Watch Trailer

American Crime Story [S02 : E04] Sinhala Subtitles | විල අද්දර නිවෙස [සිංහල උපසිරැසි සමඟ]

American Crime Story [S02:E04] Sinhala Subtitles හොඳයි එහෙනම් මෙන්න The Assassination of Gianni Versace: American Crime Story හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. පහුගිය කොටසින් ඔබ දකින්න ඇති ඇන්ඩ්රූ කුනානන් ලී මිග්ලින් සහ විලියම් රීස්ව ඝාතනය කරන අන්දම. මේ ටෙලිනාට්‍යයේ සුපුරුදු ආකෘතිය අනුව, අද කතාවෙන් ක…

American Crime Story [S02:E04] Sinhala Subtitles

හොඳයි එහෙනම් මෙන්න The Assassination of Gianni Versace: American Crime Story හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. පහුගිය කොටසින් ඔබ දකින්න ඇති ඇන්ඩ්රූ කුනානන් ලී මිග්ලින් සහ විලියම් රීස්ව ඝාතනය කරන අන්දම. මේ ටෙලිනාට්‍යයේ සුපුරුදු ආකෘතිය අනුව, අද කතාවෙන් කියැවෙන්නේ ලී මිග්ලින් ඝාතනයට පෙර සිදුවුණු සිදුවීම් කිහිපයක්. මිග්ලින් ඝාතනය කිරීමට කුනානන් මිග්ලින්ගේ නිවෙසට පැමිණි රතු චෙරෝකී ජීප් රථය ඔබට මතක ඇතැයි හිතනවා. ඒ රථය ගෘහනිර්මාණ ශිල්පියෙකු වුණු ඩේවිඩ් මැඩ්සන්ට අයත් බව කළින් කොටසින් ඔබ දැනටම දන්නවා. 

කවුද මේ ඩේවිඩ් මැඩ්සන්? ඩේවිඩ් මැඩ්සන් කියන්නේ 1997 වනවිට මිනියාපොලිස් වල ‘ජෝන් රයන් සමාගමේ’ සේවය කළ 33 හැවිරිදි තරුණයෙක්. එකල ඔහු සමාගමට නැතිවම බැරි වුණු නැගී එන ගෘහනිර්මාණ ශිල්පියෙකු වුණා. අද කොටස ඇරඹෙන්නේ ඩේවිඩ් රැකියාව සඳහා නැවතී සිටින මිනියාපොලිස්හි නවාතැනේ දර්ශනයකින්. ඒ දවස 1997 අප්‍රේල් 27 වැනිදා. ඒ ලී මිග්ලින් ඝාතනයට සතියකට පමණ පෙර. ඩේවිඩ්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා ඔහුට ලැබෙන්නට නියමිත අලුත් ව්‍යාපෘතියක් ගැන කියමින්. මේ සුබ ආරන්චියෙක් දැඩි ලෙස සතුටට පත්වෙන ඩේවිඩ්, ඒ වන විටත් ඔහුගේ නවාතැනේ රැඳි සිටි ඇන්ඩ්රූ කුනානන්ට ද දන්වනවා. මේ අතර හදිසියේම ඩේවිඩ්ගේ නිවෙසේ බසරය නාද වෙනවා. කවුරුන් හෝ අමුත්තෙක් ඇවිත්. කුනානන් ඩේවිඩ්ට දන්වන්නේ තමන් ජෙෆ්ට නැමැති මිතුරාට ආරාධනා කළ බවයි. ඔහු ඩේවිඩ්ගේද හිතවතෙකු වුණා. ජෙෆ්ව ඉහළ මහළට කැඳවාගෙන එන ලෙස ඇන්ඩ්රූ කුනානන් ඩේවිඩ්ව පහළට යවනවා. ඔවුන් දෙදෙනා කතා බහා කරමින් නවාතැනට ඇතුළු වෙනවා.ඉන්පසුව ඔවුන් තිදෙනා අතර සිදුවන්නේ කුමක්ද? කුනානන් ජෙෆ්ට ආරධනා කර තිබුනේ කුමක් සඳහා ද? මිග්ලින්ගේ ඝාතනයට කුනානන්ට ඩේවිඩ්ගේ රථය ලැබුණේ කොහොමද? අද කතාවෙන් මේ ගැන දැනගන්න එහෙනම්.

ඩේවිඩ් මැඩ්සන් (වමේ), ඩේවිඩ් මැඩ්සන්ගේ චරිතයට පණ පොවන කෝඩි ෆර්න් (දකුණේ)

අද පළ වන කතාංගය ගැන:

  • සිව්වන කොටස –“House by the Lake” – විල අද්දර නිවෙස
  • අධ්‍යක්ෂක –Daniel Minahan
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –2018 පෙබරවාරි 07
  • IMDb Ratings – 8.3/10

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S02E04.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.  මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඉක්මණින් ඊළඟ කතාංගයෙන් යළි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!

American Crime Story [S02:E04] Sinhala Subtitles

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

975 downloadsDownload American.Crime_.Story_.S02E04.720p.AMZN_.WEBRip.x264-GalaxyTV.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

975 downloadsDownload Subtitles25 KB

3 comments

  1. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි !

  2. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P