Watch Trailer

American Crime Story [S03 : E01] Sinhala Subtitles | පිටුවහල් කිරීම් [සිංහල උපසිරැසි සමඟ]

American Crime Story [S03 : E01] Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, මං මගේ අසූ තුන්වැනි උපසිරැසි නිර්මාණය සමඟින් ඔබට හඳුන්වා දෙන්නේ, 2021 සැප්තැම්බර් මස 07 වැනි දින නිකුත් කෙරුණු Impeachment: American Crime Story (දෝෂාභියෝගය: ඇමෙරිකන් අපරාධ කතාන්දරය) නම් වන American Crime Story කතා මාලාවේ තුන්වැන…

American Crime Story Sinhala Subtitles

හොඳයි මිත්‍රවරුනි, මං මගේ අසූ තුන්වැනි උපසිරැසි නිර්මාණය සමඟින් ඔබට හඳුන්වා දෙන්නේ, 2021 සැප්තැම්බර් මස 07 වැනි දින නිකුත් කෙරුණු Impeachment: American Crime Story (දෝෂාභියෝගය: ඇමෙරිකන් අපරාධ කතාන්දරය) නම් වන American Crime Story කතා මාලාවේ තුන්වැනි කතා සමයයි. මේ කතා සමයට පදනම් වෙන්නේ ලෝකප්‍රකට ‘ක්ලින්ටන්-ලුවින්ස්කි ලිංගික දුරාචාරය’ සහ ඒ සමඟින් ඇති වුණු බිල් ක්ලින්ටන්ගේ දෝෂාභියෝගය පසුබිම් වන ආන්දෝලනාත්මක සත්‍ය කතාන්දරයයි. ඒ සඳහා ජෙෆ්රි ටූබින් නම් වන ලේඛකයා විසින් රචනා කළ A Vast Conspiracy: The Real Story of the Sex Scandal That Nearly Brought Down a President (මහා කුමන්ත්‍රණයක්: ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කරන්නට ආසන්න වුණු ලිංගික දුරාචාරයේ සත්‍ය කතාන්දරය) නම් කෘතියයි. Jeffrey Ross Toobin ඇමරිකානු නීතිඥයෙක් වන අතර ඔහු කතුවරයෙක්, බ්ලොග් රචකයෙක්, සහ CNN හි හිටපු නීති විශ්ලේෂකයෙක් ද වුණා. කතාංග දහයකින් සමන්විත වන මේ ටෙලිනාට්‍යය රූපවාහිනී තිරයට ගෙන ආවේ FX නාළිකාව විසිනුයි. මෙය රයන් මර්ෆිගේ අධ්‍යක්ෂණයක්. 

A Vast Conspiracy: The Real Story of the Sex Scandal That Nearly Brought Down a President කෘතිය සහ එහි කතුවර ජෙෆ්රි ටූබින්

1993 සිට 2001 දක්වා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයේ සේවය කළ බිල් ක්ලින්ටන්ට නින්දිත අන්දමින් දෝෂාභියෝගයට මුහුණ දෙන්නට පසුබිම සැකසුණු, මොනිකා ලුවින්ස්කි නම් ධවල මන්දිර ආධුනිකාවට සිය ජීවිතය නොසිතූ ලෙස නින්දිත ඉරණමකට ඇද දමන්නට හේතු වුණු, රාජ්‍ය සේවිකා ලින්ඩා ට්‍රිප්ට මහජන වෛරයට සහ ගර්හාවට  ලක්වන්නට හේතු පාදක වුණු, මේ  ආන්දෝලනාත්මක කතාන්දරය මෙලෙස අතිශය විචිත්‍ර ලෙස නිර්මාණය කිරීමට, තම යොවුන් වියේ මුහුණදුන් සියලු හැලහැප්පීම් වලින් අනතුරුව යළි නැගිට, සමාජ ක්‍රියාකාරිනියක සහ මනෝ උපදේශිකාවක ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කරන මොනිකා ලුවින්ස්කි ද නිෂ්පාදනයෙන් සහ උපදේශනයෙන් දායකත්වය සපයා තිබෙනවා. ක්ලින්ටන්-ලුවින්ස්කි අපචාර ක්‍රියාව ජනමාධ්‍යයේ අනවශ්‍ය ලෙස ප්‍රචාරණය වීමත් සමඟ දැඩි ලෙස සමච්චලයට ලක් වුණු ඇය, එම සංසිද්ධියෙන්ම තමන් ලද අසීමිත ප්‍රසිද්ධිය ජනප්‍රියත්වයකට හරවාගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ‘සයිබර් අඩන්තේට්ටම්‘ (Cyber bullying) වලට එරෙහිව අද ස්වේච්ඡාවෙන් සිය හඬ අවදි කරනවා. ඒ මහා ආන්දෝලනය අතරතුර ජනමාධ්‍යයේ හැසිරීම නිසා තමන් අත්විඳි පීඩනය ගැන අත්දැකීම් ද පාදක කරගනිමින්. 

