Watch Trailer

Ahsoka [S01 : E08] Sinhala Subtitles | “ජෙඩායිවරිය, මායාකාරිය සහ යුධසෙනෙවියා” [සිංහල උපසිරැසි සමඟ]

Ahsoka Season 01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, දන්නෙම නැතුව අපි අසෝකා කතා මාලාවේ අවසානය දක්වාම ඇවිත්. අද පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ අවසන් හෙවත් අටවැනි කොටසයි. පහුගිය කොටසේ අන්තිමට අසෝකා, එස්රා සහ සබීන් ත්‍රෝන්ගේ හමුදාවන්ට මුහුණ දෙන්න සමත් වීම එක්ක, ත්‍රෝන් ඔවුන්ගේ යානය රැගෙන පෙරිඩ…

Ahsoka Season 01 Sinhala SubtitlesAhsoka Season 01 Sinhala Subtitles

හොඳයි මිත්‍රවරුනි, දන්නෙම නැතුව අපි අසෝකා කතා මාලාවේ අවසානය දක්වාම ඇවිත්. අද පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ අවසන් හෙවත් අටවැනි කොටසයි. පහුගිය කොටසේ අන්තිමට අසෝකා, එස්රා සහ සබීන් ත්‍රෝන්ගේ හමුදාවන්ට මුහුණ දෙන්න සමත් වීම එක්ක, ත්‍රෝන් ඔවුන්ගේ යානය රැගෙන පෙරිඩියා මුඩුබිමෙන් නිදහස් වෙන්නට සැලසුම් කරනවා. ඔහුගේ වෑයම සාර්ථක වෙයිද? අද කතාව එතැන් සිට….

අද පළ වන කතාංගය ගැන:
අටවැනි (අවසන්) කොටස – “Part Eight: The Jedi, the Witch, and the Warlord” – අටවැනි කොටස: ජෙඩායිවරිය, මායාකාරිය සහ යුධසෙනෙවියා
අධ්‍යක්ෂණය – Rick Famuyiwa

තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – ඔක්තෝම්බර් 03, 2023
IMDb Ratings – 7.8/10

Ahsoka Season 01 Sinhala Subtitles

අද කොටසේ කතාවේ මොකද වෙන්නේ? පෙරිඩියා වල නවතා තිබුණු ‘කයිමේරා’ යානයට අබිරහස් භාණ්ඩ තොගයක් පටවනු ලබන අතර එය ‘සයෝන් ඇස’ යානය සමඟින් යාත්‍රාංගණය වෙත ගෙන එනවා. මේ අතරේ එස්රා අලුත් ආලෝක කඩුවක් නිර්මාණය කරගන්නවා, ඔහුගේ ගුරුතුමා වුණු කෙනන්ගේ ආලෝක කඩුවේ අමතර කොටස් වලින්. හුයෑන් එස්රාට කියනවා අසෝකා මුලින් සබීන්ගේ පුහුණුව නැවැත්තුවේ මැන්ඩලෝරියන් සංහාරයෙන් පස්සේ, ඇයගේ පුහුණුව ලැබීමේ අරමුණු සහ පුහුණුව ලැබීමෙන් පසුව ඇයගේ විභවතාවයන් වල බිහිසුණු බව ගැන බිය වීම නිසා බව. අසෝකා කියනවා ඇය සබීන් වෙනුවෙන් බැඳී ඇති බව. අසෝකා, සබීන් සහ එස්රාට, මෝගන් සහ ත්‍රෝන්ගේ නිශා භට කණ්ඩායම් වල ප්‍රහාරයට ලක් වෙන්න සිදු වෙනවා. නිශා භට කණ්ඩායම් මැරෙන හැම වතාවකම මහා මව්වරුන් විසින් ඔවුන්ගේ අඳුරු මායා බලයෙන් ඔවුන්ට නැවත පණ දෙනවා. අසෝකා මෝගන් ආර්යාව සමඟින් සටන් කරන අතරේ සබීන් සහ එස්රා ‘කයිමේරා’ යානයට ලඟා වෙනවා. මෙතැනදී සබීන් මුල් වරට බලවේගය පාවිච්චි කරනවා ආත්මාරක්ෂාව වෙනුවෙන් සහ එස්රාට උපකාර කරන්නට. අසෝකා සහ මෝගන් අතර මාරාන්තික සටනෙන් කවුරු ජයගනු ඇතිද? ත්‍රෝන් සහ මහා මව්වරුන්ට අනෙක් මන්දාකිණියට පැනගැනීමට හැකි වෙයිද? බේලන්ට ඔහු පැමිණි අරමුණු සඵල කරගැනීමට හැකි වෙනු ඇතිද? ෂින් පෙරිඩියා මතදී කොල්ලකරුවන් සමඟින් එකතු වෙයිද? එස්රා බ්‍රිජර්ට ගෙදර යන්නට හැකි වෙයිද? මේ දේවල් අද කොටස බලලම දැනගනිමු.

සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E08.720p.DSNP.WEBRip.x264-GalaxyTV [236 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් තවත් නිර්මාණයකින් හමුවන තුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

Ahsoka Season 01 Sinhala Subtitles
Ahsoka කතාමාලාවේ මීළඟ කතා සමය 2025දී නිකුත් වන්නට නියමිතයි.

ඉදිරියේදී එයද ඔබ හමුවේ බයිස්කෝප් අඩවියෙන් දිග හැරෙනු ඇති.

එතෙක්….

‘May the force be with you!’

‘බලවේගය ඔබ සමඟ වේවා!’

Ahsoka Season 01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,205 downloadsDownload Ahsoka-S01-E08-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ahsoka Season 01 Sinhala Subtitles

Previous BT1All BT1
Next BT1

Subtitles

1,205 downloadsDownload Subtitles15 KB

1 comment

  1. kasun

    thanx bro sub ekata ......... blue eye samurai ekatath sinhaa sub oni....

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.