සාමාන්‍යයෙන් නම් ආදරේ කරන කොල්ලයි, කෙල්ලයි විවාහ වුනා කියන්නේ ඉතින් ඊට වඩා සතුටු වෙන්න වෙන දෙයක් නෑ. ගොඩක් ආදර කතා අවසාන වෙන්නෙත් විවාහයෙන්නේ! 😂 හැබැයි මේ කතාවේ නම් එහෙම වුනේ නෑ. එහෙනම් දැන් 19 බාගෙන බලන්නද ලෑස්තිය? ඉස්සරහට මොනව වෙයිද කියලා බලන්න කලින් කලින් කොටසේ මොකෝ වුනේ කියලා මතක් කරන් ඉමුද? 18…

සාමාන්‍යයෙන් නම් ආදරේ කරන කොල්ලයි, කෙල්ලයි විවාහ වුනා කියන්නේ ඉතින් ඊට වඩා සතුටු වෙන්න වෙන දෙයක් නෑ. ගොඩක් ආදර කතා අවසාන වෙන්නෙත් විවාහයෙන්නේ! 😂 හැබැයි මේ කතාවේ නම් එහෙම වුනේ නෑ. එහෙනම් දැන් 19 බාගෙන බලන්නද ලෑස්තිය? ඉස්සරහට මොනව වෙයිද කියලා බලන්න කලින් කලින් කොටසේ මොකෝ වුනේ කියලා මතක් කරන් ඉමුද?
18 පටන් ගද්දි හයාත්ගේ රෝස මලක් වගේ මූණ මැලවිලා ගිහින් තිබුනා මතක ඇති. මංගල ගවොමත් ඇඳන් අච්චර බලන් ඉඳලත්, මනාල මහත්තයා නාවම එහෙම වෙන්න ඕනනේ. ඒත් හයාත් තදින්ම විශ්වාස කරා මොන තත්ත්වෙන් හරි මුරාත් එනවමයි කියලා. ඒ වගේම විශ්වාසෙ හරි ගියා නේද! හැබැයි මුරාත් හිටියෙ නම් ගොඩක් හිත රිදිලා. තමන්ගෙම අම්මා තමන්ව රවට්ටලා කියලා දැන ගත්තම, ඊටත් වඩා අම්මා එයාගේ වාසිය වෙනුවෙන් තමන්ව අතෑරියා කියලා දැන ගත්තම පුතෙක්ට එහෙම හිතෙනෙක සාධාරණයි.. ආදරේ කරපු කෙල්ලත් මහ බොරුවක් කරා කියලා අහු වුන වෙලාවෙම අම්මාගෙ ඇත්තක් හෙළි වුන එකයි වරද! ඒකනේ ආච්චි මේ හැමදේම රහසක් විදියට තියා ගන්න හැදුවේ..
ඒ කොහොම වුනත් අඩුගානේ මුරාත් දිදෙම්ගෙන් බේරිලා, හයාත්ව විවාහ කරගත්තනේ කියන සතුට නම් අපට තිබුනා නේද? හැබැයි මුරාත් බැඳපු දවසෙම හයාත්ට කිව්වනේ එයා කරපු බොරුව අමතක කරන්න බෑ කියලා. ඒක අහලා හයාත් ගොඩක් අසරණ වෙනවා. සමාව දුන්නේ නැත්නම් නවත්ත ගත්තේ ඇයිද, කසාද බැන්දේ ඇයිද අහනවා. කොහොම වුනත් මුරාත් නම් හයාත්ට සමාව දෙන්න කැමති වෙන්නේ නෑ. මතක ඇති, හයාත් කෝපි හදන් ආවම කෝපි එකත් පොලොවේ ගහලා, ඒකටත් හයාත්ට බැන්නා. හයාත්ගෙ අතයි, හිතයි දෙකම පිච්චිලා ඉන්න ගමන් උදේ පාන්දර නැගිටලා මුරාත් වෙනුවෙන් කෑම හැදුවත් මුරාත් ඒකත් ප්‍රතික්ෂේප කරා. මුරාත්ගෙ තරහව නම් ඕනවට වඩා වැඩියි නේද?
ඒවා එහෙම වෙද්දි දේර්‍යට නම් රජ මගුල්. කොහොමහරි නේජාත් අන්තිමේ පවුලේ උරුමයෙන් එන මුද්ද, දේර්‍යට දුන්නා. ආච්චිට නම් ඒ ගැන ගොඩක් කේන්තියි. ආච්චිත් දැන් අසරණයි. මොකද මුරාත්ගෙ අම්මගෙ රහස එයා අවුරුදු ගානක් රැකන් හිටියා කියලා හෙළි වුනානේ. ආච්චි කියන විදියට මුරාත්ගෙ අම්මා ලියුමක් තියලා පැනලා ගියා කියලා විතරයි එයා දන්නේ, දැන් එයා කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ, අඩුම ගානේ ජීවතුන් අතරද කියලවත් දන්නේ නෑ කියලයි ආච්චි කිව්වේ. දොරුක් කියන විදියට නම් මේ වගේ වෙලාවක මුරාත්ට කේන්ති යන එක සාධාරණයි. හැබැයි ඉතින් ඒ හැම කේන්තියම අසරණ හයාත් කෙල්ලගෙ පිටින් යවනෙක නම් අසාධාරණයිනේද?
