American Crime Story [S02:E05] Sinhala Subtitles සුබ දවසක්. ඔන්න එහෙනම් අද The Assassination of Gianni Versace: American Crime Story පස්වෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසින් ඔබ දකින්න ඇති ඩේවිඩ් මැඩ්සන්ගේ නවාතැනේදී ඇන්ඩ්රූ කුනානන් අතින් ජෙෆ්රි ට්‍රේල් අවසන් ගමන් ගිය අන්දමයි. සුපුරුදු පිළිවෙල අනුව අද…

American Crime Story [S02:E05] Sinhala Subtitles
සුබ දවසක්. ඔන්න එහෙනම් අද The Assassination of Gianni Versace: American Crime Story පස්වෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසින් ඔබ දකින්න ඇති ඩේවිඩ් මැඩ්සන්ගේ නවාතැනේදී ඇන්ඩ්රූ කුනානන් අතින් ජෙෆ්රි ට්‍රේල් අවසන් ගමන් ගිය අන්දමයි. සුපුරුදු පිළිවෙල අනුව අද කතාවෙන් ජෙෆ්ගේ ඉරණම කරා ඔහු ගමන් කිරීමට පසුබිම සැකසුනු හැටි අද කතාවෙන් ඔබට දැනගන්න පුළුවන්. අද කතාව පටන් ගන්නේ ජියානි වර්සාචි සහා ඩොනටෙල්ලා අතර ඇතිවන තියුණු වාදයකින්. තමන්ගේ සමලිංගික අනන්‍යතාවය ජනමාධ්‍ය ආයතනයකට හෙළිදරව් කිරීමට ජියානි තීරණය කර තිබුණා. ඩොනටෙල්ලා එයට විරුද්ධ වන්නේ එළෙස ජාත්‍යන්තර සමලිංගික සංකේතයක් බවට පත්වීමෙන්, සමාගමේ ව්‍යාපාර වල පැවැත්මට තර්ජනයක් එල්ල වියහැකි බවයි. කෙසේ හෝ ජියානි අදාළ සඟරාවට තමන්ගේ ලිංගික රුචිකත්වය ප්‍රකාශ කිරීමටත්, තම පෙම්වතා ලෙස ඇන්ටෝනියෝ ඩෙ’මිකෝ ජනමාධ්‍යයට හෙළි කිරීමටත් ජියානි ක්‍රියා කරන්නේ ඩොනටෙල්ලගේ විරෝධය මැදයි. වර්සචිගේ මේ ක්‍රියාකලාපය ව්‍යාපාරයට කෙසේ බලපානු ඇතිද?

ජෙෆ්රි ට්‍රේල් (වමේ) සහ ඔහුගේ චරිතයට පණපොවන ෆින් විට්ස්ටොක් (දකුණේ)
ජෙෆ්රි ට්‍රේල් නාවික හමුදාවේ සේවය කළ දක්ෂ නාවික හමුදා නිළධාරියෙක්. ඔහු සමලිංගික රුචිකත්වයක් තිබුණු අයෙක්. 1990 ගණන් වල හමුදාවේ සමලිංගික චර්යාවන් තහනම් කෙරුණු පසුබිමක ඔහුට තමන්ගේ කුඩා කළ සිට තිබුණු නාවික හමුදා සිහින වෘත්තීය කරගෙන යාමට බාධා එල්ල වෙනවා. හමුදාවේ සේවය කරන අයෙක් සමලිංගික චර්යාවකට වරදකරු වුණොත් ඔහුව අපකීර්තිමත් ලෙස හමුදා සේවයෙන් නෙරපනු ලැබුවා. ඒ එක්කම පොදුවේ හමුදා නිළධාරීන් අතර සමලිංගික භටයන් කෙරෙහි තිබුණු භීතිය සහ විරෝධය නිසා ඔවුන් හිරිහැරයට ලක් කරන පිළිවෙතක් රහසින් අනුගමනය කෙරුණා. ජෙෆ් මේවට විරුද්ධ වුණු නිසා ඔහු රහසිගතව තබාගෙන ආ කරුණ යම් ආකාරයකින් නිරාවරණය වී ඔහුද අනෙක් අයගේ සැකයට ලක් වෙන්නට හේතු වෙනවා. ඔහු නාවික හමුදාවේ දැඩි පිළිවෙත් සහ සිය පෞද්ගලික රුචිකත්වයන් අතර ඝට්ටනය නිසා දැඩි පීඩනයෙන් පසූ වෙන නිසා, එයින් මිදෙන්නට හිතාගෙන ජීවිතයේ මුල්ම වතාවට සමලිංගික රාත්‍රී සමාජ ශාලාවකට ගොඩ වදිනවා. ඔහුට එහිදී කඩවසම් ප්‍රසන්න තරුණයෙක් හමුවෙනවා. ඔවුන් දෙදෙනා අතර ඇතිවන සංවාදය ඔස්සේ ඔවුන් අතර දැඩි මිත්‍ර සබඳතාවයක් ඇතිවෙනවා. ඔහුගේ බලපෑමෙන් ජෙෆ් හිතේ සිරකරගෙන සිටි හැඟීම් අසීමාන්තිකව සන්තර්පණය කරගැනීමට කාමභෝගී ජීවිතයකට හුරු වෙනවා. මේ දේවල් ජෙෆ්ගේ හමුදා සේවයට සහ පුද්ගලික ජීවිතයට ඇති කරන බලපෑම කුමක්ද? ජෙෆ්ට වුණු මේ හමුවීම ඔහුගේ ජීවිතයම වෙනස් කරන්නේ කොහොමද? අද කතාවෙන් ඔබට මේ දේවල් බලන්න හැකි වෙයි.
අද පළ වන කතාංගය ගැන:
• පස්වන කොටස – “Don’t Ask Don’t Tell” – නොවිමසන්න! නොපවසන්න!
• අධ්‍යක්ෂක – Daniel Minahan
• මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2018 පෙබරවාරි 14
• IMDb Ratings – 7.8/10
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S02E05.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි. මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මණින් ඊළඟ කතාංගයෙන් යළි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!
American Crime Story [S02:E05] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,119 downloadsDownload American.Crime_.Story_.S02E05.720p.AMZN_.WEBRip.x264-GalaxyTV.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #American Crime Story (2016– )
- #Angel Parker
- #Ariel D. King
- #Bruce Greenwood
- #Christian Clemenson
- #Courtney B. Vance
- #Cuba Gooding Jr.
- #Dale Godboldo
- #David Schwimmer
- #Editor's Pick
- #Jessica Blair Herman
- #John Travolta
- #Kenneth Choi
- #MaxxA
- #Nathan Lane
- #Sarah Paulson
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sterling K. Brown
- #Subs
- #Tye White
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
3 comments
විමා
Buddhika Lakmal
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





උපසිරසියට බොහොම ස්තුතියි !