Watch Trailer

Adolescence [S01 : E02] Sinhala Subtitles | ඝාතනයේ වැඩි දුර විස්තර සොයා…

Adolescence Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Adolescence කතා මාලාවේ දෙවෙනි කතාංගය. කලින් එක ඔයාලය දෙනුර මල්ලි අරගෙන ආවනේ. එහෙනම් අපි මේ කොටස ගැන ටිකක් බලමු. මේ කොටසෙ වෙන්නේ, මිනීමැරුම වෙලා දවස් තුනකට පස්සේ කතාව. ජේමිව දැන් සැකපිට අත්තඩංගුවට අරන් ඉන්නේ. ඔහුට විරුද්ධව තියෙන්නේ සීසීටීවී කැ…

Adolescence Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Adolescence කතා මාලාවේ දෙවෙනි කතාංගය. කලින් එක ඔයාලය දෙනුර මල්ලි අරගෙන ආවනේ. එහෙනම් අපි මේ කොටස ගැන ටිකක් බලමු.

මේ කොටසෙ වෙන්නේ, මිනීමැරුම වෙලා දවස් තුනකට පස්සේ කතාව. ජේමිව දැන් සැකපිට අත්තඩංගුවට අරන් ඉන්නේ. ඔහුට විරුද්ධව තියෙන්නේ සීසීටීවී කැමරා දර්ශනයක් විතරයි ඔහු ඒක කරනවා. හැබැයි ඒක කරේ ඇයි කියන්න හේතුවක්, ඝාතනය සිදු කරපු අවිය(පිහිය) තාම හොයාගෙන නෑ. මේ වගේ භයානක අපරාදයකට නඩු පවරන්න නම් සීසීටීවී කැමරා දර්ශන විතරක් ප්‍රමානවත් මදි ඉහත කිව්ව දේවලුත් හොයාගන්න ඕනෙ. ඉතින් මේවා හොයාගන්න හිතන් ජේමීගේ ස්කෝලෙට පොලිස් නිළධාරී බැස්කම්බ් සහ ෆ්‍රෑන්ක් ගිහින් කෙරෙන විමර්ශනය මෙහිදී අපිට බලාගන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් හොලිවුඩ් ෆිල්ම් වලින් පෙන්නන තරම් ඒ රටවල ස්කෝල විනෝද නෑ කියලත්, ඒ ස්කෝල වල තියෙන අඳුරු පැතිකඩත් මේ කොටසෙදි හොඳට පෙන්නලා තියෙනවා. එහෙනම් ඔයාල බලලාම මේ දේවල් දැනගන්නකෝ.. මෙයාලට ජේමී මේ අපරාදේ කරේ ඇයි කියන චේතනාව වගේම ඝාතන අවියත් හොයාගන්න පුළුවන් වෙයිද කියලා.

මේක ඇවිල්ලා අපෙන් ඔයාලට අවුරුදු තෑග්ගක්. කාලෙකින් Netflix එකට ආපු විශිෂ්ට වැඩක්. IMDb දර්ශකෙත් මනාප 152,000 අධික ප්‍රමානයකින් 8.3 ඉතාම ඉහල අගයකුත් කුණු තක්කාලි 99% ඉතාමත් ගුණාත්මක ප්‍රතිශතයකුත් ගන්න මේකට හැකිවෙලා තියෙනවා. මීට වඩා තවත් වැඩි විස්තර අපේ අනිත් සහෝදරවරු එයාලගේ ලිපි වලින් සඳහන් කරලා ඇති, ඒ නිසා මං අමුතුවෙන් ඒවා ගැන ආයෙ මතක් කරන්න යන්නෑ. අනිවාරෙන් නැරඹිය යුතු කතාවක් කියලා විතරක් කියන්නම්, අපි මේකට උපසිරැසි ගෙනාවෙත් ඒ නිසාමයි.

මේකට අපි උපසිරැසි කරමුකෝ කියලා අදහස ගෙනාවෙත් ඉංග්‍රීසි වැඩකට අත ගහන්න සෑහෙන්න අදිමදි කරන අපේ මයුර අයියා. ඊට පස්සේ සමාජ මාද්‍යවලත් සෑහෙන්න ඉහල ගුණාත්මක ප්‍රතිචාර සමග මේක ඉහලට ආවා. විශේශයෙන්ම ඔයාල දන්නා බ්ලොක් ඇන්ඩ් ඩීනෝ යූටිටුබ් නාලිකාව කරන ගෙහාන් බ්ලොක් පවා මේක සුපිරිම මාස්ටර්පීස් එකක් යනුවෙන් රිවීව් පල කරලා තිබුණා. ඉතින් ඒ තරම් හයිප් එකක් හැදුන මේ වගේ ගුණාත්මක වැඩකට අපි අත නොගැහුවොත් ඒක ලොකු මදි පාඩුවක් වෙන නිසා මෙන්න මේ විදිහට අපි මේක ඔයාලට අරගෙන එනවා රවිඳු හේෂාන් සහෝදරයාගෙද ආරාධනය ඇතුව. එහෙනම් මේකට දායක වුණ සෑම සහෝදරයෙක්ටම ස්තූතියි වෙන ගමන්, මම සමුගන්නවා. මීලඟ කොටස ඔයාලට අපේ යුරාන් සහෝ ගෙනෙයි. ජයවේවා!

Adolescence Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

1,764 downloadsDownload Adolescence-S01-E02-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Previous BT1

 

 

Adolescence Sinhala Subtitles

Subtitles

1,764 downloadsDownload Subtitles24 KB

3 comments

  1. Anonymous

    digatama genna bro

  2. Buddhika laKMal

    ස්තූතියි බිම්සර සහෝ සබ්එකට

  3. Tharindu

    sthuthi

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.