ඇරෝ හත්වැනි කතාමාලාවේ අටවැනි කොටස අරගෙන තමයි ඔන්න අද ආවේ. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටහේ උනේ මොනාද කියන එක මතක් කරගෙනම අපි කතාව බලමු.. ගිය සතියේ දැකගන්න ලැබුනා රිකාඩො ඩියැස්ව සිර ගත කරලා ඔලිවර් ක්වින්ව බේරගන්න ලෝරල් FBI එක්ක ආපු එකගතාවයට අනුව ඩියැස්ව ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය වෙත අරන් ගියත් ඩියැස…

ඇරෝ හත්වැනි කතාමාලාවේ අටවැනි කොටස අරගෙන තමයි ඔන්න අද ආවේ. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටහේ උනේ මොනාද කියන එක මතක් කරගෙනම අපි කතාව බලමු..
ගිය සතියේ දැකගන්න ලැබුනා රිකාඩො ඩියැස්ව සිර ගත කරලා ඔලිවර් ක්වින්ව බේරගන්න ලෝරල් FBI එක්ක ආපු එකගතාවයට අනුව ඩියැස්ව ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය වෙත අරන් ගියත් ඩියැස් වෙනදා වගේම තමන්ගේ කූට බුද්ධිය උපයෝගී කරගෙන ඒකෙන් බේරුනා. හැබැයි මිනිහා ඒකෙන් බේරිලා පලා ගියේ නෑ. ඔලිවර්ව මරලා දාන්න කියලා හිතාගෙන ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය ඇතුළටම තමයි ආවේ. ඔලිවරුත් මේ ගැන ගාඩ්ලට කිව්වට මොකද ගාඩ්ලා ඒ කතාව තඹේකට ගණන් ගත්තේ නෑ. උන්දලා කිව්වෙම තමන්ට ඩියැස් ගැන බලාගන්න පුළුවන් කියලා. හැබැයි අපි දැක්කා ඔලිවර් ගාඩ්ලට විරුද්ධව යමින් ඩියැස්ව නවත්තන්න වැඩ කටයුතු කරන්න සූදානම් වෙනවා. කොහොමින්හරි ඩියැස් බන්ධනාගාරය ඇතුළට රිංගලා ගාඩ්ලා කීප දෙනෙක්ව මරලා බ්‍රික් සහ සැම්ප්සන් ඇතුළු අපරාධකාරයො කීප දෙනෙක්ව උසි ගන්නනවා ගාඩ්ලව මරන්න කියලා. ඒ වැඩෙත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා හා සමානව නැගලාම යනවා. කොහොමහරි ඔලිවරුත් තව පොඩ්ඩෙන් බ්රි ක් සහ සැම්ප්සන් දෙන්නා අතින් මැරුම් කනවා. ඔලිවර්ව බේරගත්තේ ටර්නර් ඇවිල්ලා කියලා මතක ඇතිනේ. එතනින් පස්සෙ මකරාට විරුද්ධව සටන මෙහෙයවන්නේ ඔලිවර් සහ ටර්නර් එකතු වෙලා. ටර්නර් ඔලිවර්ට උදව් කලේ තමන්ට හිරෙන් නිදහස් වෙන්න උදව් ලබාගන්න කියලා කට්ටියට මතක ඇතිනේ. ඒ දේවල් ඔහොම වෙද්දී මතකයිනේ ඔලිවර්ගේ යාලුවා ස්ටැන්ලි හීන් සීරුවේ ගේමක් ගහනවා. මිනිහා අහිංසකයා වගේ රගපෑවාට මොකද බලාන යද්දි හෙන දරුණු ඩයල් එකක් නෙව.කොහොමහරි ඔලිවර් සහ ටර්නර් දෙන්නා එකතු වෙලා බ්‍රික්, සැම්ප්සන් සහ ඩියැස්ව පරාද කරනු ලබනවා. සැම්ප්සන් හාදයනම් ටර්නර් අතින් මැරුම් කෑවා. ඔලිවර් ඉතින් වෙනදා වගේම ඩියැස් මරන්නෙ නැතුව ඉතුරු කරනවා. හැබැයි බ්‍රික්ට වෙන්නේ අවාසනාවන්තම සිදුවීමක් නෙව. මැරුම් කන්න උනේ ස්ටැන්ලිගේ අතින්.
