ආදර කතා නම් අපි ඉහේ කෙස් ගානට බලල ඇති, ඒත් ඒ හැම ආදර කතාවක්ම අපේ හදවතේ හුඟක් කල් රැඳෙන්න සමත් වෙන්නේ නෑ.. ඒත් මේ සුන්දර ආදර අන්දරය නම් අපේ ජීවිතේ කොටසක් වෙලා වගේ නේද? පිරුනු කම්මු තියන, කටකාරි හයාත්, කඩවසම්, බොරුව පේන්න බැරි නපුරා මුරාත්… මේ තමයි මේ ආදර කතාවේ ප්රධාන චරිත දෙක. මේ දෙන්නා […]

ආදර කතා නම් අපි ඉහේ කෙස් ගානට බලල ඇති, ඒත් ඒ හැම ආදර කතාවක්ම අපේ හදවතේ හුඟක් කල් රැඳෙන්න සමත් වෙන්නේ නෑ.. ඒත් මේ සුන්දර ආදර අන්දරය නම් අපේ ජීවිතේ කොටසක් වෙලා වගේ නේද? පිරුනු කම්මු තියන, කටකාරි හයාත්, කඩවසම්, බොරුව පේන්න බැරි නපුරා මුරාත්… මේ තමයි මේ ආදර කතාවේ ප්රධාන චරිත දෙක. මේ දෙන්නා මුලින්ම එකිනෙකා මුණ ගැහුන හැටි, පෙම්වතුන් වුන හැටි, විවාහ වුන හැටි, මේ හැමදේම මෙතෙක් කල් අපි ගොඩක් ආසාවෙන් බලා හිටියා, මේ කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ප්රේක්ෂකයන් නිසාම කොයි තරම් අමාරු වුනත් සිංහල උපසිරැසිය හැකි උපරිමයෙන් ගේන්න අපේ කණ්ඩායම වග බලා ගත්තා. ඉතින් මෙච්චර දවසක් ලිපි වලින් මේ කතාව එක්ක සම්බන්ධ වුන මම ඒ වෙනුවෙන් උපසිරැසියකුත් කරන්න හිතුවා. බලාපොරොත්තු වෙනවා, ඔයගොල්ලන්ගෙ ප්රතිචාර මේ වෙනුවෙන් එකතු කරයි කියලා.
සුපුරුදු විදියටම කලින් කොටසේ මොකද වුනේ කියලා මතක් කරගෙන ඉමු, හයාත් සේරම වැරදියට තේරුම් අරන් මුරාත්ටත් කෑ ගහල, වාහනේකටත් හැපෙන්න යද්දි, මුරාත් යන්තම් පැනල හයාත්ව බේර ගත්තා, හසාල් ඒ වෙලාවේ නම් කිව්වේ මුරාත් එක්ක එයාගේ සම්බන්ධයක් නෑ කියලා, සම්බන්ධයක් තිබුනේ දොරුක් එක්ක කියලා, හැබැයි හයාත් නම් මුරාත්ට තර්ජනාත්මක ව කිව්වේ හසාල් කියපු කිසි දෙයක් එයා සත පහකට විශ්වාස කරේ නෑ කියනෙකයි, ඊට පස්සේ දෙන්නා ගෙදර ආවම හයාත් දැක්කා මුරාත් එයාව පුදුම කරවන්න ගෙනාව තෑගි! එතනදි මුරාත්, හයාත්ගේ ඇඟිල්ලට මුදුවක් දානවා වගේම හයාත්නුත්, මුරාත්ගෙ ඇඟිල්ලට මුදුවක් දානවා.
ඔය අතරේ හයාත්-අස්ලි-ඉපෙක්-කෙරම් කට්ටිය උදේ කෑමකට යනවා, එතනදි හයාත් දැනගන්නවා හසාල් එක්ක මුරාත් ඉන්න පින්තූර ගැන, ඒවා දැක්ක ගමන් හයාත් හිතන්න ගන්නවා හසාල් කියන්නේ දොරුක්ගේ පරණ පෙම්වතිය නෙවේය, මුරාත්ගේ පරණ පෙම්වතිය වෙන්න ඇති කියලා, හැබැයි අස්ලි කෙල්ල නම් හිතන්නේ ඒකේ අනිත් පැත්ත! ඒත් එක්කම අසීමේ ආච්චි, තමන්ගේ සැමියගෙ සොහොන ගාවට ගිය වෙලාවේ, එතනට හැස්මත් සීයත් ආවා, දේවල් සිද්ධ වෙන විදියට පහු වෙලා හරි සැබෑ ආදරවන්තයෝ එකතු වෙයි වගේ නේද!