ඒ අතරේ හයාත්ගෙ සීයත් අසනීප වුනා. අස්ලි විස්තරේ හයාත්ට කියපු ගමන් හයාත් දුවගෙන සීයා බලන්න ගෙදර එනවා. හැබැයි සීයා ඒක කරේ හයාත්ව ගෙදර ගෙන්න ගන්න. හයාත් ගෙදර ආවා කියලා දැනගත්තම මුරාත් එනවා ගාල කඩා ගෙන. ඔන්න ඊට පස්සේ සීයා, මුරාත්ව එලියට එක්ක ගෙන ගිහින් අතීත මතකයක් හෙළි කරා. ඒකෙන් කියවුන විදියට මුරාත්ගෙ සීයයි, හයාත්ගෙ සීයයි ඉස්සර ව්‍යාපාර හවුල්කාරයෝ වගේ වැඩ කරලා, මුරාත්ගේ සීයා, හයාත්ගෙ සීයට වංචා කරලා ඉඩමක් තනි අයිතියට හිමි කරන්. වැදගත්ම දේ තමයි හයාත්ගෙ සීයා, හැස්මට්ගෙ පෙම්වතිය වෙලා ඉඳලා තියෙන්නෙ මුරාත්ගෙ ආච්චි, අසීමේ. මුරාත්ගෙ සීයා තමයි හැස්මට්-අසීමේ පෙම් කතාවේ දුෂ්ටයා. ඉතින් ඕවා කියලා සීයා, මුරාත්ට කියනවා, හයාත්ව අත අරින්න කියලා. මුරාත් එතනදි සීයට කෙලින්ම බෑ කියලා කියනවා.
ඊට පස්සේ සීයා කරන්නේ හලීඩ් ලවා හයාත්ව පැහැර ගන්නෙක. මොකද හයාත්ව මුරාත්ගෙන් වෙන් කරන්නනේ සීයට ඕන. ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ. ඔය අතරේ හයාත්-මුරාත් දෙන්නා අතරේ පොඩි පොඩි රසබර සිදුවීමුත් නොවෙනවා නෙවෙයි. කලින් කොටසෙ වුන වැදගත්ම සිදුවීමක් තමා, මුරාත්, සාර්ටෙ සමාගමේ කොටස් ප්‍රමාණයක් හයාත්ට ලියපු එක. හැස්මට් සීයා, මුරාත්ට කිව්වනේ එයාගේ සීයා තමුන්ට වංචා කරා කියලා. ඒකට හිලව් වෙන්න මුරාත් ආයතනෙ කොටස් හැස්මට් සීයට ලියන්න හදද්දී, සීයා විරුද්ධ වෙනවා. එතකොට අසීමේ ආච්චි කියනවා, හයාත්ගෙ නමට ලියන්න කියලා. කොහොමහරි සමාගමේ කොටස් හයත්ගෙ නමට ලිව්වා කියනෙක දේර්‍යා දැන ගත්තම එයාට හොදටම කේන්ති යනවා. නේජාත්ට ඒ ගැන කියලා කෑගහනවත් එක්ක. මේකට පළි ගන්න හිතන්, දේර්‍යා එයාගේ පරණ පත්තර යාලුවා සෙට් කරන් පත්තරේ ලිපියක් දම්මවනවා, හයාට්ගෙයි-සීයගෙයි කූටෝපාය කියලා.
ඒ අතරේ මුරාත් සමාව නොදෙනෙක ගැන හයාත් හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ. මුරාත්, හයාත්ට අණ දෙනවා, ගෙදරින් යනවා. ආයි එනවා. ආයි අණක් දෙනවා. ඒ අතරේ නමක් කියන්නෙ නැතුව ගෑනු කෙනෙක් මුරාත්ගෙ ගෙදරට කතා කරා. හයාත් තම්න් මුරාත්ගෙ බිරිඳ කියලා හදුන්වලා දුන්නම ඒ කෙනා කතා නොකර කෝල් එක කට් කරා. ඔන්න ඊට පස්සේ මතක ඇතිනේ හයාත් එකට එක කරන්න තැබෑරුමකට ගිහින් හොදටම බීපු හැටි. කොහොමහරි ඒ සිද්ධියත් එක්ක හයාත්- මුරාත් දෙන්න ටිකක් ලං වුනා වගේ. කෙරම්ගෙ හිතෙත්, ඉපෙක් ගැන තරහ නැති වෙලා කියලා දකින්න ඇති. ලස්සනම දේ තමා දොරුක්, අස්ලිට කැමතියි කියලා ඉපෙක්ට කියපු එක. ඒක ඉපෙක්, අස්ලිට කිව්වම කෙල්ල උඩ පනින්න ගත්තා. හැබැයි ඉතින් ඒ සතුට වැඩි වෙලා තිබුනේ නෑ. මොකද දේර්‍යා පත්තරේට දම්මපු ලිපිය, අස්ලි, ඉපෙක් දෙන්නා දකිනවා. ඒ විතරක් නෙවේ සීයත් දකිනවා. ලිපියෙ තමන්ට අපහාස කරලා තියන හැටි දැකලා සීයා අසනීප වෙලා වැටෙන තැනින් කතාව ඉවර වුනේ.
