Watch Trailer

American Crime Story [S02 : E09] Sinhala Subtitles | හුදෙකලාව… [සිංහල උපසිරැසි සමඟ]

American Crime Story [S02:E09] Sinhala Subtitles හොඳයි, අද පළවෙන්නේ The Assassination of Gianni Versace: American Crime Story හි අවසන් හෙවත් නව වැනි කොටසයි. පහුගිය කොටසින් ඔයාලා දැක්කා ඇන්ඩ්රූ කුනානන්ගේ ළමා කාලය ගෙවුණු විධිය සහ ඔහු වැඩුණු විධිය. පියා විසින් මවා දුන් සිහින මාලිගාව බිඳ වැටීමෙන් පසු ඔ…

American Crime Story [S02:E09] Sinhala Subtitles

හොඳයි, අද පළවෙන්නේ The Assassination of Gianni Versace: American Crime Story හි අවසන් හෙවත් නව වැනි කොටසයි. පහුගිය කොටසින් ඔයාලා දැක්කා ඇන්ඩ්රූ කුනානන්ගේ ළමා කාලය ගෙවුණු විධිය සහ ඔහු වැඩුණු විධිය. පියා විසින් මවා දුන් සිහින මාලිගාව බිඳ වැටීමෙන් පසු ඔහුගේ සුඛෝපහොගී ජීවිතය අවසන් වෙලා නින්දා සහගත දිවියක් ගෙවන තැනට වැඩකටයුතු යෙදුනු අන්දම ඔබ දැනටම දන්නවා. රහසින් ධනවත් සමරිසි පුද්ගලයන් ඇසුරු කරන්නට මඟ පාදාගත් අන්දමත් එයින් ධනය උපයා ගත් හැටිත්, අවසානයේ නෝමන් බ්ලැච්ෆර්ඩ් විසින් ඔහුව නිවෙසින් නෙරපීමෙන් පසු එළෙස මවාගත් සිහින ලෝකයද යළි බිඳ වැටී දරුණු ආර්ථික ප්‍රශ්න කරා ඇද වැටුණු හැටිත් ඔබ දකින්නට ඇති. 

අද කතාවෙන් කියැවෙන්නේ ඇන්ඩ්රූ කුනානන් ඝාතන පහක්ම සාර්ථකව අවසන් කළාට පස්සේ ඇමරිකාව තුල සැඟවෙමින් පලායමින් සිටින අතරතුර, පොලිසියත් ෆෙඩරල් විමර්ෂණ මණ්ඩලය හෙවත් FBI ආයතනයත් ඇන්ඩ්රූ කුනානන් සොයමින් මුළු රටම පීරන අන්දම. ඔහු 1997 ජුලි 15 වැනිදා හැන්දෑවේ මයාමි වල නිවාස බෝට්ටුවකට ඇතුළු වී සැඟවෙනවා. ඔහු රටෙන් පැනයන්නට උත්සාහ කළත් යන යන හැමතැනම පොලිසිය දකින නිසා ඒ අදහස් ව්‍යර්ථ වෙනවා. කෑමක් බිමක් ගැනීමට වත් එළියට බහින්නට ඔහුට නොහැකි වන්නේ ඒ හැම තැනකම පොලිසිය ගැවසෙන බැවින්. කුනානන්ගේ ආශ්‍රිතයන්ගෙන්, විශේෂයෙන්ම මවගෙන් FBI එක කට උත්තර ගන්නවා. ජනමාධ්‍යවේදීන්, කැමරාකරුවන් රැසක් මැද තම ආදරණීය මව අසරණ වී හිඳිනු රූපවහිනියෙන් දකින ඇන්ඩ්රූ අතිශය කම්පනයට පත්වෙනවා. මේ අතර ඇන්ඩ්රූ තම පියාට දුරකථන ඇමතුමක් ගන්නා අතර, පියා ඇන්ඩ්රූට පොරොන්දු වෙනවා ගුවන් යානයකින් පැමිණ ඔහුව ගලවා ගන්නා බවට. ඔහුට තව කොතෙක් කලක් බෝට්ටු නිවාසයේ රැඳි සිටින්නට හැකි වෙනු ඇතිද? බෝට්ටු නිවාසයේ හිමිකරු කුනානන්ව හසු කරගනු ඇතිද? නැතහොත් සියලු මිනීමැරුම් චෝදනා වලින් නිදහස් ව රටෙන් පලා යන්නට හැකි වෙයිද? එසේ නැතහොත් පොලිසියේ සහ FBI විමර්ෂණ වලට ඔහු හසුවනු ඇතිද? අද ඔබට දැනගන්නට හැකියි මේ මහා ඝාතකයාගේ කතාවේ අවසානය. එසේ නම් මෙය රස විඳින මෙන් ආරාධනා කරනවා.

ඇන්ඩ්රූ කුනානන් විසින් සැඟවී සිටි දෙමහල් බෝට්ටු නිවාසය (දකුණේ) සහ ටෙලිනාට්‍යය වෙනුවෙන් යොදාගත් බෝට්ටු නිවාසය (දකුණේ). මෙම බෝට්ටු නිවාසය කුනානන්ගේ කුප්‍රකට සිදුවීමෙන් පසුවද සංචාරක ආකර්ෂණය දිනාගනිමින්, මාස කිහිපයක් ඉන්දියන් කලපු ඇලේ පාවෙමින් තිබුණු අතර, දුර්වල ලෙස නඩත්තු කිරීම හේතුවෙන් 1997 දෙසැම්බර් 22 වැනි සඳුදා දිනයේ එහි ගිලී ගොස් තිබෙනවා.

අද පළ වන කතාංගය ගැන:

  • නමවන (අවසන්) කොටස –“Alone” – හුදෙකලාව…
  • අධ්‍යක්ෂක –Daniel Minahan
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –2018 මාර්තු 21
  • IMDb Ratings – 4/10

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S02E09.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.  

මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.  

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අදින් නිමවෙන මේ කතා මාලාවේ ඊළඟ සීසන් එකත් ඉක්මණින්ම අරගෙන එන්නට මා අදහස් කරනවා. 

ඔබට තෙරුවන් සරණයි!

 

 

American Crime Story [S02:E09] Sinhala Subtitles

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,106 downloadsDownload American-Crime-Story-S02-E09-Sinhala-Subtitles.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

1,106 downloadsDownload Subtitles31 KB

5 comments

  1. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි කේසර!

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Nisal Akash

    Please Impeachment Season ekatath sub dennako

    1. Kesara Withanage

      ඉක්මණින්ම පළ වේවි. සයිට් එකට යවල තියෙන්නේ.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.