ආයුබෝවන්, කොහොමද? ඇඟිලි ගැන ගැන හිටපු 16 වෙනි කොටස ඔන්න අරං ආවා. මේ කතාව මගේ එකක් නම්නෙ වෙයි. මං මේ කතාවට සම්බන්ධ වුනේ මෙහෙමයි. මං රූපවාහිනි කතාංගයක් කරන්න ආසාවෙන් ඉන්නකොට අපේ හෙළිලි නංගි තමයි මේ කතාව ගැන කිව්වේ. ඉතින්, මාත් වෙනස් දෙයක් හින්දා කැමති වුනා. මට මේකට උපසිරැසි කරන්න උදව් කරපු, කතා නායකය…

ආයුබෝවන්, කොහොමද? ඇඟිලි ගැන ගැන හිටපු 16 වෙනි කොටස ඔන්න අරං ආවා. මේ කතාව මගේ එකක් නම්නෙ වෙයි. මං මේ කතාවට සම්බන්ධ වුනේ මෙහෙමයි. මං රූපවාහිනි කතාංගයක් කරන්න ආසාවෙන් ඉන්නකොට අපේ හෙළිලි නංගි තමයි මේ කතාව ගැන කිව්වේ. ඉතින්, මාත් වෙනස් දෙයක් හින්දා කැමති වුනා. මට මේකට උපසිරැසි කරන්න උදව් කරපු, කතා නායකයා ඉෂාන් මධුෂංක සහෝදරයටත්, මයුර සුරාජ් සහෝදරයටත් ගොඩක් ස්තූති වෙන්න ඕනේ. ඒත් එක්කම ලිපිය ලියන්න උදව් කරපු හෙළිලි නංගිටත් ස්තූති වෙන්න ඕනේ. එහෙනම් කලින් කොටස මතක් කරලා ඉන්නම්.
හයාත් රස්සාව කරන තැනට බොරු කිව්වේ කියලා දැන ගත්තම හයාත්ගේ අම්මා එයාට කියන්නේ, වහාම රස්සාවෙන් අස් වෙලා ගමේ යමු කියලා. කොහෙද ඉතින්, හයාත් කෙල්ල හරි හිතුවක්කාරිනේ! ඊටත් වඩා රස්සාවෙන් අස් වුනාම මුරාත් ව බලන්නේ, හමුවෙන්නේ, ආදරේ කරන්නේ කොහොමද! හයාත්ගෙ අම්මා ඒවා දන්නෙත් නැහැනේ. කොහොමින් කොහොම හරි දකින්න ඇතිනේ, ඉඳලා ඉඳලා කෙරම් හරි පාරට වැටුනා. එහෙම බලද්දී දොරුක් නියම ආදර විශේෂඥයෙක් නේද!
හයාත් රෑ කොහෙද හිටියේ, මොනවද කරේ කියලා එයා, මුරාත්ට කීවේ නැහැනේ. මුරාත්ට ඕනේ ඒ ගැන දැනගන්න. ඒත්, ඒක කියන්න කියලා හයාත්ට බල කරන්නත් බෑ. මේ නිසා මුරාත් සැලැස්මක් හදනවා. ඒ තමයි හෝලි බදාදා සැලැස්ම! මේ සැලැස්ම නිසා සිද්ධ වුන රසවත් සිදුවීම් ටික ඔයාලට මතක ඇති කියලා හිතනවා. කොහොම අමතක කරන්නද? මුරාත්, දොරුක්, කෙරම් තුන්දෙනා කුකුල් මස් කකා, ෆිල්ම් බලන් ඉද්දී, හයාත්, ඉපෙක්, අස්ලි තුන්දෙනා හොරෙන් කඩා පැනපු හැටි! ඒ සිද්ධියත් එක්ක හ්යාත්-මුරාත්ගේ ආදරේ විතරක් නෙවේ, ඉපෙක්ගෙයි- කෙරම්ගෙයි ආදරෙත් වැඩි වුනා. ආදරේ වචන වලින් නොකීව අස්ලිටයි-දොරුක්ටයිත් හොඳ මතකයක් ගෙනාවා.
ඒ අතරේ හයාත්ගෙ අම්මගේ වදෙන් බේරෙන්න, හයාත් අම්මට ඇත්තම කියනවා, ඒ තමයි එයා කෙනෙක්ට ආදරේ කරනවා කියලා. ඕක කිව්ව වෙලාවෙ ඉඳන් හයාත්ගෙ අම්මට දැන ගන්න ඕන වෙන්නේ ඒ කොල්ලා කවුද කියලා. හයාත්වත්, අස්ලිවත්, ඉපෙක්වත්, ඉබ්රහිම්වත් කවුරුවත් ඒ කවුද කියලා කියන්නෙ නෑ. හැබැයි, මෝඩ අස්ලි කෙල්ල අඩ නින්දේ අතරේ එමිනෙට එයාගෙ කටින් අල්ල ගන්න පුලුවන් වෙනවා, හයාත්ගෙ කොල්ලා, මුරාත් කියනෙක.
