Watch Trailer

Arcane [S02: E08] Sinhala Subtitles | මා සීමාව ඉක්මවා ගියත් ඔබ මාව පිළිගන්නවාද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ආකේන් දෙවෙනි කතා සමයේ අටවෙනි කොටස. එහෙනම් දැන් අපි හෙමීට අවසානෙටම ලන් වෙලයි තියෙන්නේ. තව එක කොටසයි ඉතුරු. ඔයා මේ වෙනකල් කතාව බලපු කෙනෙක් නම් දැන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ මීලඟට මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න. ඉතිං ඒක නිසා තවත් පරක්කු නොකර අපි කතාව පැත්තට හැරෙමු. කට්ටියට මතක ඇති…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ආකේන් දෙවෙනි කතා සමයේ අටවෙනි කොටස. එහෙනම් දැන් අපි හෙමීට අවසානෙටම ලන් වෙලයි තියෙන්නේ. තව එක කොටසයි ඉතුරු. ඔයා මේ වෙනකල් කතාව බලපු කෙනෙක් නම් දැන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ මීලඟට මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න. ඉතිං ඒක නිසා තවත් පරක්කු නොකර අපි කතාව පැත්තට හැරෙමු.

කට්ටියට මතක ඇති නම් දෙවෙනි කතා සමය තුල මුල ඉඳන්ම තිබුණේ දුක් මුසු ඛේදජනක සිදුවීම් තමයි. අපිට කලින් කොටසෙදිත් හරිම සුන්දර දෙයක් පෙන්නුවත් ඉවර කලේ මහ කියාගන්න බැරි අමුතුම දුකකින්. කලින් කොටස් ලිපිවල මතක් කළත් වගේ මං ආයෙත් කියන්නම් මෙතන ඉඳන් ලිපිය කියවන්න එපා කලින් කොටස් බලපු නැති අය මොකද කතාව ස්පොයිල් වෙන්න පුළුවන් සහ ඔයාලට මඟ හැරෙයි කියලා හිතුණ පොඩි කරුණු ටිකකුත් කියන්නම් කලින් කොටස ගැන.  අපිට කලින් කොටසෙදි පෙන්නුවේ සරලවම වෙනස් මානයක සිදුවෙන සිදුවීම්. නැත්තම් වෙනස් විශ්වයක. ඒකෙදි දේවල් ගොඩක් හොඳට තමයි පිල්ටෝවර් සහ සෝන් වලට වෙලා තියෙන්නේ. ඒක ඔක්කොම ඇරඹිලා තියෙන්නේ වයි සහ පවුඩර් ඇතුලු යාලුවෝ මුලින්ම ජේස්ගෙන් හොරකම් කරන්න ආපු වෙලේ සිදු වුණ අනතුරකින් වයි නැතිවෙලා. ඒකෙන් වුණ බරපතලකම දැකපු පිල්ටෝවර් කවුන්සිලය තීරණය කරල වගේ කවදාවත් මායාවට ඉඩ නොදී හෙක්ස්ටෙක් සොයා නොගෙන ඉන්න. ඒ අනුව මේ වෙනකොට තත්වෙ හරිම සාමකාමී. හැම කෙනෙක්ම එකාමෙන් අන් අයට ගරු කරනවා. මේකෙදි පවුඩර් වයි වගේ මයිලෝව, ක්ලොගර්ව, එකෝව බලාගෙන එයාලට උදව් කරන එකයි කරන්නේ. එතකොට මයිලෝ, ක්ලොගර්, එකෝ කියන්නේ නව නිපැයුම්කරුවන්. මෙහෙම ඉද්දී හදිසියේම අපේ සාමාන්‍ය ලොකයේ එකෝ මේ අලුත් විශ්වයේ එකෝට ආවේශ වෙනවා. දැන් එකෝට මේ ඔක්කොම අළුත්. හැමදෙයක්ම වෙන්නේ හොඳට. එයාගෙ යාළුවෝ මැරිලා නෑ. එතකොට පවුඩර් එයාගෙ සහයකයා, හැබැයි නිකම්ම සහයකයෙක් කියනවට වඩා වැඩි දෙයක් එයාල අතර තියෙයි වගේ.  මේ අතරෙදි මෙයාට හමුවෙනවා හයිමඩින්ගර්, ඔහුට තේරෙනවා මෙයාගෙ අමුතු හැසිරීම ගැන. එවිට හයිමඩින්ගර් විස්තරේ කියනවා, ඒ වුණ සිදුවීමෙන් එයාලව එයාලගෙ ලෝකෙන් අයින් කරලා වෙනස් විශ්වයකට ගෙනත්, ඒ ගෙනත් තියෙන්නේ එකම කාලයකදි නෙමෙයි කියලා. ඒ කියන්නේ එකෝ එන්න දවස් දාහකටත් වඩා කලින් තමයි එහෙට හයිමඩින්ගර් ගිහින් තියෙන්නේ. එතකොට ජේස් වෙනම මානයකට ගිහින් තියෙන්නේ. දැන් එකෝට ගෙදර යන්න ඕනෙ වුණත් එහෙ හෙක්ස්ටෙක් නැති නිසා ඒක කරන්න බැරි දෙයක් වගෙයි පේන්නේ. මේ නිසා