Watch Trailer

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 14] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

බී රියොම් ශින් සභාපතිතුමාව කවුරුවත් නැති තැනකට එක්කගෙන ගිහින් සටන් කරනවා. මේ දෙන්නා සටන් කරද්දි බී රියොම්ව බේරගන්න හිතාගෙන ජින් ගෝ මේ සටන මැද්දට පනිනවා. ඒකෙන් ජින් ගෝට බරපතල තුවාල සිද්දවෙනවා. මේ අතරෙ ශින්ස භාපතිතුමාට මතක් වෙනවා එයා පොඩිකාලෙ දේව අධිරාජ්‍යයේ ඉද්දි එයා අතින් මේ විදියට මැරුණ කෙනෙක් ගැන…


බී රියොම් ශින් සභාපතිතුමාව කවුරුවත් නැති තැනකට එක්කගෙන ගිහින් සටන් කරනවා. මේ දෙන්නා සටන් කරද්දි බී රියොම්ව බේරගන්න හිතාගෙන ජින් ගෝ මේ සටන මැද්දට පනිනවා. ඒකෙන් ජින් ගෝට බරපතල තුවාල සිද්දවෙනවා. මේ අතරෙ ශින්ස භාපතිතුමාට මතක් වෙනවා එයා පොඩිකාලෙ දේව අධිරාජ්‍යයේ ඉද්දි එයා අතින් මේ විදියට මැරුණ කෙනෙක් ගැන. එයා තමයි ජින් ගෝගෙ අනෙක් නිවුන් සහෝදරයා වුන මෝ ම්යොන්ග්.

දේව අධිරාජ්‍යයේ අවුරුදු 1200කට කලින් හබෙක් ආදරය කරපු නක් බින් නමැති ගැහැණු ළමයා හබෙක්ව පාවලා දුන්න නිසා ඒකට දඬුවම් ලැබෙයි කියලා බයේ එයා අහස් දේශයේ ගුහාවක හැංගිලා ඉන්නවා. ඒ ගුහාවෙම තමයි ශින් ජීවත් වෙන්නෙත්. බී රියොම් හබෙක්ට හොරෙන් එයාගෙ සහායකයා වුන මෝ ම්යොන්ග් එක්ක ගිහින් නක් බින්ව මුණගැහෙනවා. ඒ වෙලාවෙම අහස් දේශයේ පිරිසක් ඇවිත් හැංගිලා හිටපු නක් බින්ව අරගෙන යන්න උත්සාහ කරනවා. තමන්ට කරුණාවන්තව සලකපු නක් බින්ව එක්කගෙන යන්න හදනවා පොඩි ශින්ට දරාගන්න බැරිව එයා එයාගෙ බලය පාවිච්චි කරනවා. ඒ නිසාම මෝ ම්යොන්ග් මිය යනවා. ඒ හේතුව නිසයි බී රියොම් ඒ තරම් ශින් සභාපතිතුමාට වෛර කරන්නෙ. ඒ වගේම බී රියොම් විශ්වාස කරනවා මේ සිදුවීමට හබෙක් වුනත් වක්‍රව වගකියන්න ඕනෙ කියලා. ඒ නිසා බී රියොම් හබෙක්ටත් වෛර කරනවා.

මේ පහුගිය සිදුවීම මතක් වුන ශින් සභාපතිතුමා ගොවිපලේ ගබඩාවට ගිහින් හොඳටම දුකෙන් ඒ ගැන කල්පනා කරනවා. එයා ඒ සිදුවීම ගැන ගොඩක් පසුතැවෙනවා. මේ අතරෙ ජූ ගොල් රින් යූන් සු ආව පැහැරගෙන ශින් සභාපතිතුමා ළඟට එක්කගෙන යනවා. යූන් සු ආ සභාපතිතුමා ඉන්න තත්වය ගැන හිතලා එයාට අනුකම්පා කරලා එයාව සනසලා සභාපතිතුමාගෙ හිත හදනවා. මේ විදිහට යූන් සු ආ සභාපතිතුමාව සනසවද්දි සභාපතිතුමාට ඒ විදියටම එයාව සනසපු තවත් කෙනෙක්ව මතක් වෙනවා. ඒත් ඒ කවුද කියලා ශින් සභාපතිතුමාට මතක් වෙන්නෙ නෑ.

යූන් සු ආට කරදරයක් වුන බව දැනගන්න හබෙක් ඊළඟට මොනවා කරාවිද? ඒ වගේම ශින් සභාපතිතුමාගෙ පොඩි යාලුවා මින් හී ගැනත් ලොකු රහසක් මේ කොටසෙදි එළිවෙනවා වගේම හබෙක් යූන් සු ආත් එක්ක ඉර බහිනවා බලන්න පොඩි චාරිකාවකුත් යනවා. දැන් කතාව ඉවරවෙන්න ළං වෙලා නිසා කුතුහලයත් එන්න එන්න වැඩිවෙනවා.

15 කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,921 downloadsDownload The-Bride-of-Habaek-AKA-Habaekui-Shinboo-2017-EP-14.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

5,921 downloadsDownload Subtitles27 KB

16 comments

  1. slkkssd

    Wooow thanku thanku..... adath balanna puluwan niyamai ...... godakma pin..... budusaranai...... oyata jayen jaya....thawat sub karanna shakthiya labewa....oyage hama wadakatama suba pathanawa mn

  2. SRU

    niyamai ikmantama dunnata thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. shehandilshan

    ela ela
    thnxxxxxxx sis sub ekata

  5. Supun9612

    Thankz akkiiii sub ekta..

  6. Rasika sampath jayasekara

    Congratulations
    එල එල

  7. thanujamilandi

    thank you sis sub ekata... jaya wewaa!!!

  8. tcnissanka

    tnz

  9. Chami.S

    Thanks..
    Good Luck..

  10. Danushka adikari

    Thanks for subtitle ...

  11. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි..................................

  12. ishara sandamali

    ane 13 weni kotasa nane ...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. h.w.tharuks

    Thanks akki ......koriyan oddeysi darma aketh sub dennako.....

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Krishani

    Thank you