American Crime Story [S02:E06] Sinhala Subtitles සුබ දවසක්. ඔන්න ඇන්ඩ්රූ කුනානන්ගේ ඝාතන දාමය ගැන කතාන්දරයේ තවත් කොටසක් ගෙනාවා. මේ The Assassination of Gianni Versace: American Crime Story කතාවේ හයවැනි කොටස. පසුගිය කොටසෙන් ඔබ දකින්න ඇති ජෙෆ් ට්‍රේල්, එනම් ඇන්ඩ්රූ කුනානන්ගේ පළමුවැනි ගොදුර තමන්ගේ ඉරණම…

American Crime Story [S02:E06] Sinhala Subtitles
සුබ දවසක්. ඔන්න ඇන්ඩ්රූ කුනානන්ගේ ඝාතන දාමය ගැන කතාන්දරයේ තවත් කොටසක් ගෙනාවා. මේ The Assassination of Gianni Versace: American Crime Story කතාවේ හයවැනි කොටස. පසුගිය කොටසෙන් ඔබ දකින්න ඇති ජෙෆ් ට්‍රේල්, එනම් ඇන්ඩ්රූ කුනානන්ගේ පළමුවැනි ගොදුර තමන්ගේ ඉරණම ලඟා කරගත්ත විධිය. අද කතාවෙන් ඔබට දකින්නට ලැබෙන්නේ, ජෙෆ් ට්‍රේල් සහ ඩේවිඩ් මැඩ්සන් හමුවන්නට පෙර කුනානන් ගත කළ ජීවිතය ගැන තොරතුරු. වෙනත් විධියකින් කිව්වොත් කුනානන් විසින් ඝාතනය කළ සියලුම දෙනා ඝාතනය කරන්නටත් කලින් සිදුවුණු දේවල්. 1996 අවුරුද්දේ, කැලිෆෝනියා වල ලා යොලා හි සුපිරි නිවෙසක තමන්ගේ ඉහළ සමාජයේ හිතවතුන් එක්ක ඇන්ඩ්රූ කුනානන් තමන්ගේ උපන්දිනය සමරන විධියෙන් තමයි අද කතාව ඇරඹෙන්නේ. ඔහු එයට විවිධාකාර පුද්ගලයන්ට ඇරයුම් කරනවා. ඒ කවුද? ඇන්ඩ්රූ කුනානන් රැකියාවක් නොකර සුපිරි තරුවක් වගේ ජීවිතය ගෙනගියේ කොහොමද? ඉහළ සමාජයේ ධනවතුන් ඇසුරු කරමින් කුනානන් ජීවිතය ගෙවන්නට කුනානන් මඟ පාදා ගත්තේ කොහොමද? ඒ වගේම දිළිඳු ජිවිතයක් ගත කරමින් හුදෙකලාව වෙසෙන කුනානන්ගේ අම්මාව මුල් වරට පෙන්වන්නේ අද කතාවෙන්. හිටිහැටියේම ඔහුට තමන්ගේ අම්මව හොයාගෙන යන්න වෙන්නේ ඇයි? තමන් ගෙවන ජීවිතය ගැන අම්මා ඉදිරියේ ඔහු මවා පෙන්වන්නේ වෙනස්ම කතාවක්. ඒ මොකක්ද? අද කතාවෙන් ඔබට මේ දේවල් දැනගන්න පුළුවන් වෙයි.

ඇන්ඩ්රූ කුනානන් කුඩා කල ඔහුගේ පියා වන මොඩෙස්ටෝ කුනානන් සමඟ (දකුණේ) සහ ටෙලිනාට්‍යයේ එම චරිත නිරූපණය කරන (පිළිවෙලින් ) Edouard Holdener සමඟ Jon Jon Briones (වමේ)
අද පළ වන කතාංගය ගැන:
• හයවන කොටස – “Descent” – අවරෝහණය
• අධ්‍යක්ෂක – Gwyneth Horder-Payton
• මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2018 පෙබරවාරි 28
• IMDb Ratings – 7.8/10
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S02E06.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මණින් ඊළඟ කතාංගයෙන් යළි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!
American Crime Story [S02:E06] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
932 downloadsDownload American.Crime_.Story_.S02E06.720p.AMZN_.WEBRip.x264-GalaxyTV.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #American Crime Story (2016– )
- #Angel Parker
- #Ariel D. King
- #Bruce Greenwood
- #Christian Clemenson
- #Courtney B. Vance
- #Cuba Gooding Jr.
- #Dale Godboldo
- #David Schwimmer
- #Editor's Pick
- #Jessica Blair Herman
- #John Travolta
- #Kenneth Choi
- #MaxxA
- #Nathan Lane
- #Sarah Paulson
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sterling K. Brown
- #Subs
- #Tye White
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
5 comments
Anonymous
pasindu sacethna
flash season 7,8,9 sub dennko plese
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





Flash season 7,8,9 sub dennko plese link eekk hri plese