ඉතින් ගිය සතියේ කතාව ඔය ආකාරයට ගලාගෙන යද්දි ඔන්න අද ඔලිවර් ක්වින් හිරෙන් නිදහස් වෙලා සතියකුත් ගතවෙලා ගිහින්. ඒ වගේම ස්ලැබ්සයිඩ්වල දැක්වූ වීර ක්‍රියාව හේතුවෙන් ඔහුව වීරයෙක් විදිහට සම්මානයට පාත්‍ර කරන්න යන්නෙ. හැබැයි අද අලුත් ග්‍රීන් ඇරෝ හිටිහැටියේම මිනී මරන්න ගන්නවා. ඒ වගේම මේ අලුත් ග්‍රීන් ඇරෝ කවුද කියන අභිරහසත් අද විසදෙනවා. ඒ වගේම අනාගතයේ ඉන්න විලියම් ඇතුළු පිරිස ගැනත් අද දැකගන්න ලැබෙනවා.හොදයි එහෙමනම් කතාව ගැන මීට වඩා යමක් කියන්න යන්නෙ නෑ. කතාවේ අන්තිම මිනිත්තු කීපයේ දැකගන්න ලැබෙනවා දෙසැම්බර් 9වැනිදා ආරම්භ වීමට නියමිත ක්‍රොසෝවර් කොටස් මාලාවේ යම් සිදුවීමක්. කොටස්වල පෙළ ගැස්ම හැදිලා තියෙන්නෙ ෆ්ලෑෂ්, ඇරෝ සහ සුපර්ගර්ල් ලෙස. එහෙනම් ලබන සතියේ ඔහෙලට මේ කොටස් තුනම බලන්න වෙයි ඔන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
13,357 downloadsDownload Arrow.S07E08-HDTV-WEB.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
71 comments
Kantha_DLA
Ishara125
Thanks
kavinuweerakkody
thnkq aiye..
Thanusha
Thanks saho
sameeradananjaya
ela machan, thx kivva
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...!
D J Ushan Remixer
thnq mcn <3 cross ekn set wemu
Amilperera
Thanks bro sub ekata
Suuriyadewa
thanks bro!!!
Sandaru Wijenayake
ස්තුතියි. Sub දෙන එක කොච්චර පරක්කු උනත් කමක් නෑ. ඔයාලා දහසක් වැඩ එක්ක ලොකු සේවයක් කරන්නෙ. ක්‍රොසොවර් ටික නම් කොහොමහරි වෙලාවට දෙන්න
indula D
..........thanks..........
100
Sub eakata thanks
Nuwandika Dil
Tnks wasthu
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdil_shan
tnz sub ekata
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Nadeesha rox alahakoon
Tnx bro.meka anakan hitiye mara hadisssiyakin. Cross over akanum puluwan tharam ikmanata denna. Elm
RKO
Thanks bro
albus98
Thanks bro..
Nilush Angana
Sub ekata thanx
Uvindu Dilshan
Thankx bro
Hasindu devinda jayarathna
තෑන්ක්ස් පනහ්
Hard Rock
ela macho. thanks
Bobby
Thank you very much
Madushanka
Thanks very much bro.........
saliya1991712
THanks bro
Luchnik
Thanx broo..
wspperera
░░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████Asanga ranganatH
thanks bro.......
sashan
thanks
Gayan_madushanka_
Thanks bro
tv malli
tnx bn
Eranda Malith 2.0
Thanks bro
lahiru sadaruvan
thanx bro
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks
YasasPerera
thanks mchn..
SihanSithara
thankz mchn
isuruperera
thanx bro.....sub ekata ...digatama karagena yanna dairiya labenna ona....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
chathu_naayak
Thnkz bro sub ekt
suranuwan
thanks bro...
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!!tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!kprasadms
Thank You
Lakshan
Thanks Bro.
nike_11
Thx bro
Deshani
thank you
futureomega
thanks sub ekata
ynd
thanks for subtitle
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!