :- 99% බයිස්කෝප් වාසින්ට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2025 මාර්තු වල Netflix හරහා විකාශනය ව…

Adolescence Sinhala Subtitles

Written by :- Jack Throne, Stephen Graham Genre :- Crime, Psychological drama Episode Count :- 4 IMDB :- 8.3/10 Rotten Tomatoes :- 99% බයිස්කෝප් වාසින්ට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2025 මාර්තු වල Netflix හරහා විකාශනය වුනු Adolescence කියන Mini-siries එකටයි. Episode 4 කට කඩපු කතාවේ පළවෙනි කථාංගයට තමයි මං අද උපසිරැසි ලබා දෙන්නේ.  සාරාංශයක් විදිහට කිව්වොත්, මේ කතාව මෑත කාලයේ වෙච්චි සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාවේ Theme එක වුනත් යන්නේ මෑත කාලේ Generation එකේ Online Social media, Bullying, Radicalism වල ප්‍රතිවිපාක නිසා කේටි කියන අවුරුදු 13 ගෑණු ළමයෙක්ට අත්වෙන ඉරණමක් ගැනයි. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ජේමි මිලර් කියන ළමයයි. එයාව පොලීසියෙන් අතඩංගුවට ගන්නවා එයාගෙ classmate, ඒ කියන්නේ කේටිව ඝාතනය කරා කියලා සැකපිට. ඇත්තටම එයා මේ කේටි කියන කියන කෙල්ලව ඝාතනය කරාද නැද්ද කියන එකනම් ඔයාට කතාව බලලම තීරණය කරන්න වෙනවා.  Adolescence එකේ විශේෂ දේවල් ගැන කතා කරනවනම් මුලින්ම කියන්න ඕන දේ තමා මේකේ එක Episode එකක් කියනේ One continuous shot එකක්. ඒ කියන්නේ ඒ සම්පූර්ණ එපිසෝඩ් එකම තනි Shot එකකින් තමා Shoot කරලා තියෙන්නේ. අතරින් මැදින් කිසිම Transition එකක්, CGI වත් නැතුව තමා මේ වැඩේ එයාලා කරන්නේ. ඉතින් හිතන්නකෝ පැයක එපිසෝඩ් එකක් එක Single shot එකකින් ගන්නවා කියන්නේ…. වැරදුනොත් ඉතින් ආයෙ මුල ඉඳන්ම තමා. තව ඒ වගේ Shot එකක් ගන්න Cast එකට තියෙන්න ඕනේ හැකියාව. ජේමිට පණ පොවන Owen Cooper ගේ පළවෙනිම නිර්මාණයේදී ඒ වගේ Shooting එකක් කරනවා කියන්නේ හිතන්නකෝ ඉතින් පොරගේ ටැලන්ට් එක. ජේමිගේ තාත්තාට පණ පොවන Stephen Graham ගේ Acting Skills ත් මාර ලස්සනයි. තව, තුන්වෙනි Episode එකේදි ජේමිගෙයි Child Psychologist ටයි පණ පොවන Erin Doherty ගෙයි කතාබහ එහෙම මාර Intense. සාමාන්‍ය නිරන්තරයෙන්ම දකින්න හම්බෙන Plot එකක් වගේ වුනාට ඒ කතාව Build up කරගෙන යන වැඩේ මාර ලස්සනයි. ඉතින් එහෙනම් වැඩි බයිලා ඕනේ නෑ. මේ කතාව බලලා රසවිඳින්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුභ දවසක්.

Adolescence Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

1,907 downloadsDownload Adolescence-S01E01.zip36 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Previous BT1

 

 

Adolescence Sinhala Subtitles

Subtitles by

දෙනුර වීරසිංහ

Subtitles

1,907 downloadsDownload Subtitles36 KB

4 comments

  1. Lasitha Dilshan

    Anith tikath one bro

  2. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට වගේම මේ වැඩේට සහභාගී වුණාටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. කේසර විතානගේ

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    සිංහල උපසිරැසියට ස්තූතියි.

  4. Buddhika laKMal

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචං...
    මේකට සබ් දුන්නට ස්තූතියි මචං..........