Watch Trailer

A Killer Paradox [S01 : E05] Sinhala Subtitles | තවත් මිනීමරුවෙක්? [සිංහල උපසිරැසි]

A Killer Paradox Season 01 Sinhala Subtitles හැමෝටම ආයුබෝවන් ඔන්න ඉතින් සුපුරුදු විදියට අලුත් කොරියන් සීරිස් එකකට සබ් එකක් අරගෙන ආවා. මේක ඇවිල්ලා මේ වසරේ Netflix හරහා විකාශනය වුණු කොටස් අටකින් සමන්විත සුපිරි කතාමාලාවක්. සබ් ගේන්නනම් ටිකක් පරක්කු උනා ඒත් ඉතින් කොහොමහරි ගෙනාවා. ඉතින් මේක අධ්‍යක්ෂණයෙන…

Raayan (2024) Sinhala Subtitles A Killer Paradox Season 01 Sinhala Subtitles

හැමෝටම ආයුබෝවන් ඔන්න ඉතින් සුපුරුදු විදියට අලුත් කොරියන් සීරිස් එකකට සබ් එකක් අරගෙන ආවා.


මේක ඇවිල්ලා මේ වසරේ Netflix හරහා විකාශනය වුණු කොටස් අටකින් සමන්විත සුපිරි කතාමාලාවක්. සබ් ගේන්නනම් ටිකක් පරක්කු උනා ඒත් ඉතින් කොහොමහරි ගෙනාවා. ඉතින් මේක අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නෙ Lee chang- hee කියන අධ්‍යක්ෂකතුමා.තිර පිටපත් රචනාවෙන් දායක වෙලා තියෙන්නෙ Kim Da-Min කියන රචකයා. ප්‍රධාන චරිතයන් ගැන කතා කරොත් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Choi woo-shik. ඔයාලා Rooftop Prince , Parasite , The witch යන චිත්‍රපට හා කතාමාලා නරඹලා තියනවනම් මෙයාව නොදැන ඉන්න විදියක් නෑ. ඒවගේම Son suk- Ku වගේ දැවැන්ත චරිතත් මේකේ ඉන්නවා. The Roundup , D.P වගේ චිත්‍රපට හා කාතාමාලාවලත් මොහුව දැකගන්න පුලුවන්.

ඉතින් මේ සුපිරි කතාමාලාව පැත්තට ගියොත් ප්‍රධාන චරිතය වන Choi woo-Shik විසින් මෙහි ලී ටැන්ග් කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යාව නිරූපණය කරනවා. ලී ටැන්ග් කියන්නේ අධ්‍යාපනයද කරන ගමන් පාට් ටයිම් ජොබ් එකක් කරලා තම ජීවිතය ගොඩ දාගන්න උත්සහ කරන සාමාන්‍ය තරුණයෙක්. ඉතින් මේ තරුණයගේ එකම අභිප්‍රාය වෙන්නේ සල්ලි ටිකක් හොයාගෙන කැනඩාවට යන එක.එයා ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙනවා.ඒත් ඉතින් එක මූසල රාත්‍රියක තමා දුටු ඒ සිහින ඔක්කොම කණපිට පෙරලිලා එයාගේ මුළු ජීවිතේම වෙන අතකට හැරෙනවා.

මොකද්ද ඒ? ඒ තමයි දාම ඝාතකයෙක් වෙන්න වෙන එක. එකපාරට කොහොමද මේ සාමාන්‍ය තරුණයා දාම ඝාතකයෙක් බවට පත් වෙන්නේ. ඒත් මෙයා නිකම්ම නිකන් Serial Killer කෙනෙක් නෙමෙයි සමහරුන්ට අනුව වීරයෙක්.

මොකක්? දාම ඝාතකයෙක් කොහොමද වීරයෙක් වෙන්නේ. ඒක තමා ඉතින් කතාව ඒ කොහොමද? ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මේ කතාමාලාව නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි මෙයාව අල්ලගන්න දත කාගෙන බලන් ඉන්න එක රහස් පරීක්ෂකතුමෙකුත් මේකේ ඉන්නවා. එයාට ලී ටැන්ග්ව අල්ලගන්න පුලුවන් වෙයිද කියලත් එහෙනන් බලන්නකෝ. ඉතින් අවසාන වශයෙන් මේකට සබ් කරන්න අවස්ථාව සලසලා දුන්නු බයිස්කෝප් කණ්ඩායමටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

මෙහි ඇතැම් දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසු වන බැවින් ඒ අදාල වයස් සීමාවල ඉන්න අය පමණක් නරඹන්න.

A Killer Paradox Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,509 downloadsDownload A-Killer-Paradox-S01-E05-Sinhala-Subtitles.zip32 KB

Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A Killer Paradox Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

Subtitles

1,509 downloadsDownload Subtitles32 KB

3 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  3. Akila Dilhara

    Thanks for Sub...❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.