Watch Trailer

Arcane [S02: E09] Sinhala Subtitles | අවසානයක්ද? ආරම්භයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ආකේන් කතා මාලාවේ අවසාන කොටස. එපිසෝඩ් දහ අටක් පුරාවට දිවගෙන ආපු මේ කතාමාලාව දැන් අවසානයකට ලගා වෙලා තියෙනවා. මෙතෙක් කතාව බලපු අයට නම් හිතේ කුතුහලයක් වගේම යම් දුකකුත් ඇති මේ ගැන. හැබැයි ඒ අයට මං වගකීමෙන් කියනවා බය වෙන්න නම් දෙයක් නැහැ, මෙහි නිර්මාණකරුවන් මුල ඉදන්ම කරා වගේ සු…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ආකේන් කතා මාලාවේ අවසාන කොටස. එපිසෝඩ් දහ අටක් පුරාවට දිවගෙන ආපු මේ කතාමාලාව දැන් අවසානයකට ලගා වෙලා තියෙනවා. මෙතෙක් කතාව බලපු අයට නම් හිතේ කුතුහලයක් වගේම යම් දුකකුත් ඇති මේ ගැන. හැබැයි ඒ අයට මං වගකීමෙන් කියනවා බය වෙන්න නම් දෙයක් නැහැ, මෙහි නිර්මාණකරුවන් මුල ඉදන්ම කරා වගේ සුපිරිම ප්‍රේක්ශකයාගේ බලාපොරොත්තු බිඳ දාන්නැති අවසානෙකුත් මීට දීල තියෙනවා. ඒ ගැන ආයෙ අමුතුවෙන් කියන්න දේකුත් නෑ මොකද IMDb දර්ශකෙත් මේ කොටසට 9.5 ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මං කලිනුත් මතක් කරා වගේ මේකෙ දෙවෙනි කතා සමයෙ හැම එපිසෝඩ් එකටම IMDb දර්ශකේ 9.0 ඉහිලින් තමයි රේටින් ලැබිලා තියෙන්නේ. බලපු අයට නම් ඒකෙ පුදුමයක් නැතුව ඇති මොකද ඒ තරම් සුපිරියට මේක තිබ්බනේ. ඊට අමතරව ආකේන් කතා මාලාවේ එපිසෝඩ් 18න් 14කටම 9.0 වැඩියෙන් රේටින් අරන් තියෙනවා. ඒ අනුව සමස්තයක් වශයෙන් ආකේන් කතා මාලාවටම IMDb දර්ශකේ මනාප 320, 500 අධික ප්‍රමානයකින් 9.0 ඉතාම ඉහල අගයකුත් කුණු තක්කාලි 100% අරගෙන තියෙනවා.

අවසානය කියද්දි කට්ටියට දුකකුත් ඇතිනේ ආයෙ මේ වගේ නෙක්ස්ට් ලෙවල් ඇනිමේටඩ් සීරිස් එකක් බලන්න වෙන්නෑනෙ කියලා. ඔන්න ඒ දුක නැති කරලා තියෙනවා මේකෙ නිර්මාණකරුවෙක් වෙන ක්‍රිස්ටියන් ලින්ක් විසින්, ඔහු තහවුරු කරල තියෙනවා ආකේන් පවා නිපද වුණ League of Legends ආශ්‍රයෙන් තව අලුත් කතා මාලා තුනක වැඩ පටන් අරන් තියෙන්නේ සහ ඒවයින් එකක වැඩ පටන් අරන් අවුරුද්දකටත් වැඩී කියලා. ඒ කතා මාලා තුන නොක්සස්, අයෝනියා, ඩිමේෂියා කියන ප්‍රෙදේශ තුන මුල් කරගෙන නිපදවෙයි. මේවා ගැන අලුත් තොරතුරු අපිට විස්තර ඇතුව ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි.

එහෙනම් මේ අවසන් කොටස නිසා කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්. ඇම්බේසා බල තන්හාවෙ කරගෙන යන මේ යුද්ධෙ කොතනින් කෙලවර වෙයිද? මෙල් තමන්ගෙ මායා බලය කෙතරම් දුරට පාලනය කරන්න ඉගෙන ගනීද? ජීවිතේම එපා වෙලා ඉන්න ජින්ක්ස් මොනව කරගනීද? ජේස්ට වික්ටර්ව නවත්තන්න හැකිවෙයිද? බලලාම දැනගමු.

