Agatha All Along Sinhala Subtitles මාර්වල් රසික ඔබ සැමට සුබ දවසක් වේවා. ඔන්න එහෙනම් කතා මාලාවේ අවසානයටම අපි ඇවිත් ඉන්නේ. තව එක කොටසකින් පස්සේ කතාමාලාව ඉවර වෙන්නයි තියෙන්නේ. අවසානයට කලින් කොටස හැමවෙලාවේම තීරණාත්මකයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පසුගිය කොටස ගැන පොඩ්ඩක් කිව්වොත් මේ කතාමාලාවේ ඇතුලත්…

මාර්වල් රසික ඔබ සැමට සුබ දවසක් වේවා. ඔන්න එහෙනම් කතා මාලාවේ අවසානයටම අපි ඇවිත් ඉන්නේ. තව එක කොටසකින් පස්සේ කතාමාලාව ඉවර වෙන්නයි තියෙන්නේ. අවසානයට කලින් කොටස හැමවෙලාවේම තීරණාත්මකයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පසුගිය කොටස ගැන පොඩ්ඩක් කිව්වොත් මේ කතාමාලාවේ ඇතුලත් උන හොඳම කොටස කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවන්. ඒ කොටසින් ගොඩක් ප්‍රශ්න නිරවුල් උනා වගේම තවත් නොවිසඳුණු දේවල් කීපයකුත් තියෙනවා. කතාවේ මුල ඉඳලම ලිලියා සැරින් සැරේ කියවපු විකාර දේවල් එකතු කරලා බලද්දි එයා ඒ කියලා තියෙන්නේ අනාගතය ගැන බව අපි දැක්කා. ඒ වගේම ඇගතගේ හිටපු පෙම්වතිය වෙන රියෝ විඩාල් නොහොත් හරිත මායාකාරිය කියලා ඇත්තටම කියන්නේ “මරණය”ට කියලා ලිලියා කිව්වා වගේම ඇගතත් ඒක සහතික කලා. ලිලියා ඇයගේ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දුන්නා වගේම මායාකාරියෝ කට්ටියවත් බේරගත්තා. ඒත් ඒක කරන්න ලිලියට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ උනා වගේම ඇය මියයද්දි මුල ඉඳන්ම ඇගතගේ පස්සෙන් ආපු සේලම් සෙවන් කණ්ඩායමත් විනාශ කරන්න ඇයට හැකි උනා. අද කොටස ගැනනම් මුකුත්ම කියන්න යන්නේ නෑ. වොන්ඩාවිෂන් කතාමාලාවේ ප්‍රධාන දුෂ්ටවරිය උනේ අපේ ඇගතා හාක්නස්නේ, ඒත් එයාගේ කතාවෙදිනම් ප්‍රධාන දුෂ්ටයා විදියට අපිට හම්බෙන්නේ රියෝ විඩාල් නොහොත් ඩෙත්ව (මරණය)යි. ඉතිං ඒ චරිතය ගැන ඔයාලට පොඩි විස්තරයක් කියාගෙනම මාත් යන්නම්.
මරණය (Lady Death)
ඩෙත් එහෙමත් නැත්තම් මරණය කියන්නේ මාවල් කොමික් වෙනුවෙන් මයික් ෆ්‍රෙඩ්රිච් සහ ජිම් ස්ටාර්ලින් විසින් නිර්මාණය කරන ලද චරිතයක්. මැයව ලේඩි ඩෙත් කියලත් සමහර අවස්ථා වලදී හඳුන්වලා තියෙනවා. මෙයාව ප්‍රථම වතාවට අපිට දකින්න ලැබෙන්නේ 1973 ජුනි මාසයේදී නිකුත් Captain Marvel #26 කලාපයෙනුයි. “ඩෙත්” කියන්නේ මරණය පුද්ගලාරෝපණය මත පදනම් උන චරිතයක්. කොටින්ම කිව්වොත් මරණය කියන දේ පුද්ගලයෙක් විදියට පෙන්වීමක් තමයි මේ නිර්මාණකරුවන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. ගොඩක් නිර්මාණකරුවෝ මරණය කියන දේ චරිතවත් කිරීමෙදි ඒකට පිරිමි චරිතයක් දෙන්න උත්සුක වෙලා තිබුනත් මරණය නොහොත් ඩෙත්ව කාන්තා චරිතයක් විදියට හඳුන්වා දෙන්න මාවල් නිර්මාණකරුවෝ කටයුතු කරලා තියෙනවා. කොමික් වලදී මෙයා පෙනී ඉන්නේ හිස් ආවරණයක් සහිත කළු ඇඳුමක් ඇඳගත්ත මූණ වෙනුවට මිනී ඔළුවක් තියෙන කාන්තා රූපයක් විදියටයි. මේ කතාමාලාවෙදිත් ඇයට කොමික් ඇකියුරේට් පෙනුම දෙන්න උත්සහ කරලා තියෙන බව ඔයාලට දකින්න ලැබෙයි. ඒ වගේම ඩෙත් කියන්නේ සුපිරි වීරයෙක්වත් දුෂ්ටයෙක්වත් නෙමෙයි. මෙයා ගොඩක් බලගතු චරිතයක් උනාට බොහෝ වෙලාවට අපක්ෂපාතීව තමයි විවිධ සුපිරි වීරයෝ වගේම සුපිරි දුෂ්ටයෝ එක්කත් වැඩ කරලා තියෙන්නේ. ඒ එක්කම මෙයා තානෝස් සහ ඩෙඩ්පූල් එක්කත් ප්‍රේම සම්බන්ධතා පවත්වලා තියෙනවා.
ඩෙත් නොහොත් මරණයේ හැකියාවන් සහ බලයන් ගැන බැලුවොත් මැයට සර්ව බලධාරී බලයන් යම් ප්‍රමාණයකුත්, සියළුම දේ දැනගැනීමේ හැකියාව යම් ප්‍රමාණයකුත් තියෙනවා. ඒ වගේම මෙයා මරණය නිසා මැයව කාටවත් මරන්න බෑ ඒ නිසා මෙයා අමරණීය වෙනවා. අනිත් එක තමයි මෙයාට ශක්තිය, පදාර්ථයන් සහ කාලය හසුරුවන්න පුළුවන්. ඊට අමතරව යථාර්ථය වෙනස් කරන්නත්, කෙනෙක්ව මරන්නත් මැරුණ කෙනෙක්ට නැවත පණ දෙන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මෙයාට වෙස්මාරු කිරීමේ හැකියාවත් තියෙනවා. මාවල් සිනමා විශ්වය තුල “මරණය” නිරූපණය කරන්නේ සුරූපී නිළි Aubrey Plaza විසින්. මේ චරිතය ඉදිරියේදී තනි කතාමාලාවක් ඔස්සේ පැමිණෙන්නට හැකි බවටත් දැනටමත් ඉඟි පලවෙලා තියෙන බවත් මතක් කරන්න ඕන.

එහෙනම් තවත් වැඩි විස්තර කියන්නේ නෑ. අවසාන කොටසින් නැවත හමුවෙන තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
කතාංගයේ නම – “Follow Me My Friend / To Glory at the End”
කතා රචනය – Peter Cameron
අධ්‍යක්ෂනය – Gandja Monteiro
විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 30
IMDb අගය – 8.4
අවසාන කතාංගය – “Maiden Mother Crone”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,295 downloadsDownload Agatha.All_.Along_.-S01E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agatha All Along Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Agatha All Along
- #Agatha All Along Sinhala Subtitles
- #Disney Plus
- #Editor's Pick
- #Joe Locke
- #Kathryn Hahn
- #MaxxA
- #MCU
- #Offbeat
- #Sasheer Zamata
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #WandaVision
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Sandeep Madushan
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයChalaka Denuwan
Anthima episode eka danne ndd
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx saho..