Watch Trailer

Agatha All Along [S01: E07] Sinhala Subtitles | මම තමයි බිලී මැක්සිමොෆ් [සිංහල උපසිරසි]

Agatha All Along Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් අපි හත්වෙනි කොටස වෙනකන් ආවා. කතාමාලාවේ අවසානයට තව කොටස් දෙකයි ඉතුරු. ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා වගේම තව විසඳගන්න දේවලුත් තියෙනවා. කලින් කොටස සම්පූර්ණයෙන්ම වගේ වෙන් උනේ ටීන් නොහොත් විලියම් කප්ලාන් වෙනුවෙනුයි. විලියම් කප්ලන්ගේ ඇඟේ ඇ…

Agatha All Along Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් අපි හත්වෙනි කොටස වෙනකන් ආවා. කතාමාලාවේ අවසානයට තව කොටස් දෙකයි ඉතුරු. ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා වගේම තව විසඳගන්න දේවලුත් තියෙනවා. කලින් කොටස සම්පූර්ණයෙන්ම වගේ වෙන් උනේ ටීන් නොහොත් විලියම් කප්ලාන් වෙනුවෙනුයි. විලියම් කප්ලන්ගේ ඇඟේ ඇත්තටම ඉන්නේ වොන්ඩාගේ නිවුන් පුතෙක් වෙන බිලී මැක්සිමොෆ් බවත් අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම බිලීට දාලා තිබුන සිජිල් එක දැම්මේ කවුද කියලත්, පළවෙනි කොටසේ සිද්ධ උන පැටළුනු දේවල් ලිහාගන්නත් අපිට පුළුවන් උනා. ඒ වගේම වොන්ඩාවිෂන් කතාමාලාවේ හිටපු තවත් චරිතයක් වන රැල්ෆ් බෝනර්වත් අපි දැක්කා.

මේ රැල්ෆ් කියන විදියට ඇගතා රැල්ෆ්ව බන්ධනය කරලා එයාගේ ගෙදරත් අයිති කරගෙන එයාගේ බිරිඳ වගේ ජීවත් වෙලා තියෙනවා. ඔයාලට වොන්ඩා විෂන් කතාමාලවේ දෙවෙනි කොටස මතකනම් අර මැජික් සංදර්ශනය වෙලාවෙදි ඇගතාගේ සැමියගේ නම රැල්ෆ් කියලා ඇය කියනවා. ඒ වගේම වොන්ඩා විෂන් පවුලේ සුරතල් බල්ලා උන ස්පාකිව මරලා තියෙන්නෙත් රැල්ෆ්ම තමයි. මේ හැමදේම රැල්ෆ්ට කියලා බලෙන් කරගත්ත ඒවා නිසා මිනිහා දැන් මැජික් කියන නම ඇහුවත් බයෙන් ඉන්නේ. අන්තිමට අපි දැක්කේ මඩ ගොහොරුවෙන් එළියට එන ඇගතා එක්ක බිලී අකැමැත්තෙන් උනත් ආපහු මායාකාරියන්ගේ පාර දිගට යන විදියයි.

අද කොටස තමයි මේ කතාමාලාවේ ඉහළම අගයක් අරගෙන තියෙන කොටස. ඒ ඇයි කියලා ඔයාලට මේක බැලුවම තේරෙයි. පේන කියන මායාකාරිය නොහොත් ලිලියා සමහර වෙලාවට මෝහනය වෙලා වගේ අවස්ථාවට අදාල නොවෙන විකාර දේවල් කියනවා ඔයාලට මතක ඇති. අන්න ඒවගේ සම්බන්ධය අද අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම අද කොටස වෙන් වෙන්නේ ලිලියා තමන්ගේ පරීක්ෂනයට මූණ දෙන විදියෙනුයි. අද කතාව මුල මැද අග පොඩ්ඩක් පටලලා තමයි පෙන්නන්නේ ඒත් අන්තිමට ඔයාලට ඒ හැමදේම තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙනම් තවත් වැඩි විස්තර කියන්නේ නෑ. මීළඟ කොටසින් ඔයාලව හමුවන තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!

කතාංගයේ නම  –  “Death’s Hand in Mine”

කතා රචනය – Jac Schaeffer

අධ්‍යක්ෂනය – Gia King & Cameron Squires

විකාශය වූ දිනය –  2024 ඔක්තෝම්බර් 23

IMDb අගය – 9.1                                   

මීළඟ කතාංගය – “Follow Me My Friend / To Glory at the End”

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,489 downloadsDownload Agatha.All_.Along_.-S01E07.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Agatha All Along Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,489 downloadsDownload Subtitles18 KB

2 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