හැමදේම හොඳින් විසඳෙයි කියලා හිතන් කතාව බලන්න කියලා ආරාධනා කරනවා. අද කොටසේ උපසිරසියට දහසක් වැඩ රාජකාරී තියෙද්දිත් බැහැයි නොකියා කාලරාමු හදලා දුන්නු තිසර සහෝදරයට ස්තුතියි කියන ගමන් සමුගන්නම්.
ලිපිය – හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
4,005 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E19.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට සහ “ පූර්ණි මධුභාෂි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
49 comments
Soori
Upul Sampath
Sub ekata thanks denakam maga balan hitiye
THE NEW FOLDER
දෙන්නාටම බොහෝම ස්තුතියි......................................
SanjulaJeter
meka denakan balagena hithiye.
Thanks you !N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!sachithmilanga
බොහෝම ස්තූතියි උපසිරැසට ,
ජය වේවාsubodha
Thanks
hiru24
thanks sub eka enakan balan hitiye....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho & sis..sub ekata..digatama sub demu.jaya wewa……
hansaka gihan
නියමයි
බෝම ස්තුතියි 2 ටමRumesh Roshan
okkotama thanks meka nathuwa iwasillak nathuwa unne. thanks lot. ilaga ekath oyalage rajakarith karana gaman ewa padu kara ganne nathuwa denna hode
buddikauresh
TNX ALL
buddikauresh
thanks frnds
Pradeep Rathnayake
Thanks mchn enakan htye sub eka
MAALnath
Thanks ..............good luck ..............................
hiran1998
godaak sthuthyi oyalata ,,,,, meka enakl hitiye,,, digtma karan yanna again thank u so much
jpsupun
Sub eka enakan balagena hitiye...
Thanks...
Good Luck...!TharakaWAS
Mayura & Purni oya denatama thanks puluwan ikmanatama sub genawata...
e wagema mekata sub 1ka dena anit hamotamat thanks...
itiri tikat puluwan ikmantama denna..
api balan innwa..
oylta jayen jayma wewa...!!!!sathsara sithum97
good luck.... baiscope gang....
manju4300
තිසර සහෝදරයට වගේම මේක කරන හැමෝටම ස්තුතියි
bimbi
ටිකක් පරක්කු උනා ඉවසන් ඉන්න බැරි හින්දම මැසේජ් එකක් දාලා ඇහුවෙ
ඒත් පුලුවන් ඉක්මනට ගෙනාව එකනම් වටිනවා
ජය !Achi
තැන්ක්ස් වස්තු...මේකට ඉක්මනට ඉවර කරමු...
pathum madhushan
Thank you.......
nipunvid
උපසිරැසියට ස්තූතියි..ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..ජය වේවා!
tharusha dilmith
anith sub tikath ikmanata denna balapu supirima love story ekak <3
hiran1998
episode 20 ta sub eka dennako ikmntaa,,,,,, english sub ekawath na ekata
erawee2016
thanks. puluwannam muthu ahura original ekatath sub denne balanne . ekath lassana story ekak
Mayura
අනේ මේහ්
kiribiwwa
thanks appa hena gameak dunna english ewwath na anthimedi hambuna ilaga episode tikath ikmnta danna plz thanks ^_0
hiran1998
machn mta 20 episode eke english sub eka mail kranwada
sura80
thanks, anith episode ikmanta denna
.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hiran1998
20 episode ekata sub eka dennako yaluwanehh,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
NishadiHerath
20 dannadda anee
SanjulaJeter
20
pasindu kavishka
කෝ 20
Upul Sampath
Pls 20 Dennakoooooo pls
Achi
අඩෝ ඔහොම කරන්න එපා සති දෙකක් ගියා තාම 20 නැ
SanjulaJeter
Kalin sub aka dila 2 weeks wenawane. 20 akata sub aka denne kawadada .
Pradeep Rathnayake
mokada 20 mechchara parakku plzzzz sub eka danna...
SanjulaJeter
Mekata sub akarana aka nawaththalada thiyenne?
NishadiHerath
Episode 20ta sub dennaddoooo?
Upul Sampath
20 21 dekama denna sub,,,
tharusha dilmith
20 :(
sura80
koooooooooooo 20 2weeks giya tama ne
suranuwan
thanks..
Shadow125
Tnx :)
prarath
sub 1ta thanx puluwan nam vampire diaries wala sub dannako.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




දෙන්නාටම බොහෝම ස්තුතියි ඉක්මනට මේක ගෙනාවට....
ජය හා සතුට!!!