හැමදේම හොඳින් සිද්ධ වෙද්දි, පුරුදු විදියටම දිදෙම් හැමදේම කඩා කප්පල් කරන්නයි යන්නේ. මුරාත්ට ව්‍යාපෘතිය නැති කරේ ඩේර්‍යා කියලා එයා මුරාත්ට කිව්වා, ඒ විතරක් නෙවේ, ඒක ඔප්පු කරන්න සාක්ෂි පවා තියනවා කිව්වා. මේ කපටිච්චි ඊට පස්සේ කරේ, ඉබ්රාහිම්ට කතාවක් ගොතලා කීව එක. ඒ තමයි මුරාත්, හයාත්ව රවට්ටනවා, මුරාත් අද රෑට එයාගෙ ගෙදරට එන්න කිව්වා, හොඳ මනුස්සයෙක් නම් තව කෙල්ලෙක්ට එහෙම එන්න කියනවද වගේ දේවල්. මේක අහපු ගමන් ඉබ්රාහිම් විශ්වාස කරේ නෑ. මේ නිසා දිදෙම්, මුරාත්ගෙ ගෙදර යන්නේ ඉබ්රාහිම් එක්ක. දිදෙම් මුරාත්ට කියන්නේ එයා එන්නේ සාක්ෂි පෙන්නන්න කියලා, ඉතින් මුරාත්නුත් අහු වෙනවා. ඉබ්රාහිම් මේ සේරම දේවල් එලියෙ ඉඳන් බලා ඉන්නවා. එයා විශ්වාස කරන්න ගන්නවා, මුරාත්, හයාත්ට කරන්නේ බොරුවක් කියලා. මේ නිසා ඉබ්රාහිම්, හයාත් ගැන සෑහෙන දුක් වෙනවා. ඒ නිසාම මුරාත්ගෙ කාර්යාලෙටම ඇවිත් මුරාත්ට තර්ජනේ කරලා යනවා. ඉබ්රාහිම් මේ තරම් හයාත් ගැන වද වෙන එක ගැන මුරාත්ට කේන්ති යනවා. මේ නිසා මුරාත්, හයාත්ටත් ඉබ්රාහිම් බැනපු කතාව ගැන කියලා කෑ ගහනවා. හයාත්ටත් හිතා ගන්න බැරි වෙනවා එහෙම වුනේ කොහොමද කියලා. මේ ප්‍රශ්නෙ තවත් වැඩි වෙන්නේ හයාත්ව කාර්යාලෙට එක්ක යන්නෙ මුරාත් නිසා, එයා වාහනෙන් එද්දි දකිනවා හයාත්, ඉබෝගෙ කැරවෑන් එකේ ඉඳන් රෑ ඇඳුම පිටින් එලියට එනවා දැක්කම. ඒ ගැන මුරාත් හයාත්ගෙන් ඇහුවම එයා කියනවා, ඉබෝ කියන්නෙ එයාගෙ නෑයෙක් කියලා. කොහොම වුනත් මුරාත් ගොඩක් කේන්තියෙන් ඒ වෙලාවෙ හයාත්ට කියනවා ඉබෝගෙන් ඈත් වෙලා ඉන්න කියලා.
ඔය අතරේ මුරාත් කොයි වගේ කොල්ලෙක්ද කියලා බලන්න එමිනේ යනවා සාර්ටේ එකට. නිකන් නෙවේ, එයා යන්නේ හයාත්ගේ හැඳුනුම්පත දෙන්න යනවා වගේ. කමුරාක් තමයි එමිනෙගෙ කොන්ඩේ එහෙම හදලා දෙන්නේ. මතක ඇතිනේ ඊට පස්සේ එමිනෙට හැඳුනුම්පත අමතක වෙලා, කමුරාක් ඒක අරන් සාර්ටේ එකට ගියා. එමිනේ සාර්ටේ එකට ගියාම, හැමෝම හිතන්නේ ඒ කටාර් වල ව්‍යාපාරික කාන්තාවක් කියලා. ඊට පස්සේ එමිනේ, මුරාත්වත්, මුරාත්ගෙ ආච්චි අම්මවත් මුණ ගැහුනා. ඒ විතරක් නෙවෙයි, හයාත්වත් මුණ ගැහුනා. හයාත් බොහොම අමාරුවෙන් අම්මව සාර්ටේ එකෙන් යවා ගන්නවා. ඒත් කොහොමහරි, අන්තිමේ හයාත්ගෙ හැඳුනුම්පත කුණු බක්කියට ගිහින්, එතනින් කෙරම්ගෙ අතට ආවා. හැඳුනුම්පත බැලුවම කෙරම් දකිනවා, ඒකෙ තියෙන්න ඕන සූනා පෙක්ටාස් වුනාට, නම තියෙන්නෙ හයාත් උසුන් කියලා. කෙරම් මේ ගැන ඉපෙක් ගෙන් ඇහුවා. ඉපෙක්ට තරු පෙනුනෙ එතනදි තමයි.