ජනපති බිල් ක්ලින්ටන් සහ මොනිකා ලුවින්ස්කි 1998 පෙබරවාරි මාසයේදී ගත් ඡායාරූපයක්. 

මේ ටෙලිනාට්‍යයේ මොනිකා ලුවින්ස්කි ලෙස රංගනයෙන් දායක වන්නේ බීනි ෆෙල්ඩ්ස්ටීන් විසින්. Amecian Crime Story Season 01 –  The People v. O. J. Simpson (2016) මාලා නාටකයේ මාෂියා ක්ලාක් ලෙසින් රංගනයෙන් දායක වුණු සාරා පෝල්සන් මේ කතා මාලාවේ ලින්ඩා ට්‍රිප් ලෙසින් අද්විතීය රංගනයක නිරත වෙනවා. කෙට්ටු සිරුරක් සහ මුහුණක් සහිත සාරා පෝල්සන් ලින්ඩා ට්‍රිප් නම් තරබාරු කාන්තාව බවට පත් කරන්නට මෙම කතා මාලාවේ දක්ෂ වේශ නිරූපණ ශිල්පීන් අතිසාර්ථක ලෙස සමත්ව තිබෙන බව ඔබට දකින්නට හැකියි. මෙහි  ලින්ඩා ට්‍රිප් සහ මොනිකා ලුවින්ස්කි ලෙස බීනි ෆිල්ඩ්ස්ටීන් සහ සාරා පෝල්සන් විසින් ඉදිරිපත් කරන තාත්වික ප්‍රබල රංගනය මාලානාටකයේ රසවත් භාවයට බලපා ඇති බව විචාරකයන්ගේ අදහස වුණා. සමස්තයක් ලෙස  Impeachment: American Crime Story විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර සහ පැසසුම් වලට ලක් වුණා.

මොනිකා ලුවින්ස්කි ලෙස රංගනයෙන් දායක වන බීනි ෆෙල්ඩ්ස්ටීන් (වමේ), මොනිකා ලුවින්ස්කි 1998දී (මැද) සහ 2018දි (දකුණේ)

Impeachment: American Crime Story කතා මාලාව විවිධ සම්මාන උළෙල වලදී සම්මානයට ද පාත්‍ර වුණා. පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයක්.

  1. Hollywood Critics Association TV Awards 2022– Best Actress in a Broadcast Network or Cable Limited or Anthology Series – Sarah Paulson
  2. Primetime Creative Arts Emmy Awards 2022 – Outstanding Contemporary Hairstyling – Natalie Driscoll, Nanxy Tong-Heater, Michelle Ceglia, Suzy Mazzarese,Lauren Kress, and Leighann Pitchon (for “The Assassination of Monica Lewinsky”)
  1. ReFrame Stamp 2022 –  IMDbPro Top 200 Scripted TV Recipients –  Impeachment: American Crime Story