මුරාත්ව මුණ ගැහෙන දොරුක් නම් කියන්නේ හසාල් කියන දේවල් සැකයි කියනෙකයි, ඒ වගේම හයාත්ට කිව්වට හසාල්- දොරුක් දෙන්න අතරෙ සම්බන්ධයක් තිබුනා කියලා ඇත්තම සිද්ධිය තමයි හසාල් කියලා තියෙන්නේ එයා මුරාත්ගේ නංගි කියලායි! ඊට පස්සේ මුරාත්- හසාල් එක්ක තියන සම්බන්ධය මොකක්ද කියනෙක හයාත් ඇවිත් මුරාත්ගෙන් ඇහුවා, ඒත් මුරාත් ඒකට උත්තරයක් දුන්නේ නෑ, හයාත් තීරණය කරනවා මුරාත්ව දාලා ගෙදරින් යන්න! ඒත් අසීමේ ආච්චි බල කරපු නිසාම හයාත්, අසීමේ ආච්චි එක්ක නවතිනවා, ඩේර්යා නම් ඒ ගැන පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ, එයා එමිනේට කතා කරලා හයාත් මුරාත්ව දාලා ආව විත්තිය කියනව, ඉතින් එමිනේ විතරක් නෙවේ හැස්මත් සීයත් හයාත්ව එක්කගෙන යන්න එනවා, ඒ ආවම එතනත් එකම කලබැගෑනියක් වුනා මතක ඇති. හැස්මත් සීයගෙන් බේරෙන්න හයාත් බොරුවක් කිව්වා, ඒත් එක්කම ආච්චි අසනීප වුනා, ඉතින් ආච්චි සනීප වෙනකන්, බොරුව ඇත්තක් කරන්න අසීමේ ආච්චිත් එක්කම නවතින්න හයාත්ට සිද්ධ වෙනවා.
ඒ අතරේ අස්ලි, හසාල් ගැන විස්තර හොයන්න ගන්නවා, ඒත් එක්කම සාර්ටේ එකට හසාල් එනවා, ඉතින් හයාත්- අස්ලි- ඉපෙක් තුන්කට්ටුව හසාල්ගෙන් සේරම ඇත්ත දැන ගන්නවා, හසාල් කියන විදියට මුරාත් කියන්නේ එයාගේ අයියා, ඒක අහලා හයාත් පුදුම වෙනවා, ඒ වගේම හයාත්ට මුරාත් ගැන තිබුන සැකේ සම්පූර්ණයෙන් ම නැති වෙලා ගියා.. ඒ වගේම හසාල් කියන්නේ තමන්ගේ නංගි නෙවේය කියලා මුරාත් හොයා ගන්නවා, ඒ ගැන මුරාත්, හසාල්ගෙන් ඇහුවට එයා නෙවේ ඒ වගක් පිළිගන්නේ! හසාල් බොහොම කපටි විදියට මුරාත්ගෙන් බේරිලා ඇවිත් හයාත්ව ගොනාට අන්දනවා, එයා හයාත්ට කියන්නේ අම්මගේ ණය ගෙවන්න මුරාත්ගෙන් සල්ලි ඉල්ලුවත්, මුරාත් එයාට සැලකුවේ නෑ කියලා, හයාත්නුත්, හසාල් කියන සේරම විශ්වාස කරනවා, හසාල් හදන්නේ හයාත්ගෙන් සල්ලි කඩන් පැනල යන්නයි!
