Watch Trailer

Ahsoka [S01 : E04] Sinhala Subtitles | “බිඳ වැටුණු ජෙඩායිවරිය” [සිංහල උපසිරැසි සමඟ]

Ahsoka Season 01 Sinhala Subtitles මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ සිව්වැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අසෝකා සහ සබීන් බේලන්ගේ හමුදාවට සාර්ථක ලෙස මුහුණ දීලා අන්තිමේ සීටෝස් ග්‍රහලෝකය මතුපිටට ආවා ඔබට මතක ඇති. ප්‍රහාර වලින් වුණු හානි පිළිසකර කරගන්නට ඔවුන් උත්සාහ කරනවා. ඔවුන්ට එල්ස්බෙත් ආර්යාවග…

Ahsoka S01 Sinhala SubtitlesAhsoka Season 01 Sinhala Subtitles

මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ සිව්වැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අසෝකා සහ සබීන් බේලන්ගේ හමුදාවට සාර්ථක ලෙස මුහුණ දීලා අන්තිමේ සීටෝස් ග්‍රහලෝකය මතුපිටට ආවා ඔබට මතක ඇති. ප්‍රහාර වලින් වුණු හානි පිළිසකර කරගන්නට ඔවුන් උත්සාහ කරනවා. ඔවුන්ට එල්ස්බෙත් ආර්යාවගෙන් සිතියම ලබා ගත හැකිවෙයිද? අද කතාව එතැන් සිට….

අද පළ වන කතාංගය ගැන:

සිව්වැනි කොටස – “Part Four: Fallen Jedi”- සිව්වැනි කොටස: බිඳ වැටුණු ජෙඩායිවරිය
අධ්‍යක්ෂණය – Peter Ramsey
තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – සැප්තැම්බර් 05, 2023
IMDb Ratings – 9.1/10

Ahsoka Season 01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි, අද කොටසේ කතාවට යොමු වෙමු. අසෝකා, සබීන් සහ හුයෑන් බේලන්ගේගේ ඩ්‍රෝයිඩ් වරුන්ගේ ප්‍රහාරය මර්ධනය කරගන්නට සමත් වෙනවා. කෙසේ වෙතත් මෝගන් ආර්යාව සහ බේලන්ට අනෙක් මන්දාකිණියට පැනීමට අවශ්‍ය ඛණ්ඩාංක සිතියම මඟින් ඉක්මනින් ලැබෙනු ඇතැයි යන බියෙන්, අසෝකා සහ සබීන් බේලන් සිටින ස්ථානය දෙසට ගමන් කරනවා. හුයෑන් ඔවුන්ගෙන් එකට සිටින ලෙස ඉල්ලා සිටින අතර, අසෝකා සබීන්හට අනතුරු අඟවන්නේ ත්‍රෝන්ගේ නැවත පැමිණීම වැලැක්වීම නම් එස්රා සොයා ගැනීමේ අවස්ථාව ඔවුන්ට අත්හැර දමන්න වෙනු ඇති බවට. ෂින් සහ මාරොක් සබීන් සහ අසෝකාගේ මාර්ගයට එන්නේ ඔවුන්ව නවත්විමටයි. සබීන් ෂින් සමඟ සටන් කරන අතර අසෝකා මාරෝක් සමඟ සටන් කරනවා. අසෝකා සහ සබීන්ට මේ සටනින් ජයගන්නට හැකිවනු ඇතිද? අසොකාට බේලන් සමඟ සටන් කර තරු සිතියම ලබාගන්නට හැකි වෙයිද? නැතහොත් මෝගන් ආර්යාවට බේලන් සමඟ අධිඅවකාශයට පනින්නට තරු සිතියම භාවිතා කරන්නට හැකි වෙයිද? මේ සේරටම පිළිතුරු අද කොටසින් බලමු.

සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E04.720p.DSNP.WEBRip.x264-GalaxyTV [180 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

‘May the force be with you!’

‘බලවේගය ඔබ සමඟ වේවා!’

Ahsoka Season 01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,134 downloadsDownload Ahsoka-S01-E04-Sinhala-Subtitles.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ahsoka Season 01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,134 downloadsDownload Subtitles13 KB

2 comments

  1. Duminda K

    තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
    බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

    1. Kesara Withanage

      ඔබට බොහොම ස්තුතියි.