ලින්ඩා ට්‍රිප් (වමේ), සාරා පෝල්සන් ලින්ඩා ට්‍රිප් ලෙස චරිත නිරූපණය කරමින් (මැද), සාරා පෝල්සන් Hollywood Critics Association TV Awards 2022 සම්මාන උළලේදී (දකුණේ)

බීනි ෆෙල්ඩ්ස්ටීන්ට මොනිකා ලුවින්ස්කි චරිතය ගොඩනඟා ගැනීමට මොනිකා ලුවින්ස්කිගේ සහය සහ උපදේශනය ලැබුණද, සාරා පෝල්සන්ට ලින්ඩා ට්‍රිප් චරිතය ගොඩනඟා ගැනීමට, ට්‍රිප්ගේ උපදේශනය ලබාගන්නට නොහැකි වුණේ, ඇය මේ කතාව නිකුත් කරන්නටත් පෙර  2020දි මරණයට පත්වීම නිසයි. කෙසේ වුවත් ලින්ඩා ට්‍රිප්ගේ දියණිය වන ඇලිසන් ට්‍රිප්, මේ ටෙලිනාට්‍යයේ සිය මවගේ චරිතයේ සානුකම්පිත නිරූපණය සහ සාරා පෝල්සන්ගේ රංගනය ගැන බෙහෙවින්  ධනාත්මකව ප්‍රතිචාර දක්වා තිබුණා. කෙසේ වෙතත් බිල් සහ හිලරි ක්ලින්ටන්, මේ ටෙලිනාට්‍යය ගැන නිල ප්‍රකාශයක් සිදු කර නොතිබුණු නමුත්, නිෂ්පාදකයන් විසින් අතිශය ප්‍රවේශමෙන් පිටපත රචනා කරවන්නට උත්සාහ කළේ ඇතිවිය හැකි අපහසුතාවයන් අවම කරගැනීමටයි. ජනපති බිල් ක්ලින්ටන් ලෙස ක්ලයිව් අවන් සමඟින් ජනපති ආර්යාව වන හිලරි ක්ලින්ටන් ලෙස එඩී ෆැල්කෝ සාර්ථක උද්වේගකර රංගනයක නිරත වන අන්දම ඔබට දකින්නට ලැබේවි. 

ජනපති බිල් ක්ලින්ටන් ලෙස රංගනයෙන් දායක වන Clive Owen සහ ජනපති බිල් ක්ලින්ටන් (වමේ) හිලරි ක්ලින්ටන් ලෙස රංගනයෙන් දායක වන Edie Falco සහ හිලරි ක්ලින්ටන් (දකුණේ)

අද පළ වන කතාංගය ගැන:

  • පළමුවැනි කොටස –“Exiles” – “පිටුවහල් කිරීම්“
  • අධ්‍යක්ෂක –Ryan Murphy
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –2021 සැප්තැම්බර් 07
  • IMDb Ratings – 6/10

