Watch Trailer

Anatomy of a Scandal [S01: E04] Sinhala Subtitles | පරම සත්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Anatomy of a Scandal S01 Sinhala Subtitles නීතිමය පැත්තෙන් එහාට ගිහින්, චරිතවල අතීතය සහ ඔවුන්ගේ තීරණ අදට කොහොම බලපානවද කියලා බලන්න අපිව ටිකක් ගැඹුරට එක්කගෙන යනවා. ඒකට මෙතන ඉදන් “මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ?” කියන එක පැත්තකින් තියලා “එහෙම වෙන්න හේතුව මොකක්ද?” කියන ප්‍රශ්නයට අපිට යොමු වෙන්න වෙනවා. මෙම…

Anatomy of a Scandal S01 Sinhala Subtitles

නීතිමය පැත්තෙන් එහාට ගිහින්, චරිතවල අතීතය සහ ඔවුන්ගේ තීරණ අදට කොහොම බලපානවද කියලා බලන්න අපිව ටිකක් ගැඹුරට එක්කගෙන යනවා. ඒකට මෙතන ඉදන් “මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ?” කියන එක පැත්තකින් තියලා “එහෙම වෙන්න හේතුව මොකක්ද?” කියන ප්‍රශ්නයට අපිට යොමු වෙන්න වෙනවා.
මෙම කොටසෙහි වැදගත්ම දෙයක් තමයි අතීත දර්ශන  තවත් වැඩි කරලා පෙන්වීම. විශේෂයෙන් විශ්වවිද්‍යාල කාලයේ සිදුවීම් තුළින් ජේම්ස් ගේ චරිතයෙහි මුල් ලක්ෂණ බලය භාවිතා කරන හැටි, වගකීම් ගන්න හැටි හෙළි වෙන්න පටන් ගන්නවා. මේ අතීත දර්ශන වර්තමානයේ ඔහුගේ හැසිරීම් තේරුම් ගන්න වැදගත් යතුරක් වෙනවා.

උසාවිය තුළ, කේට් (පැමිණිලිකාර පාර්ශවය) තමන්ගේ පැත්තෙන් නඩුව තවත් බරෑරුම් කරන්න උත්සහ කරනවා. 

ඇයගේ හරස් ප්‍රශ්න කිරීම (cross-examination) තවමත් ඉතාම සැලකිල්ලෙන්, පියවරෙන් පියවර කරගෙන යනවා. විත්ති පැත්තේ ප්‍රතිචාරය පැමිණ්ලිකරුගේ  ප්‍රකාශයට අභියෝග කරමින් යම් සැකයක් හදන එක. එනම් කෙතරම් දෝෂ තිබුනත් නීති මූලධර්ම අනුව ඒවා ඔප්පු කළ නොහැකි බව හෙළි කරන එක. මොකද එහෙම වුනාමට ජේම්ස්ව වැරදිකරු කරන්න ඉඩ ඇහිරෙන නිසා.

සොෆි දැන් නිකම්ම උසාවියේ තම සැමියාගේ නඩුව අහන් ඉන්න කෙනෙක් විතරක් නෙවෙයි, තමන්ගේ සැමියා ගැන සත්‍යය සොයන කෙනෙක් වෙලා. ඇය අතීතය සහ වර්තමානය සම්බන්ධ කරමින්, තමන්ගේ විශ්වාසය වැරදි වෙලාද කියලා 

ඇතුළතින් සටන් කරනවා. සැමියාගේ වැරදි වලට තමනුත් සම්බන්ධද කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරන තත්වෙට පත්වෙලා.

අවසානෙට තමන් අතීතයේ කරපු දේවල් අදට කොහොම විනිශ්චය වෙනවද සහ තමා වටේ ඉන්න අයට ඉන් ඇති කරන බලපෑම 

කොහොමද කියලා මෙහිදී හොඳට පෙන්වනවා.   ස්තුතියි!

 

Anatomy of a Scandal S01 Sinhala Subtitles


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

113 downloadsDownload Anatomy-of-a-Scandal-S01E04.zip22 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Anatomy of a Scandal Sinhala Subtitles

Subtitles by

හේමාල් ගනේගොඩ (G.V.)

Subtitles

113 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි හේමාල් සහෝ සබ්එකට

  2. Anonymous

    Thanks Bro <3

  3. Sandaru Nimsara

    Thanks