Watch Trailer

Agatha All Along [S01: E01] Sinhala Subtitles | මාවල් විශ්වයේ යක්දෙස්සියන්ගේ ආගමනය [සිංහල උපසිරසි]

Agatha All Along Sinhala Subtitles කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම… ඔන්න එහෙනම් මාවල් ෆෑන්ස්ලා මඟ බලාගෙන හිටපු අලුත්ම ටීවී සීරීස් එක අරගෙන ආවා. වැඩේ කරන්න හිතුවට වඩා කල් ගිය එකට කණගාටුව ප්‍රකාශ කරන්නත් ඕන. චුට්ටක් පරක්කු උනත් මට පුද්ගලිකව විශේෂ දවසක තමයි ඔයාලට මේක අරන් එන්න අවස්ථාව ලැබුනේ. ඒ මොකක්ද කිව…

Agatha All Along Sinhala Subtitles

කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම… ඔන්න එහෙනම් මාවල් ෆෑන්ස්ලා මඟ බලාගෙන හිටපු අලුත්ම ටීවී සීරීස් එක අරගෙන ආවා. වැඩේ කරන්න හිතුවට වඩා කල් ගිය එකට කණගාටුව ප්‍රකාශ කරන්නත් ඕන. චුට්ටක් පරක්කු උනත් මට පුද්ගලිකව විශේෂ දවසක තමයි ඔයාලට මේක අරන් එන්න අවස්ථාව ලැබුනේ. ඒ මොකක්ද කිව්වොත් අද තමයි මගේ හැපී බර්ත්ඩේ එක නොහොත් උපන් දිනය. ඉතිං උපන්දිනය දවසේ උපසිරසියක් තිළිණ කරන එක අපේ බයිස්කෝප් පවුලේ සම්ප්‍රදායයක් වගේ දෙයක්. ඒ නිසා මාත් හිතුවා එදාට ඔයාලට Agatha All Along කතා මාලාව දුන්නනම් හොඳයි කියලා. ඉතිං මේ කතා මාලාවා MCU එකේ Phase Five එකට ආදාලව තමයි නිර්මාණය වෙන්නේ. ඔයාලා WandaVision කතාමාලාව නැරඹූවනම් ඇගතා හාක්නස් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. ඇගතා ගැන වගේම මේ කතාමාලාව ගැනත් සවිස්තරාත්මක ලිපියක් අපේ කොමික් ප්‍රවීනයෙක් වෙන සනූප රන්මෙත් මල්ලි ඔයාලට ගෙනල්ලා දේවී.

Agatha All Along Sinhala Subtitles

ඉතින් අද අපේ යුරාන් අයියා ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ Marvel සහ Disney Plus එකමුතුවෙන් නිර්මාණය වුණු අලුත්ම සීරිස් එක වන Agatha All Along කියන කතාමාලාවේ සිංහල උපසිරසි යි. මේක තමයි MCU එකට සම්බන්ධ, Disney Plus හරහා නිකුත්වන 11 වෙනි කතා මාලාව.

2021 කියන්නේ මාවල් සිනමා විශ්වයට, නැත්නම් MCU එකට, විශේෂ අවුරුද්දක්. මොකද මේ අවුරුද්දේ තමයි මෙතුවක් කල් චිත්‍රපටි පමණක් නිෂ්පාදනය කරපු Marvel Studios, තමන්ගේ පළවෙනි TV Series එක නිකුත් කරන්නේ. ඒ, WandaVision නමින්. ඉතින් මේක ලොවපුරා ඉන්න මාවල් රසිකයන්ට අලුත් අත්දැකීමක් වුණු නිසා WandaVision එක හිට් සීරිස් එකක් බවට පත්වුණා. ඒ කාලේ මේ සීරිස් එක වටා තිබුණ හයිප් එක කට්ටියට මතක ඇති කියලා හිතනවා.

එපිසෝඩ් 9ක් පුරාවට දිවුණු WandaVision කතාමාලාවේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය විදියට අපට දකින්න ලැබුණේ Agatha Harkness කියන මායාකාරියයි. ඉතින් WandaVision කතාමාලාව හිට් සීරිස් එකක් වීම වගේම Kathryn Hahn ගේ රංගනය නිසා ඇගතා fan-favourite චරිතයක් බවට පත්වීමත් සමඟ Agatha All Along නමින් නව mini-series එකක් නිෂ්පාදනය කරන්න තීරණය කරල තියෙන බවට මාවල් ආයතනය නිවේදනය කළා. ඒවගේම මේ කතාමාලාවේ ටයිටල් එක මීම් එකක් වෙන තරමටම කීප සැරයක්ම වෙනස් කරපු එකක්. Agatha: House of Harkness, Agatha: Coven of Chaos, Agatha: Darkhold Diaries සහ Agatha: The Lying Witch with Great Wardrobe වගේ ටයිටල් කීපයක්ම නිවේදනය කරත් අන්තිමට ඔරිජිනල් ටයිටල් එකෙන්ම කතාව නිකුත්වෙලා තියෙනවා. හිනාවෙන්න එපා, විපතක්නේ වෙලා තියෙන්නේ .