මුරාත් කලින් ඉඳන්ම හයාත්ට අනතුරු ඇඟෙවුවනේ ඉබ්රාහීම් ගැන, එයා එන පොට හොඳ නෑ කියලා. කිව්වා වගේම ඉබ්රාහීම් හයාත්ට ආදරෙයි කියල කියනවා. ඉබෝ ඒ වගේ දෙයක් කියන්න වැඩියෙන්ම හේතු වුනේ මුරාත්, හයාත්ට බොරු කරනවා කියලා එයා විශ්වාස කරන එක. වැඩෙ කියන්නේ ඉබෝ, හයාත්ට ආදරෙයි කියනවා මුරාත්ට ඇහුන නිසා ලොකු ප්‍රශ්නයක් තමයි ඇති වුනේ. ඊටත් වඩා හයාත් ඉස්සරහම ඉබෝ කියනවනේ, මුරාත්, දිදෙම්ව ගෙදරට ගෙන්න ගත්ත කතාවත්. ඉතින් මුරාත්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මුරාත් ඒ විදියට අසරණ වෙද්දී, කෙරම් ඉස්සරහ ඉපෙක් ගොළු වෙලා!
ඊටපස්සේ මොකක් වෙයිද කියලාත් පොඩි ඉඟියක් දෙන්නම්. කෙරම් විතරක් නෙවේ හයාත් කියන්නේ සූනා පෙක්ටාස් නෙවේ කියන රහස තව කෙනෙක් දැන ගන්නවා. ඒ තමයි මුරාත්ගෙ ආච්චි අම්මා! ඊට පස්සේ එයා ඒක මුරාත්ට කියයිද? මම මෙහෙම කියන්නම්කෝ. මේ කොටස නොබැලුවොත් වැඩක් නෑ, අනිවාර්යෙන් බලන්න. දුක හිතෙයි, ඇඩෙයි, අන්තිමේ හරි ඔය මූණට හිනාවක් එයි කියන බලාපොරොත්තුවෙන් අවසානය දක්වා ඉවසන් බලා ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.
ලිපිය- හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,254 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E16.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/YasiruJayasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-04-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
යසිරු ජයසුන්දර
Subtitles
29 comments
skscom
Hiran Eranda
බොහොම ස්තුතියි උපසිරසියට. ජය වේවා .
Achi
Thanks bokka
Shadow125
tnx :)
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
geeganagamage
thank you
Ravi28
Sub ekata thanks bro
manju4300
වෙනද වගේම අදත් ඔබටත් ඔබගේ සියලු කණ්ඩායමටත් බොහොම ස්තුතියි ජය වේවා .
bimbi
හම්බේ.... පුලුවන් ඉක්මණට දිගටම දෙමු සහෝ
තව එක්කෙනෙක් සබ කරන්න බැස්ස එකනම් සෑහෙන්න වටිනව
ජය !N_R
Thank You!!!
buddikauresh
thnx
dulan5520
thank u wewa !!
MAALnath
Thanks .............good luck .....................
Isurusky
me series 1e real taste 1 thyenne sinhala dubbed wlta wada sub ekka bladdi..digtma demu.jaya..
UMW99
Thanks bro Jaya wewaa...
subodha
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
hansaka gihan
තව කොටස් 14 ක් වගේ තියෙන්නේ , ඒ ටිකත් මේ වගේ දෙමු ජයම වේවා
බෝම ස්තුතියිTharakaWAS
Ammo...
Subata Thanks bro...
oyala okktama thanks..
digatama suba demu...
jaya wewa...!!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAma_wasana
Thank you
Asitha.pramoth
Sub ekata thanx brother
gihan perera
Thanks so much........see soon....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dhammika theekshana
Supir.. sub eka elatama thibuna mcn
Rumesh Roshan
elama tama tanks saho. uba apiwa pissu wattuwa bn. elaga eka balanakam iwasillak na bn.......
amil
moko bn 17 weni eka daaala 16 sub eka danne.. 17 sub eka kooo
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!suranuwan
thanks bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


sab ekata dunnata gogak isthuthi