Watch Trailer

Anatomy of a Scandal [S01: E03] Sinhala Subtitles | අරගලය [සිංහල උපසිරැසි සමඟ]

Anatomy of a Scandal S01 Sinhala Subtitles අද කතාවෙන් එංගලන්තයේ අපරාධ නීතියේ ක්‍රියාවලිය ප්‍රායෝගිකවම අපට දැනගන්න හැකියාව ලැබෙනවා. මේ series එක නඩුවක් ගැන කතාවක් විතරක් නෙවෙයි, නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත්, ඒ තුළ සත්‍යය හඳුනාගන්නා විදිහත් හොඳට විවරණය කරනවා කියලා ඔයාල දැන් දන්නවා ඇති. ඔයාලත් උසාවිය…

Anatomy of a Scandal S01 Sinhala Subtitles

අද කතාවෙන් එංගලන්තයේ අපරාධ නීතියේ ක්‍රියාවලිය ප්‍රායෝගිකවම අපට දැනගන්න හැකියාව ලැබෙනවා. මේ series එක නඩුවක් ගැන කතාවක් විතරක් නෙවෙයි, නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත්, ඒ තුළ සත්‍යය හඳුනාගන්නා විදිහත් හොඳට විවරණය කරනවා කියලා ඔයාල දැන් දන්නවා ඇති. ඔයාලත් උසාවියට යන්න කළින් ටිකක් ලෑස්ති වෙලා යන්න.😁

මුලින්ම, නඩුව අධිකරණයට එන්න කලින් පොලිස් පරීක්ෂණ සහ සාක්ෂි එකතු කිරීම සිදු වෙලා තියෙනවා කියලා පැහැදිලිනෙ. ඒ පරීක්ෂණ වලින් පස්සේ, නඩුව Crown Prosecution Service (CPS) හරහා ඉදිරිපත් කරනවා. කතාවේ කේට් කියන්නේ මේ CPS පැත්ත නියෝජනය කරන නීතිඥවරිය. ඇයගේ වගකීම තමයි විත්තිකරු  වැරදියි කියලා අධිකරණයට ඔප්පු කරන එක.

මේ නඩුවේ ගැඹුරු ස්වභාවයක් තියෙන නිසා, ඒක Crown Court එකේ විභාග වෙන්නේ විනිසුරුයි, ජූරි සභාවයි, prosecution(පැමිණිලි) සහ defence(විත්ති) දෙපාර්ශවය එකට එකතු වෙලායි. ජේම්ස් “නිවැරැදිකරු” කියලා plea එක දාපු නිසා, නඩුව සම්පූර්ණ trial එකක් විදියට යන්නෙ.

Trial එකේදි, පැමිණිලි සහ විත්ති දෙපාර්ශවයම තම තමන්ගේ පැත්ත තහවුරු කරන්න උත්සාහ කරනවා. කේට් (පැමිණිලි පාර්ශවය) කෙලින්ම චෝදනා නොකර, හරස් ප්‍රශ්න (cross-examination) හරහා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ වල බරපතලකම් හෙළි කරමින්, කතාවක් ගොඩනගනවා. ඒකට ප්‍රතිචාර විදියට විත්ති පැත්තේ පැමිණිලිකරුගේ විශ්වාසනීයභාවයට අභියෝග කරනවා. මේ දෙපාර්ශවය අතර ගැටුම තමයි අධිකරණ දර්ශනයේ  ප්‍රධාන බලය.

මෙම නඩුවේ අවසාන තීරණය ගන්නේ ජූරි සභිකයෝ. ඔවුන්ට “සාධාරණ සැකයෙන් ඔබ්බට” සාක්ෂි විශ්වාසවන්ත නම් විත්තිකරු වැරදිකරු කියලා තීරණය කරන්න පුළුවන්. විනිසුරුගේ භූමිකාව නීතිය පැහැදිලි කරලා, 

ක්‍රියාවලිය නිවැරදිව පවත්වාගෙන යන එකයි.

සොෆි ගේ චරිතය නීතිමය ක්‍රියාවලියේ කොටසක් නොවුනත්, නඩුවක පුද්ගලික හා සමාජමය බලපෑම පෙන්වන වැදගත් පැත්තක්. ඇය හරහා, නඩුවක් කියන්නේ උසාවියක් ඇතුළේ පමණක් සිදු වෙන දෙයක් නොව, පවුලක, විශ්වාසය සහ ජීවිත කඩා වැටීමක් 

වෙන්නත් පුළුවන් කියලා මේ කතාවෙන් පෙන්වනවා.

අතීත දර්ශන (flashbacks) භාවිතා කරන ආකාරයත් ගොඩක් වැදගත්. පරණ සිදුවීම් ටිකෙන් ටික හෙළි කරමින්, මේ වෙලාවේ වෙමින් තියෙන දේවල්ට ඒවා කොහොම බලපානවද කියලා පෙන්වනවා.

අවසානෙට මේ ලෝකේ හොද සහ නරකට වගේම ඒ දෙපැත්තටම නැති (Gray areas) පැත්තකුත් තියෙනවා කියලා පෙන්නවා.

  ස්තුතියි!

 

Anatomy of a Scandal S01 Sinhala Subtitles


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

117 downloadsDownload Anatomy-of-a-Scandal-S01E03.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Anatomy of a Scandal Sinhala Subtitles

Subtitles by

හේමාල් ගනේගොඩ (G.V.)

Subtitles

117 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි හේමාල් සහෝ සබ්එකට

  2. Anonymous

    Thanks Bro <3

  3. Sandaru Nimsara

    Thanks