යන්න කලින් මේ වෙලාවෙ විශේෂයෙන් ස්තූතියි කරන්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ තමයි හසන්ත අයියා, මොකද 2021 දි මේකෙ පලවෙනි සීසන් එක ආපු කාලෙ මේකට සබ් කරන්න මාරම ආසාවක් තිබ්බේ. ඒත් ඒ දවස් වලට මං සයිට් එකට අලුත් නිසත් මඟ නැවතුන සීරිස් ගොඩක් තිබුණ නිසත් මේකට මං උපසිරැසි කරන්න ඇඩ්මින් මන්ඩලේ අයියලා දෙන්නෙක් තුන් දෙනෙක්ගෙන්ම ඇහුවාම එපා කියල තමයි කිව්වේ. ඒත් මට නම් වැඩේ අතාරින්න හිතුනෙම නෑ, කොහොම හරි අන්තිමේදි හසන්ත අයියගෙනුත් ඇහුවාම තමයි එයා කිව්වේ සීසන් කීයක් ආවත් මග නවත්තන්නැතුව කරන්න පුළුවන් නම් කරන්න මල්ලි කියලා. එහෙම සීසන් කීයක් ආවත් මග නවත්තන්නෑ කියලා හසන්ත අයියට සහ චාමර අයියට පොරොන්දු වෙලා ගත්ත සීරිස් එක ඔන්න අද මේ විදිහට ඒ පොරොන්දුවත් ඉටු කරනවා. ඒ වගේම රවිඳු හේශාන් සහෝටත් ස්තූතියි ගානට වෙලාවට දෙවෙනි කතා සමයෙ එපිසෝඩ් ටික සයිට් එකේ පල කරලා දුන්නට.

ඊලඟට අමතක කරන්නම බැරි පිරිසක් තමයි අපෙන් සබ් ගන්න ප්‍රේක්ෂක ඔයාලා. එපිසෝඩ් දහ අටක් පුරාවට අදහස් දක්වලා සහයෝගයක් දුන්න හැමෝටමත් මේ වෙලාවේ ස්තූතියි කරන ගමන් මේකෙන් එන්න තියෙන ස්පින් ඕෆ් සීරිස් වලින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ජයවේවා!


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,365 downloadsDownload Arcane.S02E09.zip11 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

4,365 downloadsDownload Subtitles11 KB

21 comments

  1. Saminda

    Thanks bro

  2. nishan

    thanks machan... adareyi...

  3. Anonymous

    patta, thanx lot

  4. Bhathiya

    Thankss..sub ekata...
    Dune: Prophecy 2024 sub denna.

  5. Hasitha

    Thank...❤️

  6. Dasun

    සුපිරි බ්‍රදර්....ගොඩක් ස්තූතියි මේ කැපවීමට

  7. Navindu Thakshara

    Supiriyak bro

  8. Kavee

    කතා මාලාව පුරාවට සිංහල උපසිරැසි ලබා දුන් ඔබට බොහොම ස්තූතියි

    Good Luck, Keep it Up ❤️

  9. Trn

    Thanks broo

  10. Sumith Kumara

    අවසානය දක්වා උපසිරැසි ලබා දුන්නාට ස්තූතියි

  11. Shehan

    Mata Whisper me a love song Anime eke subtitle denna puruwanda ?

  12. Dilshan buddika

    Thanks you ❤️

  13. Akila Dilhara

    Thanks for Sub....

  14. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    ජය

  15. lakmal

    thank you biascope team

  16. Yasitha Heshan

    ❤️

  17. Anonymous

    Thanks bro ❤️❤️❤️

  18. Anonymous

    බොහෝම ස්තූතියි සහෝ මේ කතා මාලාවට උපසිරසි ගෙනාවට. ඔයාගෙ මහන්සියට ගොඩක් පින්. මේක පට්ටම කතාවක්. නැවත වාරයක් බොහොම පින් ඔයාගෙ කාලය ශ්‍රමය කැපකරලා මේ කරන සේවයට...

  19. Anonymous

    බොහොම ස්තූතියි මෙච්චර දවසක් සබ් දුන්නට

  20. Sahan Gayantha

    thanks a lot bro sub ekata

  21. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ ❤️