එකෝ ජෙම්ස්ටෝන් හොයන්න යනවා මායාව ආයෙත් නිර්මාණය කරන්න හිතන් සහ ඒ වගේම ඔහුට ඒ මායාගල් කීපෙකුත් හම්බෙනවා. ඒ වගෙන් පවුඩර් සහ හයිමඩින්ගර් ගෙ උදව්වෙන් ආයෙත් මායාව නිර්මාණය කරන්න යනව මෙයාල. ඒකෙදි වුණ අහම්බෙකින් එකෝට පුළුවන් වෙනවා ටයිම්ලූප් එකක් පවා ඇති කරන්න, ඒ කියන්නේ තප්පර ගානක් කලින් අතීතයට යන්න. කොහොම හරි මේ දේවල් උදව් කරගෙන හයිමඩින්ගර් මේක සෑහෙන දුරට අලුත් වැඩියා කරලා එකෝට ගෙදර යන්න පුළුවන් ගානට ඒක හදනවා සහ ඒ අතරෙදි එකෝ සහ පවුඩර් පාටියකට ගිහින් හොඳට විනෝද වෙනවත් මතක ඇති. පවුඩර්ට එකෝගෙ හැසිරීම වෙනස් වගේ හිතුනත් මේ අලුත් එකෝට ඇය හරියට ආදරේ කරන්න ගන්නවා වගේම එකෝත් මේ අලුත් පවුඩර්ට ආදරේ කරන්න ගන්නවා. ඒත් ඒ කොහොම වුණත් එකෝ ආපහු යන්නම එපැයි මොකද එයාගෙ ගෙදර තියෙන්නේ අතතුරක. මේ අනුව එකෝ ආපහු ගෙදර යනවා, එතනදි මහා ඛේදජනක සිද්දියකුත් වෙනවා ඔයාලට මතක ඇති.  ඒ වගේම අපිට අන්තිමට පෙන්නනවා පවුඩර් ගාව මුල ඉඳන්ම ජෙම්ස්ටෝන් නැතිනම් මායාගල් තිබුණ බවට. ඒ කියන්නේ පවුඩර් මුල ඉඳන්ම දැනගෙන තියෙනවා ඒ එයාලගෙ පරණ එකෝ නෙවෙයි එයා අලුත් කෙනෙක් බවත් ඒ අලුත් එකෝ එක්ක තවත් කාලය ගත කරන්න ඕනෙ නිසා ඇය ඒ ජෙම්ස්ටෝන් හංගන්න ඇති බවටත්. එහෙනම් ඒ සුන්දර කතාව එතනින් ඉවර වෙනවා වගේම ජේස් ගැනත් ඔහුට වුණ දේ පෙන්නනවා. ජේස් දකින්නේ පිල්ටෝවර් වල මහා දරුණුම පැත්තක්, ඒ හෙක්ස්ටෙක් නිසා මුළු පිල්ටෝවරයම විනාශ වුණ. එතනදි ඔහුට මුණ ගැහෙනවා ඔහු කුඩා කාලයේදි ඔහුගේ ජීවිතය බේරාගත්ත මායාකාරයව. එතනදි ඔහුගේ උදව්වෙන් ගොඩක් දේවල් තේරුම් ගෙන ජේස් නැවතත් ඔහුගේ පිල්ටෝවර් වෙත ආපහු යනවා. ඒ ඔහු තේරුම් ගත්ත දේවල් නිසාම තමයි ඔහු කලින් කරපු කෲර දේවල් වලටත් හේතු වෙලා තියෙන්නේ. එහෙනම් ඉදිරියේදී ඔයාලට තව ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි, ජේස්ගෙ ජීවිතේ බේරපු ඒ මායාකාරයා ගැනත් එක්කම. ඒවා මං ඔයාලට මෙතන ඉඳන් දැනගන්න තියන්නම්කෝ. ඒ අනුව මෙහි හත් වෙනි කොටසට ප්‍රේක්ෂක ප්‍රතිචාර IMDb දර්ශකය හරහා 9.6 ඉතාම ඉහල අගයකුත්, මේ දැන් ඔයාල බලන්න යන අට වෙනි කොටසට 9.1 ඉහල අගයකුත් මේ වෙන විට ගන්න සමත් වෙලා තියෙනවා. ඒ අනුව මතක් කරන්න ඕනෙ මේ වෙනකල් දෙවෙනි කතා සමයේ එක කොටසකටවත් IMDb 9.0 අඩුවෙන් අගයක් අරගෙන නෑ. එහෙනම් අන්තිම කොටසෙන් හමුවෙමු. ජයවේවා!


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,576 downloadsDownload Arcane-S02E08.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

3,576 downloadsDownload Subtitles16 KB

7 comments

  1. Anonymous

    'Dune' Tv series eke sub dennakoooooooooooooooooooooooooooooooooooo

  2. Deshan Adithya

    niyamayii ayiyeee ....... <3

  3. Navindu Thakshara

    First Count , Thank you

  4. nishan

    ඉක්මනින්ම අන්තිම episode ekath one..adareyi

  5. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  6. Akila Dilhara

    Thanks for Sub....

  7. Sahan Gayantha

    thanks a lot Yashan bro sub ekata