MCU/Disney Plus කතාමාලාවල කොලිටිය එන්න එන්න අඩු වෙච්ච නිසා (Loki වගේ කතාමාලා කීපයක් ඇරුණාම) මේ සීරිස් එකට තිබුණු හයිප් එක සෑහෙන්න අඩු වුණාට මේක IMDb දර්ශකයේ 7.3ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 83%ක අගයකුත් ගන්න සමත්වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් මටත් තාම සීරිස් එක බලන්න බැරි වුණා, ඉතින් කතාව කොහොමද කියන එක මටත් බලලම තමා හොයාගන්න වෙන්නේ.

Agatha Harkness කියන්නේ බොහොම පරණ කැරැක්ටර් එකක්. මෙයාව නිර්මාණය කරන්නේ legendary Stan Lee සහ Jack Kirby විසිනුයි. ඒ, 1969 අවුරුද්දෙදී. මෙයාව පළවෙනියටම අඳුන්වලා දෙන්නේ Fantastic Four #94 කියන කලාපය තුළිනුයි. ඊට අඩසියවසකට විතර පස්සේ තමයි 2021 Wandavision කතාමාලාව තුළින් මෙයාගේ live-action debut එක බලාගන්න පුළුවන් වෙන්නේ. එයාගේ අතීතයත් යම් තරමකට අපට වන්ඩාවිෂන් තුළින් බලාගන්න ලැබුණා. Wandavision කතාමාලාවේදී මෙයාට අයිතිවෙලා තිබුණා Darkhold කියන අඳුරු මායාවන්ගෙන් පිරුණු පොතක්. ඒවගේම කතාමාලාව අවසානයේ වන්ඩා එයාව පැරැද්දුවට පස්සේ, වන්ඩා එයාගේ මතකය අමතක කරලා සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙන්න බන්ධනයක් කළා. ඉතින් මේ කතාමාලාවේ අපට බලාගන්න පුළුවන් ඒ බන්ධනයෙන් මිදෙන ඇගතා ඊළඟට කරන්නේ මොනවද කියන ටික.

එහෙනම් කට්ටිය කතාමාලාව බලන්නකෝ. ඒවගේම යුරාන් අයියට විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ මේ සීරිස් එකට උපසිරසි අරගෙන එනවට. අද ඉඳන් දවසක් ඇර දවසක් මේ කතාමාලාව සයිට් එකේ පළවේවි. එහෙනම් හැමෝටම සුබ දවසක්. පීස් ✌️.

කතාංගය ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඔයාලා මේක බලන්න ගන්නවනම් ඊට කලින් අනිවාර්යෙන්ම WandaVision සීරිස් එක නරඹලම ඉන්න ඕන කියලා මතක් කරලා ඉන්නවා. එහෙනම් උණු උණුවෙම පලවෙනි කොටස බලලා කොමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම කතා මාලාවේ අයිතිකාරයා උනේ අපේ සනූප මල්ලි. අවාසනාවට එයාගේ කාර්යබහුලත්වයත් එක්ක මේ සීරීස් එක කරන්න වෙන්නේ නෑ කිව්ව නිසා තමයි මට මේක භාර උනේ. ඒ නිසා මට සීරිස් එකට් දීලා අහපු ගමන්ම වැඩ අස්සේ ලිපියකුත් ලියලා දුන්න සනූප මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ඇඩ්මින්තුමෙක් වෙන රවිදු හේෂාන් සහෝටත් විශේෂ ස්තූතියක් ලැබෙන්න ඕන. එහෙනම් මම යනවා, දෙවෙනි කොටසින් නැවත හමුවෙමු.

Agatha All Along Sinhala Subtitles


කතාංගයේ නම – “Seekest Thou the Road”

කතා රචනය සහ අධ්‍යක්ෂනය – Jac Schaeffer

විකාශය වූ දිනය – 2024 සැප්තැම්බර් 18

IMDb අගය – 7.3

මීළඟ කතාංගය – “Circle Sewn with Fate, Unlock Thy Hidden Gate”

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,796 downloadsDownload Agatha-All-Along-S01-E01-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Agatha All Along Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

2,796 downloadsDownload Subtitles17 KB

16 comments

  1. Nimashi

    Arcane s02 ekta subtitles dennko aiye

    1. Nirmal Vimukthi

      Denawa denawa.

  2. Nima

    Happy Birthday Boza..

  3. Anonymous

    happy birthday and thanx

  4. Buddhika laKMal

    හැපි බර්ත්ඩේ මචං......
    උපසිරැසියටත් ස්තූතියි.........

  5. SACHINTHA

    සුභ උපන් දිනයක් වේවා සහෝ..

    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තුතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  6. Anuja Lakshitha

    happy birthday mchn

  7. Anonymous

    Balala iwarai oyala sub daddi

    1. Nirmal Vimukthi

      Ane samawenna tikak parakku wunaata.

  8. Thushara

    නියමායී... ආදරෙයි❤️❤️❤

  9. Bimsara Yashan (ඔලිව)

    කිව්ව වගේම ඉක්මනින් උපසිරැසි දෙන්න අරන්නේ, ඒකත් විශේෂ දවසක. එහෙනම් සුභ උපන්දිනයක් වේවා යුරාන් සහෝ. සුභ පතන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනෙ. ජයවේවා!

  10. rumesh perera

    the penguin tv series ekatath sub dennako

  11. Sandeep Madushan

    Thanx & Happy Birthday ️

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  13. Thisara Prabhath Senarathne

    Thanks br0o

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.