Watch Trailer

AFRICA (2013) [E05] with Sinhala Subtitles | අප්‍රිකාව…. වනගත මහද්වීපය [සිංහල උපසිරසි සමඟ]

අප්‍රිකාව….. වනගත මහද්වීපය…… ග්‍රහලොව මත වඩාත්ම විවිධත්වයක් ඇති ස්ථානය…. කාන්තාර, තෘණභූමි හා වනාන්තර වගේම සුවිශේෂ අප්‍රිකානු වනජීවීන්, සුන්දර, විස්මයජනක, දුලභ මෙන්ම සංවේදී දසුන් ඇතුලත් මෙය, 2013 වසරේ දී BBC නාළිකාවේ විකාශය කරන ලද කොටස් 6 කින් යුත් කෙටි වාර්තා වැඩසටහනකි. මෙම වැඩසටහන IMDB දර්ශකයේ 9.2…

Africa (TV-MiS-2013)-1

අප්‍රිකාව….. වනගත මහද්වීපය…… ග්‍රහලොව මත වඩාත්ම විවිධත්වයක් ඇති ස්ථානය…. කාන්තාර, තෘණභූමි හා වනාන්තර වගේම සුවිශේෂ අප්‍රිකානු වනජීවීන්, සුන්දර, විස්මයජනක, දුලභ මෙන්ම සංවේදී දසුන් ඇතුලත් මෙය, 2013 වසරේ දී BBC නාළිකාවේ විකාශය කරන ලද කොටස් 6 කින් යුත් කෙටි වාර්තා වැඩසටහනකි. මෙම වැඩසටහන IMDB දර්ශකයේ 9.2/10 අගයක් ලබා ගෙන ඇති අතර ඇමෙරිකා, චීන හා ප්‍රංශ නාළිකාවල විකාශය කර තිබෙනවා. මෙම අප්‍රිකා වැඩසටහන වසර 4 ක් පුරා රූගත කර ඇති අතර සෑම කොටසක් අවසානයේ ම eye to eye නමින් විනාඩි 10 ක පමණ රූගත කිරීමේ අත්දැකීම් පිළිබඳ විස්තරයක් ඇතුලත් කර තිබෙනවා. තව මගේ පරිවර්තනය ගැන කිවුවොත් දෝෂ අඩුපාඩු ඇති… කරුණාකර ඒවා නොසළකා හරින්න.

ඉතින් සොබාදහම පිළිබඳ වාර්තා වැඩසටහන් නැරඹීමට කැමති අය සඳහා එක් එක් කොටස ගැන කෙටි හැඳින්වීමක් මෙන්න…….

01. කලහාරි (Kalahari) 

නිරිතදිග අප්‍රිකාවේ වනජිවීන් සහ භූදර්ශන පිළිබඳ. ප්‍රථම වරට ස්ටාර්ලයිට් කැමරා භාවිත කරමින් කළු රයිනෝවන්ගේ හැසිරීම් නිරික්ෂණය කිරීම, කාන්තාර ජිරාෆ් ඇතුළු සුවිශේෂ සතුන්ගේ චර්යාවන්, නැමීබියාවේ අද්භූත වෘත්ත, භූගත පොසිල ජලය රැඳි අති විශාල මකරාගේ සුසුම් ගුහාව ආදී දෑ පිළිබඳ.

Eye to eye – කළු රයිනෝවන් සහ ජිරාෆ් සටන රූගත කළ අවස්ථාව.

02. සැවනා (Savannah) 

නැගෙනහිර අප්‍රිකාවේ විශාල තෘණභූමි, යමහල්, රුවෙන්සෝරි ග්ලැසියර් කඳු මුදුන්, ලවණ විල්, මහා පැළුම් නිම්නය, විල්ඩබීස්ට් සතුන්ගේ සංක්‍රමණය, ඇම්බොසලි තැන්නේ අලි, කඳුකර ගෝරිල්ලන් සහ මෙම කටුක පරිසර තත්ත්වයන් තුළ ජීවීන් තම ජීවිතය රැක ගැනීමට දරණ උත්සාහයන් ආදී දෑ පිළිබඳ.

Eye to eye – ඉඩෝරය නිසා මිය යමින් සිටින අපි පැටවෙකු රූගත කළ අවස්ථාව සහ රුවෙන්සෝරි කඳු මුදුනට ගිය ගමන.

03. කොන්ගො (Congo)

අප්‍රිකාවේ මැද….සමක‍ය ආසන්නයේ අප්‍රිකානු කොන්ගො ද්‍රෝණියේ සාරවත් වැසි වනාන්තර තුළ සිදුවන පැලෑටි අතර ආලෝකය සඳහා වන තරඟය, මීපැණි සොයන චිම්පන්සීන්, පිකතාටි කුරුල්ලන්, අලි ගම්මානය සහ කොන්ගො වනය සයුර හමුවන තැන ආදී දෑ පිළිබඳ.

