ආවා, ආවා, ආවා! බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන ආවා. ඉබෝත් මහ පුදුම කොල්ලෙක් නේද? එක අතකට එයාට වරදක් කියන්නත් බෑ නේ. එයා හිතන්නේ මුරාත් මහ නොසන්ඩාලයෙක් කියලනේ. මතකද දන්නේ නෑ කලින් කොටස? කමක් නෑ, මම මතක් කරන්නම්කෝ. ඉබෝ, හයාත්ට ආදරෙයි කිව්වා, එතනට මුරාත් කඩා පැන්නා. ඉබෝ කිව්වා, මුරාත් දිදෙම්ව ගෙදරට ගෙ…

ආවා, ආවා, ආවා! බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන ආවා. ඉබෝත් මහ පුදුම කොල්ලෙක් නේද? එක අතකට එයාට වරදක් කියන්නත් බෑ නේ. එයා හිතන්නේ මුරාත් මහ නොසන්ඩාලයෙක් කියලනේ. මතකද දන්නේ නෑ කලින් කොටස? කමක් නෑ, මම මතක් කරන්නම්කෝ.
ඉබෝ, හයාත්ට ආදරෙයි කිව්වා, එතනට මුරාත් කඩා පැන්නා. ඉබෝ කිව්වා, මුරාත් දිදෙම්ව ගෙදරට ගෙන්න ගත්ත කතාව. ඒක අහලා හයාත්ට දුක හිතුනා. ඒත්, මුරාත් හයාත්ගේ පස්සේ ගිහින් හායත් තේරුම් කරලා දුන්නා ඉබෝ කිව්වා වගේ නරක දෙයක් වුනේ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි, මුරාත් දිදෙම් ඉන්න තැනට ගිහින් දිදෙම්ගේ කටින්ම සිද්ධ උන දේ හයාත්ට කියවනවා. ඒත්, මුරාත්වත්, දිදෙම්වත් ඇත්තම හේතුව වුන ඩේර්‍යා ගැන මොකුත්ම නොකියන්න වග බලා ගන්නවා. මුරාත්ගේ පරණ පෙම්වතියයි, අලුත් පෙම්වතියයි එකට ඉන්නවා දකින පැපරාසියෙක් එයාලගේ ෆොටෝ ගන්නවා. එයාලා හිතන්නෙත්, හයාත් කියන්නේ කේමාල් පෙක්ටාස්ගෙ දුව, සූනා කියලා. ඔන්න ඔහොම තමා ඊලඟ ගින්න ඇවිලෙන්න පටන් ගත්තේ.
ඒ අතරේ කෙරම් සේරම ඇත්ත මුරාත්ට කියන්න හදද්දී, මුරාත්ගේ ආච්චි එයාව නවත්තනවා. ආච්චි කිව්වේ එහෙම කරන්නෙ එයාට හේතුවක් තියන නිසා කියලයි. ඒ කියන්නේ එතන මොකක් හරි රහසක් තියනවා වගේ. ඇත්තටම මොකක් වෙන්න පුලුවන්ද?
හයාත්ට ආදරෙයි කිව්වට පස්සේ මුරාත්ගෙන් ගුටිත් කාලා, බැනුනුත් අහ ගත්ත ඉබෝ හොඳටම කේන්තියෙන් ගෙදරින් යනවා. කාටවත් හිතා ගන්න බෑ මේකට මොකක් වෙලාද කියලා! ඔය අතරේ හයාත්ගේ බොරුවේ ගින්න වේගෙන් පැතිරෙන්න පටන් ගත්ත හැටි මතකද? ඒක කොයි තරම් දරුණු ද කියනවා නම් කෙරම්, ඉපෙක් එක්ක තියන සම්බන්ධය නතර කරා, ඒ වගේම කෙරම්, හායාත් ට බැන්නත් එක්ක. මේ නිසා හයාත්ට හිතෙනවා හොඳම දේ පුලුවන් ඉක්මනට මුරාත්ට ඇත්ත කියනෙකයි කියලා. ඒක කියන්න යද්දි හයාත් දකිනවා එයාව මනාලියක් කරන්න, මුරාත් තුවාල්ට කියලා හදවපු මංගල ගවුම! ඒක දැකලා හයාත් ගොඩක් සංවේදි වෙනවා. මේ තරම් ආදරේ කරන මනුස්සයට මේ තරම් ලොකු බොරුවක් කරන්නේ කොහොමද කියලා.