අද කතාව ගැන කෙටියෙන් කියන්නම්. 1998 ජනවාරි වල, මොනිකා ලුවින්ස්කිට ලින්ඩා ට්‍රිප් වෙතින් ආරාධනයක් ලැබෙන්නේ සාප්පු සංකීර්ණයක ආහාර අංගනයකදී තමන් හමුවන ලෙස කියමින්. එහෙත් එහි බලාසිටින මොනිකා පසුව වටහා ගන්නේ එය ලින්ඩා ට්‍රිප් විසින් FBI සංවිධානය සමඟ හවුල්ව ඇටවූ උගුලක් බවයි. අනතුරුව FBI නියෝජිතයන් මොනිකාව හෝටල් කාමරයක් තුළට කැඳවාගෙන යන්නේ විශේෂ කවුන්සිල කාර්යාල නිළධාරීන් විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කිරීමටයි. අනතුරුව ඡේදනය වන්නේ ඉන් පස් වසරකට පෙර, එනම් 1993 දී ධවල මන්දිරයේ සේවයේ නිරත වුණු ලින්ඩා ට්‍රිප්ව, එහි සේවය කළ වින්ස් ෆොස්ටර්ගේ දිවිනසාගනිමෙන් පසුව නොපැහැදිලි හේතුන් මත ධවල මන්දිරයෙන් පෙන්ටගනයට මාරු කෙරෙනවා. වින්ස් ෆොස්ටර්ගේ මරණය ගැන අබිරහස පොතක් ලෙසින් එළිදක්වන්නට ලින්ඩා ට්‍රිප් අදහස් කරනවා. ඇයට එම කාර්යය සාර්ථක කරගන්නට ප්‍රකට පොත් ප්‍රකාශිකාවක් වන ලුසී ගෝල්ඩන්බර්ග්ගේ සහය හිමිවනු ඇතිද? මේ අතර පෝලා ජෝන්ස් නම් එක් දරු මව, ජනපති ක්ලින්ටන්ට එරෙහිව චෝදනාවක් ගෙන එන්නේ, ඔහු ආකන්සස් ආණ්ඩුකාරයා ලෙස සිටි අවධියේ තමන්ට ලිංගික අතවර කරන්නට උත්සාහ කළ බව කියමින්. ඇය ඊට එරෙහිව ක්ලින්ටන්ට නඩු පවරනවා. ඒ සඳහා ඇයට නෛතික සහය ලබාදෙන්නේ සුසන් කාපෙන්ටර් මැක්මිලන් නම් ස්ත්‍රීවාදී සමාජ ක්‍රියාකාරී කාන්තාවයි. ඔවුන්ට යුක්තිය ඉටු කරගන්නට හැකිවෙයිද? මේ අතර ලින්ඩා ට්‍රිප් සේවය කළ පෙන්ටගනයට 1996දි, මොනිකා ලුවින්ස්කිව ද මාරු කෙරෙන්නේ ධවල මන්දිරයේ සිටයි. අබිරහස් ලෙස ඇයව ධවල මන්දිරයෙන් පෙන්ටගනයට මාරු කරන්නේ කවුද? කුමන හේතුවක් නිසාද? මේ ගැන දැනගන්න අද කොටස බලන්න.

 

සූසන් කාපෙන්ටර් මැක්මිලන් ලෙස රංගනයෙන් දායක වන ජූඩිත් ලයිට් සමඟ සූසන් කාපෙන්ටර් (වමේ), පෝලා ජෝන්ස්ගේ චරිතය නිරූපණය කරන ඇනලී ඈෂ්ෆර්ඩ් සහ පෝලා ජෝන්ස් (දකුණේ)

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E01.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.  

මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.  

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

ඔබට තෙරුවන් සරණයි!

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

844 downloadsDownload American-Crime-Story-S03-E01-Sinhala-Subtitles.zip36 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

844 downloadsDownload Subtitles36 KB

5 comments

  1. Lahiru Bandara

    අම්මො තුනත් දීලනෙ. මම හිතුවෙ දෙන් නැතිවෙයි කියල. පට්ට කතාව. සීසන් 1,2 බැලුව සුපිරියක් තමා. තෑන්ක්ස් බ්‍රො වෙච්ච මහන්සියට. පට්ට අදම බාන්න ඕනි සීසන් එකම. දවසට එක ගාණෙවත් දෙන්න පුළුවන් නම් හොදයි බ්‍රො. ඔක්කොම ටික එකවර දෙන්න පුළුවන් නම් තවත් හොදයි. මෙ වගෙ කතා එක දිගට බලන් යන්න තිබ්බනම් තමා හොද. කැඩි කැඩි දවස් දෙක තුන ඇදෙනවට වඩා. එල තෑන්ක්ස් බ්‍රො. පුළුවන්නම් Fargo S05 ටයි True Detective S04 සබ් එක දෙන්න.

    1. Kesara Withanage

      බොහොම ස්තුතියි සහෝදරයා මේ ප්‍රතිචාරයට!

  2. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

    1. Kesara Withanage

      බොහොම ස්තුතියි සහෝදරයා!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P