Eye to eye – කොන්ගෝවේ රූගත කිරීම්වල දුෂ්කරතාවයන් පිළිබඳ.

04. කේප් (Cape) 

එකිනෙකට වෙනස් වූ දියවැල් දෙකක බලයට මැදිවුණු දක්ෂිණ අප්‍රිකාව, මාබු කඳුවැටියේ සමනළුන්, අප්‍රිකානු පෙන්ගුවින්, ග්‍රේට් වයිට් මෝරුන්, කොළ කැස්බෑවන් සහ springbok නර්ථනය ආදී දෑ පිළිබඳ.

Eye to eye – නැගෙනහිර අප්‍රිකාවේ කොමරෝස් දූපත් හි කොළ කැස්බෑවන්ගේ පළමු මිනිත්තු කිහිපය රූගත කළ අවස්ථාව.

05. සහරා (Sahara) 

ලොව විශාලතම කාන්තාරය…ග්‍රැවි සීබ්‍රාවන්, නග්න මොලි මීයන්, සහරාව හරහා යුරෝපය දක්වා සංක්‍රමණය වන වටු කුරුල්ලන්, කාන්තාර කිඹුලන්, ගමන් කරන පුනරුත්පත්ථි පැලෑටි, හරිත යුගයෙන් ආ සත්ත්ව කැටයම් සහ ගිනිගහන මධ්‍යහ්නයේ කෑම සොයන රිදී කුහුඹුවන්, ගී ගයන වැලි කඳු ආදීය පිළිබඳ.

Eye to eye – මාස 18 තිස්සේ ටියුනිසීයාවේ චලන වැලි කඳු රූගත කළ ආකාරය සහ ඊජිප්තුවේ රිදී කුහුඹුවන් රූගත කිරීම.

06. අප්‍රිකාවේ අනාගතය (The Future) 

හොර දඩයම් කිරීම, දේශගුණ වෙනස්වීම, අප්‍රිකා ජනගහන වර්ධනය ආදී කරුණු නිසා අප්‍රිකානු වනජීවයට ඇති බලපෑම්, කළු රයිනෝවන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන් රැක ගැනීම සඳහා පරිසරවේදීන් හා විද්‍යාඥයින් දරණ උත්සාහය, මසායි ගෝත්‍රකයින් සමඟ එක් වී සිංහයින් ආරක්ෂා කිරීම, කොල කැස්බෑ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආදී දෑ පිළිබඳ.

Eye to eye – එල්විස් නැමැති රයිනෝ සහ අන්ධ රයිනෝ පැටවාගේ කථාව රූගත කළ අවස්ථාව සහ David Attenborough මහතාගේ හා රයිනෝ පැටවාගේ සුහද සාකච්ඡාව

දුර්ලභ වන සතුන්….
අවසාන වන වෙරළවල්….
අඳුරු වන රහස්…….
සැහැසිකම……
සුන්දරත්වය….
ප්‍රතාපය….
නොදුටු දසුන්…
නොකියු කතන්දර….
අප්‍රිකාව………

ඔන්න දැන් ඉතින් කට්ටියටම පුළුවන් David Attenborough සමඟින් අප්‍රිකාවේ සංචාරය කරන්න……..

AFRICA (2013) on IMDb

 

 

418 MB (2.94 GB) කොපිය මෙතනින් බාගන්න

9BC5EEC06F619286F9B0D65E994556ACFC22D7D9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

698 downloadsDownload AFRICA-2013E05.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

698 downloadsDownload Subtitles28 KB

10 comments

  1. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මේකත් ගත්තා...............
    සිංහල සබට බොහොම ස්තූතියි සජීවි.

  2. Bhanuka

    Ela ela... sub ekata thanx.
    onna bawa...
    keep it up...
    jaya wewa.

  3. Dimuthu

    Thank you!

  4. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි සජීවී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සජීවී සිංහල උපසිරැසියට. ජය වේවා෴

  8. HNS' Harsha

    Thanks saho.... :) (y)

  9. ද' ෆ්ලෑෂ් අකුණු පහර

    බොහොම ස්තූතියි සහෝ....!!!!

    BBC.David.Attenboroughs.Africa.2013
    MiXED
    SIZE.........: 502MB (avg) x 6=2.94GB
    Resolution...: 720x404
    Cotainer...: mp4
    Video........: x264 @~1000Kbps (var
    per Episode)
    FPS..........: 25
    Audio........: AAC 2.0 @~130Kbps
    (except E01 which has AAC 5.1 @
    330Kbps)
    Language.....: English
    Subtitles....: English (separate.srt

    Episode line....
    https://userscloud.com/go/3aw1dpw94d2p/

  10. Waruna Kamalawansha

    නියම වාර්තා වැඩසටහනක්.... බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට