Agatha All Along Sinhala Subtitles සුපුරුදු විදියටම ඇගතා ඕල් අලෝන්ග් කතාමාලාවේ තවත් කොටසක් අරගෙන ආවා. මේ වෙද්දි ඔයාලා කලින් කොටස් ටික නරඹලනේ ඇත්තේ. පස් වෙනි කතාංගයේ අවසානය ගැනනම් කියලා වැඩක් නෑ නේද. මේ ටීන් කොළුවා කියන්නේ කවුද කියලා අපිට තිබුන ලොකු රහස එළිදරව් වෙන්න පටන්ගත්තා. ඒ වගේම අද කතාංගයෙන් ත…

සුපුරුදු විදියටම ඇගතා ඕල් අලෝන්ග් කතාමාලාවේ තවත් කොටසක් අරගෙන ආවා. මේ වෙද්දි ඔයාලා කලින් කොටස් ටික නරඹලනේ ඇත්තේ. පස් වෙනි කතාංගයේ අවසානය ගැනනම් කියලා වැඩක් නෑ නේද. මේ ටීන් කොළුවා කියන්නේ කවුද කියලා අපිට තිබුන ලොකු රහස එළිදරව් වෙන්න පටන්ගත්තා. ඒ වගේම අද කතාංගයෙන් තවත් පටලැවිලි ටිකක් ලිහාගන්න අපිට පුළුවන් වෙනවා. කලින් කොටස ගැනනම් වැඩිය කියන්න යන්නේ නෑ. ඒ කොටසෙදි අපේ මායාකාරියෝ කට්ටියට මූණ දෙන්න උනේ ඇගතගේ පරීක්ෂනයටනේ. ඒකේදි මෙයාලට වීජා පුවරුවකින් මළවුන් එක්ක කතා කරන්න සිද්ධ උනා. ඉතිං මළවුන් එක්ක කතා කරන්නනම් මියගිය කෙනෙක්ව ගෙන්න ගන්න ඕනනෙ. මෙයාලගේ අවාසනාවට ඇගතගේ මියගිය අම්මව තමයි වීජා පුවරුව ඔස්සේ සම්බන්ධ වෙන්නේ. ඇගතා විසින් එයාගේ අම්මවයි තව මායාකාරියෝ කීපදෙනෙක්වයි මරලා දැම්මා ඔයාලට මතක ඇති. ඒකට පළිගන්න තමයි එවනෝරා හාක්නස් නොහොත් ඇගතාගේ අම්මා ඇවිත් හිටියේ.
පළිගැනීම සම්පූර්ණ කරන්න ඇගතව එයාගේ අම්මත් එක්ක දාලා යන්න කියලා එවනෝරා කියනවා. ඒ වගේම එයා ඇගතගේ ඇඟට ආවේශ වෙලා ජරමර ටිකකුත් කරනවනේ. එතකොටම ආරක්ෂක මායාකාරිය හෙවත් ඇලිස් ඉස්සරහට ඇවිත් එවනෝරා හාක්නස් ආවේශ වෙලා ඉන්න ඇගතගේ ඇඟට තමන්ගේ බලය යොමු කරනවා. ඒ බලය නිසා එවනෝරා ඇගතව අත ඇරලා ගියත් ඇගතනම් ඇලිස්ගේ බලයට ලේසියෙන් යන්න දෙන්නේ නෑ. කොහොමින් හරි ඇලිස් මැරෙනකන්ම එයාගේ බලය උරාගන්න ඇගතා සමත් වෙනවා. නමුත් ඇගතා මේ කරපු වැඩේටනම් ටීන් කැමති වෙන්නේ නෑ. මේ ගැන ඇගතත් එක්ක වාද කරන ටීන්ට ඇගතා කියන දෙයක් නිසා අපි අහිංසකයි කියලා හිතාගෙන හිටපු ටීන්ගේ නොදන්නා මායා බලයක් පාවිච්චි කරලා ඇගතවයි අනිත් මායාකාරියොවයි වගුරු බිමට විසි කරලා දානවා. අන්තිමට අපි දැක්කේ වොන්ඩා ස්කාලට් විච් උනාම දාගෙන ඉන්න තාලේ කිරුළක් ටීන් විසිනුත් දාගෙන ඉන්න විදියයි. ඉතිං අපි දැන් දන්නවා ටීන් කොළුවා කියන්නේ විලියම් කප්ලාන් එහෙමත් නැත්තම් බිලී මැක්සිමොෆ් නොහොත් සුපිරි වීර විකන් බව. ඔයාලා බලනවා ඇති සුපිරී වීර නමට අමතරව මෙයාට තවත් තවත් නම් දෙකක් තියෙන්නේ ඇයි කියලා. ඒ නිසා අපි පොඩ්ඩක් මෙයාගේ විස්තර ටිකක් බලලා ඉමු. හැබැයි මේක කියවලා ස්පොයිල් වෙන්නත් ඉඩ තියෙන නිසා මේ කොටස බලලා ඇවිත් මේක කියෙව්වත් කමක් නෑ.
විලියම් මැක්සිමොෆ්/ බිලී කප්ලන්/ විකන්

මේ නම් තුනෙන්ම හඳුන්වන්නේ මාර්වල් කොමික් ප්‍රකාශයට පත් කරපු තවත් සුපිරි වීරයෙක්වයි. WandaVision කතා මාලාවෙදි වොන්ඩටයි විෂන්ටයි නිවුන් පිරිමි දරුවෝ දෙන්නෙක් හම්බෙනවා ඔයාලට මතක ඇති. බිලී සහ ටොමී කියලා නම් කරපු මේ දෙන්නටත් දෙමව්පියන්ට වගේම සුපිරි බල තියෙන බව අපි දැක්කා. 1986දී නිකුත් උන The Vision and the Scarlet Witch #12 කලාපයෙන් තමයි අපිට විලියම් මැක්සිමොෆ්ව මුලින්ම හම්බෙන්නේ. කොහොම උනත් කොමික් වලදි වොන්ඩා සහ විෂන්ගේ විවාහයට වසර ගණනාවකට කලින් එයාලගේ නිවුන් දරුවෝ දෙන්නා වෙනස් පවුල් දෙකක නැවත ඉපදෙනවා. බිලී කප්ලන්ගේ තාත්තා තමයි හෘද රෝග විශේෂඥයෙකු වන ජෙෆ් කප්ලන්. ඒ වගේම ඔහුගේ අම්මා තමයි මනෝ විද්‍යාඥයෙකු වන රෙබෙකා කප්ලන්.
මෙයා විකන් කියන සුපිරි වීර චරිතයෙන් අපිට මුලින්ම හම්බෙන්නේ Young Avengers #6 කලාපයෙනුයි. විකන්ට තියෙන බලවත් ඉන්ද්‍රජාලික හැකියාවන් නිසා Young Avengersලගේ ප්‍රධාන සාමාජිකයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. Young Avengersලට අමතරව මෙයා Strikeforce, The Guardians of the Galaxy සහ Avengersලගෙත් සාමාජිකයෙක් වෙලා තියෙනවා. ඒ වගේම මෙයා Marvel කොමික්වල ඉන්න යුදෙව් සහ සමලිංගික චරිතයක් විදියටත් ප්‍රසිද්ධයි.
මෙයාගේ හැකියාවන් දිහා බැලුවොත් ස්කාලට් විච් වගේම මෙයාට බලවත් මායා කර්ම කරන්න පුළුවන්. ඒ වගේම පියාසර කරන්න, යථාර්ථය වෙනස් කිරීම, ටෙලිපති වගේ මනෝචිකිත්සක හැකියාවන්, බල ක්ෂේත්‍ර ඇති කිරීම සහ සුව කිරීමේ හැකියාවත් තියෙනවා. ඒ අනුව මාවල් කොමික් වල ඉන්න තවත් බලවත් චරිතයක් විදියට බිලී මැක්සිමොෆ් නොහොත් විකන්ව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම MCU එකේදී ඉස්සරහටත් මෙයා වැදගත් චරිතයක් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
Agatha All Along Sinhala Subtitlesකතාංගයේ නම – “Familiar by Thy Side”
කතා රචනය – Jason Rostovsky
අධ්‍යක්ෂනය – Gandja Monteiro
විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 16
IMDb අගය – 8.1
මීළඟ කතාංගය – “Death’s Hand in Mine”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,475 downloadsDownload Agatha-All-Along-S01-E06-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agatha All Along Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Agatha All Along
- #Agatha All Along Sinhala Subtitles
- #Disney Plus
- #Editor's Pick
- #Joe Locke
- #Kathryn Hahn
- #MaxxA
- #MCU
- #Offbeat
- #Sasheer Zamata
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #WandaVision
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Bimsara Yashan (ඔලිව)
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයshan
හැමදාම ඇවිත් sub එක අරන් යනවා විතරයි නිසා අද ස්තුති කරන්න හිතුනා.. comments දදා හැමදාම thank you කියලා නොකීවට sub එක ගන්නෙම හිතේ උබලා ගැන සෑහෙන ආදරයක් තියාගෙන කොල්ලෝ..
දහසකුත් වැඩ තියාගෙන අපි වෙනුවෙන් sub දෙනවට බයිස්කෝප් කොල්ලෝ කෙල්ලෝ ටිකට thank you .Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඊලඟ එපිසෝඩ්ස් තුනත් ඔහොම්මම ගේමු. ජයවේවා!