හයත් හැම ඇත්තක්ම කියන්න ඕන කියලා හිතුවට, මුරාත්ගේ ආච්චිට නම් ඕන ඇත්ත හංගන්න. එයා කියපු විදියට ඒකට හොඳ හේතුවක් තියනවලුනේ. මේ නිසා මුරාත්ගේ ආච්චි, හයාත්ගේ ගෙදර එනවා. ඇවිත් හයාත්ගේ අම්මට කරුණූ පැහැදිලි කරලා කියනවා, මේ බොරුව තවදුරටත් හංගගෙන ඉමු කියලා. හයාත්ගේ අම්මත් එකඟ වෙනවා. ඉතින්, ආච්චි හදන්නේ ඉක්මනටම හයාත්වයි, මුරාත්වයි බන්දන්න. ඒකට මුල් පියවර විදියට පවුලේ උරුමය වුන මුද්දක් ආච්චි, මුරාත්ට දෙනවා. මේ මුද්ද, පවුලේ ලේලිට අයිති වෙන එකක්. අලුතින් එන්න ඉන්න ලේලි, හයාත්ට දෙන්න කියලයි ආච්චි ඒ මුද්ද මුරාත්ට දෙන්නේ. ඒත් එක්කම දකින්න ඇති ආච්චි හොර රහසේ ලියුමක් බලපු හැටි. බලමු, ලියුමේ කියවෙන්නේ මොනවද කියලා අද කොටසින් බලා ගන්න ලැබෙයි.
ඉතින්, මුරාත්නුත් හරිම ආදරෙන් පවුලේ උරුමය වුන මුද්ද හයාත්ට පළඳවනවා. නිකම්ම නෙවේ, වෙනස්ම තැනකට හයාත්ව එක්කරගෙන ගිහින්. ඒ තැන රංග ශාලාවක්. මුරාත් හයාත්ට විවාහ යෝජනා කරන්නෙ වේදිකාවේ ඉඳන්. එයා ඒ වගේ තැනක් තෝර ගත්තේ එයාගේ අම්මා ආසම තැන එතන නිසා කියලත් කිව්වා මතක ඇති. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නේ මුරාත් අම්මට කොච්චර ආදරේද කියලා. එච්චර ආදරේ අම්මා ගැන හිතේ තිබුන ප්‍රතිරූපේ එහෙම පිටින්ම බිඳිලා ගියොත් මොකක් වෙයිද? ඒක අද වෙන්න තියන දේ ගැන ඉඟියක්!
ඊලඟට හයාත්ගේ සීයා එහෙම මතක ඇති කියලා හිතනවා. හයාත්, මුරාත්, දිදෙම් තුන්දෙනා පත්තරේ ඉන්නවා දැකලා සීයට හොඳටම කේන්ති ගිහින් හයාත්ව කුදලගෙන යන්න නගරෙට ආවානේ, පත්තරේ ගිය නිව්ස් එක ගමේ හිටපු සීයට ආරංචි වුනා කියන්නේ ඉතින් ආයි ඒක රහසක් වෙන්නේ නෑනේ. ඒත්, මුරාත්ගෙ පවුලේ අය දන්නේ නෑනේ හයාත් කියන්නේ සුනා පෙක්ටාස් නෙවේ කියලා. ආච්චි පුලුවන් හැම විදියටම ඒක හංගන්න උත්සහ ගන්නවා. හැබැයි කේමාල් පෙක්ටාස්, නේජාත්ව මුණ ගැහෙන්න ආවම ඒ සේරම සැලසුම් ගඟට කපපු ඉණි වගේ වෙනවා. කේමාල්, නේජාත්ට කියනවා පත්තරේ මුරාත් එක්ක ඉන්න කෙල්ල සූනා නෙවේය, ඒ ඉන්නේ හයාත් කියන කෙල්ලය කියලා. මේ බොරුව කරන්න, හයාත්ට සූනත් උදව් කරපු නිසා සමාවෙන්න කියනවා. හම්මෝ, ඕක ඇහුවම ඩේර්‍යාගේ කට කනට යනවා, ඇහැ නළලට යනවා.
