ඔන්න එහෙනම් අපි ඇවිල්ලා තියෙනවා මේ සැරේ අවුරුදු තෑග්ගත් අරගෙන. ගෙයින් එලියට බැහැලා අවුරුදු සමරන්න කිසිම කෙනෙක්ට බැරි නිසා ගෙදර ඉඳන් බලන්න අපි පස් දෙනෙක් එකතුවෙලා මේ අලුත් කෙටිකතා මාලාව උපසිරැසි ගන්වා ඔයගොල්ලෝ අතට පත්කරන්න හිතුවා. ඉතින් මේ කොටස කරන්න කියලා මට ආරාධනා කරපු රවිඳු රුක්ශාන් සහෝදරයටත් ස්ත…

ඔන්න එහෙනම් අපි ඇවිල්ලා තියෙනවා මේ සැරේ අවුරුදු තෑග්ගත් අරගෙන. ගෙයින් එලියට බැහැලා අවුරුදු සමරන්න කිසිම කෙනෙක්ට බැරි නිසා ගෙදර ඉඳන් බලන්න අපි පස් දෙනෙක් එකතුවෙලා මේ අලුත් කෙටිකතා මාලාව උපසිරැසි ගන්වා ඔයගොල්ලෝ අතට පත්කරන්න හිතුවා. ඉතින් මේ කොටස කරන්න කියලා මට ආරාධනා කරපු රවිඳු රුක්ශාන් සහෝදරයටත් ස්තූති වෙන ගමන් මං කතාමාලාව ගැන පොඩි විස්තරයක් කියන්නම්.
Amazing Stories කතාමාලාව අප හැමෝම හඳුනන Steven Spielberg අධ්‍යක්ශකවරයා විසින් 1985 දී මෙනමින්ම නිකුත් වූ කතාමාලාව ආශ්‍රයෙන් නිකුත් කරනු ලැබූවක්. දන්නවනෙ ඉතින් එයාගෙ වැඩ ගැන. මේ කෙටි කතාමාලාව කොටස් පහකින් සමන්විත වෙනවා. Anthology කියන වර්ගීකරණයට තමයි අයත් වෙන්නේ. 2020 මාර්තු 6 වෙනිදා APPLE TV+ වෙතින් තමයි මේ කතාමාලාව නිකුත්වෙන්නේ. දැන් මේ අරගෙන ඇවිත් තියෙන කොටස නිකුත් උනේ මාර්තු 27ත් වෙනිදා.. එහෙනම් මං පොඩිම පොඩි හැඳින්වීමක් කරන්නම්.
ආලියා කියන්නේ රෙස්ටුරන්ට් එකක වැඩකරන අවුරුදු 18ක් විතර වයසැති ගැහැනු ලමයෙක්. හිටි හැටියේම ඇයට දුරකථන ඇමතුමක් ලැබෙනවා රෝහලෙන්, ඒ වසර හයක් තිස්සේ කෝමා තත්වයකට පත්වී සිටිය ඇගේ මව නැවත අවදිවී සිටිනවා කියා. විශාල බලාපොරොත්තු ඇතුව ඇයව බලන්න යන ආලියාට දැකගන්න ලැබෙන්නේ ඇගෙ මවට පෙර සිදුවූ කිසිදු දෙයක මතකයක් නොමැති බවයි. කොටින්ම කියනවනම් ආලියා කියන්නේ තමන්ගෙ දුවද කියලාවත් කිසිම මතකයක් නෑ. ඉතින් වෛද්‍යවරිය කියන්නේ කෝමා තත්වයක සිට නැවත ප්‍රතිස්ථාපනය උන කෙනෙකුට එහෙම සිදුවෙන එක සාමාන්‍ය දෙයක්, පරණ දේවල් නැවත නැවත මතක් කිරීම මගින් නැවත මතකය අලුත් කරගැනීමේ හැකියාවක් පවතින බවයි. නමුත් හිටිහැටියේම මේ කෝමා තත්වයෙන් අවදිවුන කාන්තාව දුරකතන අංකයක් ලබාදී ඒ අංකයට ඇමතුමක් අරගෙන දෙන්න කියනවා.
එතකොට කොහොමද කිසිම දෙයක් මතක නැති කෙනෙක්ට දුරකථන අංකයක් මතක හිටින්නේ?
තමන්ගෙ දුවගෙ මූන මතක නැති අම්මා කෙනෙක්ට කොහොමද දුරකථන අංකයක් මතක හිටින්නේ?
ඒ විතරක් නෙමෙයි මුලු කතාවක තනිකර ප්‍රශ්න වැලක්, මං උනත් තවම එක එක කල්පිත ගොඩනගාගන්න ගමන් ඉන්නේ.
ඉතින් මේ ප්‍රශ්න හැමදේකටම උත්තරේ හොයාගන්න ඔයාලට මේක බලන්නම වෙනව. බැලුවයි කියලා ඒකෙ තියෙන දේ හරියටම ඔලුවට දාගන්න පුලුවන් වෙයිද කියලත් මං දන්නේ නෑ, මොකද අපිට ඕනෙ තරම් දේවල් හිතන්න ඉතුරුකරලා තමයි Spielberg මහත්තයා මේවා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් මීට වැඩිය කතාකරන්න යන්නෙ නෑ, උපසිරැසිය ලබාගන්න ගමන් ඒ ගැන ඔයාලගෙ අදහසුත් පහලින් කියාගෙන යන්න.
එහෙනම් තවත් නිර්මාණයකින් හමුවෙමු…
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,632 downloadsDownload Amazing-Stories-S01-E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
7 comments
sachintha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට :)
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Rumesh Asanka
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
Sub ekata tnx bro
Amila Mudalige
Sub ekata Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