Watch Trailer

American Crime Story [S02 : E07] Sinhala Subtitles | ආරෝහණය [සිංහල උපසිරැසි සමඟ]

American Crime Story [S02:E07] Sinhala Subtitles සුබ දවසක්. මෙන්න එහෙනම් ඔයාල මඟ බලාගෙන හිටපු The Assassination of Gianni Versace: American Crime Story කතා මාලාවේ හත්වෙනි කොටසේ සිංහල උපසිරැසිය අරගෙන ආවා.මේ කතා මාලාවේ සුපුරුදු ශෛලිය අනුව යමින් අද කොටසින් පෙන්වන්නේ පසුගිය කොටසට පෙර වුණු සිදුවීම් කිහි…

American Crime Story [S02:E07] Sinhala Subtitles

සුබ දවසක්. මෙන්න එහෙනම් ඔයාල මඟ බලාගෙන හිටපු The Assassination of Gianni Versace: American Crime Story කතා මාලාවේ හත්වෙනි කොටසේ සිංහල උපසිරැසිය අරගෙන ආවා.මේ කතා මාලාවේ සුපුරුදු ශෛලිය අනුව යමින් අද කොටසින් පෙන්වන්නේ පසුගිය කොටසට පෙර වුණු සිදුවීම් කිහිපයක්.

පහුගිය කොටසෙන් ඔයාලා දැක්කානේ ඇන්ඩ්රූ කුනානන් ධනවත් වයසක සමරිසි ප්‍රජාව තුල ගැවසෙමින් මුදල් ඉපැයූ ආකාරය. ඒ වගේම නෝමන් බ්ලැච්ෆඩ් අවසානයේ තමන්ගේ සුපිරි නිවෙසින් ඇන්ඩ්රූ කුනානන්ව එළියට දමපු ආකාරය ඔබ දැක්කා. ඉන්පසු ඔහුට සිදුවුණේ සියල්ල අතහැර තමන්ගේ අම්මා ජිවත් වෙන කුලී නිවෙසට පැමිණීමටයි. ඔහු තමන්ගේ අම්මා ඉදිරියේ පෙන්වන ව්‍යාජ ජීවිතය ඔබ දකින්නට ඇති. ඒ ගැන වැඩිදුරටත් මේ කොටසේත් කියවෙනවා.

ඩොනටෙල්ලා වර්සාචි සමඟ ජියානි වර්සාචි (වමේ) සහ එම චරිත වලට රංගනයෙන් දායක වුණු පෙනලොපි කෘස් සහ එඩ්ගා රමිරේස් (දකුණේ)

අද කතාවෙන් ජියානි වර්සාචි මයාමි නගරයට එන්නට පෙර ඉතාලියේ මිලාන් වල ගත කළ කාලයත් ඔබට දකින්නට හැකි වෙයි. ඉතාලියේ මිලාන් වල හිටපු ජියානි වර්සාචිට මයාමි වලට එන්නට හේතු වුණේ මොන කාරණාද? ඩොනටෙල්ලා සහ ජියානි වර්සාචි දෙදෙනා අතර ඇතිවන කෙළවරක් නැති ගැටුම් අවසානයේ ඩොනටෙල්ලාට වර්සචිගේ ව්‍යාපාරය තනිව ඉදිරියට ගෙනයන්නට උගන්වන්නට වර්සාචි උගන්වන්නේ ඇයි? ඇන්ඩ්රූ කුනානන් තමන්ට සුපිරි ආදායම් මාර්ග ගොඩනංවා ගැනීමට නෝමන් බ්ලැච්ෆඩ් ඇතුළු ධනවතුන් ආකර්ෂණය කරගැනීමට මාන බලන හැටි මේකෙන් ඔබට දකින්න පුළුවන්. කොහොමද ඇන්ඩ්රූ කුනානන්ට ඩේවිඩ් මැඩ්සන්ව හමුවුණේ? ඇන්ඩ්රූ කොහොමද ඩේවිඩ් තුල තමන් කෙරෙහි ආකර්ෂණයක් ගොඩ නඟා ගන්නේ? අද කොටසින් ඔබට ඒ ටික දැනගන්නට හැකි වෙයි.

අද පළ වන කතාංගය ගැන:
• හත්වන කොටස – “Ascent” – ආරෝහණය
• අධ්‍යක්ෂක – Gwyneth Horder-Payton
• මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2018 මාර්තු 07
• IMDb Ratings – 7.5/10

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S02E07.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මණින් ඊළඟ කතාංගයෙන් යළි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!

American Crime Story [S02:E07] Sinhala Subtitles

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

903 downloadsDownload American.Crime_.Story_.S02E07.720p.AMZN_.WEBRip.x264-GalaxyTV.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

903 downloadsDownload Subtitles31 KB

3 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි කේසර!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P