American Crime Story [S02:E08] Sinhala Subtitles හොඳයි එහෙම නම්, ඇන්ඩ්රූ කුනානන් දාම ඝාතකයාගේ කතාවේ 08 වැනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. අද ඔබට පෙන්වන්නේ ජියානි වර්සාචිගේ සහ ඇන්ඩ්රූ කුනානන්ගේ ළමා කාලයන් ගැන තොරතුරු බිඳක්. පහුගිය කොටස් වගේම අද කොටසත් මුල ඉඳන් අගටම කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන්. කතාව…

American Crime Story [S02:E08] Sinhala Subtitles
හොඳයි එහෙම නම්, ඇන්ඩ්රූ කුනානන් දාම ඝාතකයාගේ කතාවේ 08 වැනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. අද ඔබට පෙන්වන්නේ ජියානි වර්සාචිගේ සහ ඇන්ඩ්රූ කුනානන්ගේ ළමා කාලයන් ගැන තොරතුරු බිඳක්. පහුගිය කොටස් වගේම අද කොටසත් මුල ඉඳන් අගටම කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන්.
කතාව ආරම්භ වෙන්නේ 1957 ඉතාලියෙන්. ජියානි වර්සාචි කුඩා කාලයේ, ඇඳුම් මසන්නියක් වුණු තමන්ගේ මවගේ ආභාසයෙන් නැව ඇඳුම් නිර්මාණය කරන්නට උත්සාහ කරනවා. ගුරුවරුන්ගේ විවේචනයට ලක් වුණත්, ඔහුගේ මව ජියානිගේ රුචිකත්වය අගයමින් ඔහුට ඇඳුම් නිර්මාණය කරන්නට උපදෙස් දෙනවා.
ඊළඟට යොමු වෙන්නේ 1980 යුගයට. ඒ ඇන්ඩ්රූ කුනානන්ගේ ළමා කාලයේ ජීවිතය. කුනානන්ගේ තාත්තා කොටස් වෙළඳපොල තැරැව්කරුවෙක්. ඔහුගේ මව විෂාදයෙන් පෙළෙන ගෘහණියක්. නිතරම ඉක්මන් සාර්ථකත්වයක් සහ මුදල් පසුපස හඹා යන ඇන්ඩ්රූගේ පියා මොඩෙස්ටෝ කුනානන් සිය බිරිඳ කෙරෙහි අතිශය පීඩාකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙක්. එමෙන්ම ඇන්ඩ්රුගෙ සහෝදරියන් දෙදෙනා සහ සහෝදරයා අභිබවමින් මොඩෙස්ටෝ ඇන්ඩ්රූ කුනානන්ට අතිවිශේෂ සැළකිලි ලබා දෙනවා. ඒ කරන්නේ මව වන මේරි ඈන් කුනානන්ට හිංසා සහ පීඩා කරමින් සහ සහෝදර සහෝදරියන්ට අඩු සැළකිලි දක්වමින්. මොඩෙස්ටෝ නිතරම ඇන්ඩ්රූට උගන්වන්නේ, තමන් අතිවිශේෂ පුද්ගලයෙක් ලෙස හිතාගෙන වැඩ කරන්නයි. ඉහළ සමාජයේ හැසිරෙන විධිය, ඉහළ සමාජයේ ආචාර ධර්ම, මහත්මයෙක් ලෙස අඳින පළඳින විධිය ඇතුළුව ලොකු ලොකු ඉලක්ක වලට සිහින මවන විධිය ගැනයි මොඩෙස්ටෝ කුනානන්ට නිතරම උගන්වන්නේ.

කැලිෆෝනියාවේ ලා යොලාහි පිහිටා ඇති බිෂොප් විද්‍යාලයේ 1987 වසරේ වාර්ෂික සමරු පුස්තකයේ ඇතුළත් කෙරුණු ඇන්ඩ්රූ කුනානන්ගේ සුප්‍රකට ඡායාරූප යුගලය සහ ඊට අනුරූපව ටෙලිනාට්‍යය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කෙරුණු ඩැරන් ක්‍රිස්ගේ ඡායාරූප. වම්පස ඡායාරූපයේ ශීර්ෂ පාඨය ‘Après mois le déluge’ (ප්‍රංශ බසින්: ‘ මගෙන් පසු ගංවතුර/විනාශය’ ) ලෙසින්ද, දකුණු පස ඡායාරූපයේ ශීර්ෂ පාඨය “The Most Likely to be Remebered” (“මතකයේ රැඳෙන්නට වඩා ඉඩ ඇති තැනැත්තා” ) යනුවෙන්ද සටහන් කෙරී තිබුණි. කුනානන් පසු කලෙක සිදු කළේ එකී ශීර්ෂ පාඨ වලට බෙහෙවින් ගැලපෙන ක්‍රියාවන් වීම සිත් ඇදගන්නා සුළු කරුණකි.
වසරකට පසු ඇන්ඩ්රූ බිෂොප් විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබනවා. ඔහු එම විද්‍යාලයේ උගනිමින් වැඩෙන්නේ පියා විසින් මුදල් දියකරමින් ඔහු ඉදිරියේ මවා දුන් සිහින ජිවිතයේ ගිලෙමින්. එසේ ගෙවන ජීවිතය අතර සියල්ලන්ටම හොරෙන් ඇන්ඩ්රූ ඇසුරු කරන්නේ කාවද? ඇන්ඩ්රූව සිහින ජීවිතයක ජිවත් කරවන්න ඇන්ඩ්රූගේ පියා මොනවද කළේ? ඔහු මුදල් ඉපැයුවේ කොහොමද? මහන්සියෙන් ඉපැයීම වෙනුවට මවාගත් සිහින ලෝකයක ජීවත්වීමට ඉගෙනීම ඇන්ඩ්රූට බලපාන්නේ කොහොමද? මේ දේවල් ගැන අතිශය උද්වේගකර ලෙස ගලා යන කොටසක් අද ඔබට බලන්නට හැකි වෙයි.
අද පළ වන කතාංගය ගැන:
• අටවන කොටස – “Creator / Destroyer” – නිමවන්නා සහ වනසන්නා
• අධ්‍යක්ෂක – Matt Bomer
• මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2018 මාර්තු 14
• IMDb Ratings – 8.3/10
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S02E08.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මණින් ඊළඟ කතාංගයෙන් යළි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!
American Crime Story [S02:E08] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,117 downloadsDownload American-Crime-Story-S02-E08-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #American Crime Story (2016– )
- #Angel Parker
- #Ariel D. King
- #Bruce Greenwood
- #Christian Clemenson
- #Courtney B. Vance
- #Cuba Gooding Jr.
- #Dale Godboldo
- #David Schwimmer
- #Editor's Pick
- #Jessica Blair Herman
- #John Travolta
- #Kenneth Choi
- #MaxxA
- #Nathan Lane
- #Sarah Paulson
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sterling K. Brown
- #Subs
- #Tye White
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
3 comments
Buddhika Lakmal
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