Watch Trailer

Ahsoka [S01 : E05] Sinhala Subtitles | “සෙවණැලි රණශුරයා” [සිංහල උපසිරැසි සමඟ]

Ahsoka Season 01 Sinhala Subtitles මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ පස්වැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අසෝකාව බේලන් විසින් මුහුදට වැටෙන්නට සලසන අන්දම ඔබ දකින්න ඇති. එයින් පස්සේ බේලන් උපක්‍රමයෙන් සබීන්ට ඒත්තු ගන්වන්නේ තරු සිතියම යොදාගෙන ඇයගේ අහිමි වුණු මිතුරිය වන එස්රාව සොයා ගැනීමට අවශ්‍ය වන…

Ahsoka S01 Sinhala SubtitlesAhsoka Season 01 Sinhala Subtitles

මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ පස්වැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අසෝකාව බේලන් විසින් මුහුදට වැටෙන්නට සලසන අන්දම ඔබ දකින්න ඇති. එයින් පස්සේ බේලන් උපක්‍රමයෙන් සබීන්ට ඒත්තු ගන්වන්නේ තරු සිතියම යොදාගෙන ඇයගේ අහිමි වුණු මිතුරිය වන එස්රාව සොයා ගැනීමට අවශ්‍ය වන බවයි. ඒ විධියට ඔහු ඇයව තමන්ට එකතු කරගන්නවා. ඉන්පසුව අසෝකා නැවත අවදි වෙනවා. ඒ විවිධ කාල අවකාශ එකිනෙක හමුවන අද්භූත තලයක් වන ‘ලෝකාන්තාර ලෝකයේ’ (World Between Worlds) දියි. එතැනදී ඇය ඇයගේ ගුරුතුමා වන ඇනකින් ස්කයිවොකර්ව දකිනවා. අද එතැන් සිට…


අද පළ වන කතාංගය ගැන:

පස්වැනි කොටස – “Part Five: Shadow Warrier”- පස්වැනි කොටස: සෙවණැලි රණශුරයා
අධ්‍යක්ෂණය – Dave Filoni
තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – සැප්තැම්බර් 12, 2023
IMDb Ratings – 9.1/10

Ahsoka Season 01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි, අද කොටසේ කතාවට යොමු වෙමු. ඇනකින් අශෝකාට පවසන්නේ ඇයට දිවි ගලවා ගැනීමට අවස්ථාවක් ඇති බවත් ඔහු ඇගේ පුහුණුව අවසන් කිරීමට පැමිණි බවත්. ඔහු ඇයට ජීවත් වීමට තෝරා ගන්නා ලෙස ඉල්ලා ඇයට පහර දෙනවා. සීටෝස් ග්‍රහලෝකයේදී, හේරා සහ හුයැං පැමිණ අශෝකා සහ සබීන්ව හොයනවා. තමන්ගේ පියා වන කේනන් ජැරස්ගෙන් ලද උරුමයෙන්, හේරාගේ පුත්‍රයා වන කුඩා ජේසන්, ‘බලවේගය’ සමඟ සම්බන්ධ වෙමින් අසෝකා සහ ඇනකින් සටන් කරන ශබ්දයට සවන් දෙමින් සෙවුම් කණ්ඩායම මෙහෙයවනවා. අසෝකා ක්ලෝන යුද්ධ කාලයේදී ඇගේ යෞවනයේ ජිවිත කාලයේ කොටස් වල නැවත ජීවත්වෙන අතර සොල්දාදුවෙකු ලෙස සහ ඇනකින්ගේ ශිෂ්‍යයා ලෙස ඇගේ උරුමය ගැන කනස්සල්ල පළ කරනවා. ඒ ඇනකින්, ඔහුගේ මරණයෙන් ඔහුව ගලවා ගැනීමට පෙර අඳුරු බලවේග වල ගොදුරක් වී, සිත් අධිපති ඩාත්වේඩාර් බවට පත්වීම නිසයි. ඇනකින් දිගින් දිගටම අසෝකා සමඟින් සටන් කරනවා. මේ සටනෙන් පසුව අසෝකා යළි ජිවත් වෙන්නට තීරණය කරනු ඇතිද? මේ අතර හේරාගේ සෙවීම් කණ්ඩායම අසෝකාගේ ශරීරය මුහුදින් සොයා ගන්නවා.ඇනකින් සමඟ සටනින් පසුව අසෝකා යළි අවදි වෙනු ඇතිද? සබීන් සහ කණ්ඩායමට බේලන් සහ මෝගන් ආර්යාව පැහැරගත් තරු සිතියම සොයා යන්නට හැකි වෙනු ඇතිද? මේ සියල්ල මැද නව ජනරජයේ හමුදාවන් අසෝකා සහ හේරා පසුපස හඹා එන්නේ කුමක් නිසාද? මේ සේරටම පිළිතුරු අද කොටසින් බලමු.

සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E05.720p.DSNP.WEBRip.x264-GalaxyTV [222 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

‘May the force be with you!’

‘බලවේගය ඔබ සමඟ වේවා!’

Ahsoka Season 01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,057 downloadsDownload Ahsoka-S01-E05-Sinhala-Subtitles.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ahsoka Season 01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles

1,057 downloadsDownload Subtitles18 KB

1 comment

  1. Nalaka Pushpakumara

    Thank you soo much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.