කලින් කොටසේ උන තව වැදගත් දෙයක් තමයි තුවාල්ගේ මාර්ගෙන් මුරාත් දැන ගත්තා, දිදෙම් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කරේ බොරුවක් කියලා. මුරාත්ට බොරුව පේන්න බෑනේ. දැන ගත්ත ගමන් දිදෙම්ව රස්සාවෙන් අයින් කරා. ඒ අතරේ ඩේර්‍යා ඇවිත් මුරාත්ට හයාත් ගැන සේරම විස්තරේ කියනවා. එතනදි තමයි හයාත් ගොඩක්ම අසරණ වෙන්නේ. මුරාත් වචනයක්වත් නොකියා හයාත්ට අස් වෙන්න ලියකියවිලි ටික දෙන්න කියනව. හයත්ට වඩා මුරාත් අසරණ වෙලා, මුරාත්ට මේ රැවටීම දරා ගන බැරුව වාහනේ අරන් යන්න යනවා. ඩේර්‍යාට නම් සිද්ධ වුන දේවල් ගැන ගොඩක් සතුටුයි, ඒත් මුරාත් ගැන ආරංචියක් නැතුව ගෙදර අනික් අය කලබල වෙනවා. ඒ අතරේ මුරාත් කිසි දෙයක් නොවුන ගානට ගෙදර එනවා. මුරාත් ඉන්නේ හයාත් ගැන කතා කරන්නවත් කැමති නැති මානසිකත්වෙක. ඒ අතරේ හයාත්ගේ සීයා ලෑස්ති වුනේ හයාත්ව අරන් ගමේ යන්න. ඒත්, ඊට කලින් එකපාරක් මුරාත් හමු වෙලා කතා කරන්න ඕන කියලා හයාත් මුරාත් හමු වෙන්න ගියා. එතනදි මුරාත්ට කේන්ති ගිහින් හයාත්ව එලව ගත්තා. හයාත් ගොඩක් දුකින් ගමේ යන්න ලෑස්ති වුනා.
හයාත් ගමේ යන බව මුරාත්ට කිව්වේ තුවාල්. තුවාල් කිව්වා, ගිහින් එයාව නවත්තන්න කියලත්. කොහොමින් කොහොම හරි කලින් කොටස ඉවර වුනේ අපි හැමෝම කැමති විදියට නේද? මුරාත් හයාත්ලා ගිය පාර හරස් කරලා වාහනේ නවත්තලා, හායත්ව බඳින්න ඕනේ කියලා සීයා ඉස්සරහම කිව්වා. ඒත්.. මුරාත් සම්පූර්ණයෙන්ම හයාත්ට සමාව දීලා නෑ වගේ නේද? ඊටත් සීයා කැමති වෙයිද? එතකොට ආච්චි හංගන රහස මොකක්ද? මේ හැමදේම අද ඔයාලට දැනගන්න පුලුවනි. එහෙනම් ගිහින් එන්නම්. ආයුබෝවන්!
ලිපිය- හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,180 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E17.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/YasiruJayasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-04-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු ජයසුන්දර
Subtitles
30 comments
bimbi
ChithRaka
Thanks 4 SUb..!!
Isurudomain
Thank U Saho........
MAALnath
Thanks ...............good luck .......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--.................zookeeper 2011,looking glass,miss you already,deep blue sea2 2017 movie valata sub eka denna.
MAALnath
Thanks ...............good luck .......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--.................zookeeper 2011,looking glass,miss you already,deep blue sea2 2017 movie valata sub eka denna.
MAALnath
Thanks ...............good luck ..........................
N_R
Thank You!!!!
Hasanka1
thanks you bro
madusha
thank u dr..
uvi
බොහොම ස්තුති
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
manju4300
මමත් මුල් කොටසෙ ඉදන් හැමදාම අද දක්වාම කමෙන්ට් එකක් දැම්මෙ ස්තූති කරලා මදි නිසා ඔබගේ මෙම අගනා මහන්සියට.... ජයෙන් ජයම වේවා..... සියලු කටයුතු සර්ටක වේවා ....
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Ravi28
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයhansaka gihan
තව සුට්ටි කොල්ලො
ඕම යමන්
සබ් එකට බෝම ස්තුතිKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udith
thanx wewaa
nipuna1997
ado thanks bn. Ebo qwwe Ebrahim ta neda
Helili Hemamali
ඔව්, එයාට තමා
nipuna1997
English Sub eka ganna link ekak dennako plzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DasunHasanka
Thanks friend !
hiru24
thanks sub eka denawata. good luck
TharakaWAS
Ammmooooooooo...
thanks...Thanks....Thaaaaaaaaannnnkkkkkkkkkkkksssssssss....
meka enakan Hamdamat Balan inne...
Oyala okktma hugak Stutui...
api wenuwn me sub 1ka denwata...
Digatma Karan Yamu...
Jaya Wewa Oyala okktma.......!!!!!!!!!!!!!Thusitha Suminda
sub aka download wenne nane. page not found kiyala watenawa.
lakmalmax
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
dagi1
supper
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!Shadow125
Tnx :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සතියක් බලන් හිටියත් කතාව වෙලාවට දෙන එකනම් ඇත්තටම අගේ කරනව යසිරු මචන්
හැමදාම බලන් ඉන්නෙ මේක දානකන්
ඒවගේම මුල් කොටසෙ ඉදන් හැමදාම අද දක්වාම කමෙන්ට් එකක් දැම්මෙ ස්තූති කරලා මදි නිසා
ජය !
ඊලග එකත් ගානට දෙමු