ඒ අතරේ නේජාත් හදන්නේ ඩේර්යගෙන් දික්කසාද වෙන්න, ඒත් ඩේර්යා එක හෙළාම කියන්නේ එයාව මේ ගෙදරින් යවන්න පුලුවන් එයා මැරුනදාක තමයි කියලා, ඒවා එහෙම වෙද්දී හයාත් ගිහින් හසාල්ට සල්ලි දෙනවා, මුරාත් මේ ගැන දැන ගෙන හයාත්ට කතා කරලා හසාල් කියන්නේ එයාගේ නංගි නෙවේය, බොරුකාරියක් ය බව කියනවා, ඒක අහලා හයාත්ට තරු පේනවා, අන්තිම හරියේ දකින්න ඇති හයාත්- මුරාත් දෙන්නම හසාල් පස්සේ ඉස්පිරිතාලේට ගියා, එතනදි මුරාත් දැනගන්න දේ එයාට අදහ ගන්නත් බැරි දෙයක් වෙනවා, ඒ තමයි හසාල් බලන්න ආව ලෙඩා ”ලෙයිලා ඉල්මාස්” කියනෙක! ඒ කියන්නේ මුරාත්ගේ අම්මා…!
අද එතැන් සිට…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,042 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E21.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
69 comments
vishwa
Madura Anushka
ස්තූතියි..
bimbi
හම්බෙ තැන්කියු වේවා
සබ බාන්නත් කලින් හැමදාම වගේ ඔන්න කමෙන්ට් කලා
මේ පාර නම් කලින් මේ වගේ කලින් දෙනවනම් පැයෙන් පැයට ඇවිත් කමෙන්ට් කරකර ඉන්නම්කො අනේ
දෙපාරක්ම වෝට් කලා
ඊලග එකත් මේ ගැන්මෙන්ම දෙමු
ජය වේවා !SanjulaJeter
Thanks you.
හෙළිලි හේමමාලිKushan Charuka
Thank u හෙළිලි සහොදරියට සබ් එකට... තව කොටස් 10ක් විතර නේද ? තියෙන්නෙ ඊලග එපි වලටත් සබ් එනකල් බලන් ඉන්නවා>..
Upul Sampath
Thanks for your sub........
chanaka sasalanka
Thanks sub ekata..
nisala_d
Thank you...!!!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි...................
Udithakavinda123
Ammmo balan hitiyoooo sudu oooa danakam ela kellekne oyaaa
Amimac
Thanx sis ikmanata ithuru tikath denna
manju4300
තව 10 යි ඔහොම යන් ,,,,,, මේ කතාව බයිස්කෝප් එකේ වාර්තාගත වෙන එකක් වෙයි වගේ....
Ashanherath
Thanks akki
Ashanherath
Mevage kalin denavanm aya vena mokuth ona ma meka vitarak ati balanna
Sachinanushka
Oya godak mahansi wela lassanta karapu wadak adarei next sub 10, lagadima dendo godak adarei
Pradeep Rathnayake
අම්මෝ මෙච්චර ඉක්මනට සබ් එක ආවමද කොහෙද ගොඩක් මහන්සි වෙලා තියනවා බොහොම ස්තුති....
MAALnath
Thanks ......................good .........luck ............................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Emil Shamen
ThankZ SIS...
Sajiya99
Thanks sis sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshu
Ammo ilaga sub eka enakam iwasillak na sis puluwan ikmanin danna 20 enakam hamadama wage check kala thank u very much
lakmal chathuranga
tank you dr digatama denna
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
pradeep hashan
thanks sub ekata
digatama sub demusura80
thanks sub ekata anith tikat demu
subodha
Thanks
Udith
anith ewath ikmnta krmu.. godak sthutii...
hansaka gihan
එල තව 9යි
ජය වේවාTharakaWAS
Thanks Helali Nangi..
ela..ela...
Itiri tikat puluwan ikamntama demu..
mekata sub dena oyla hamotma godak stutui...
Jaya wewa...!!!Chamod_kavinda_wikz
Tnx
chathurvamp
thanks machan <3
sachintha
Thanks For Sub....
Ravi28
Sub ekata thanks sis
dulan5520
thank u
NishadiHerath
Thank you
jpsupun
Thank You හෙළිලි...
SR pro
okkoma sub danna kochchra kal yavida?
pradeep hashan
thanks akkiyo sub ekata
Manoj1980
thnx sub ekata
hiran1998
bohoma s thuthiyi akko sub ekata,, api godakl asawen balnwa,,, h
hiru24
meka godak amaruwen karanne
sub dena eka lesi nha aththtama. bohoma sthuththuiAchi
තැන්ක්ස්
NaradaD
thanks sub ekata
Amal_indika
thnx sub ekata
tharusha dilmith
ikmanata dunnata godak thnx <3
anushka udith
Thnks broooo hthiwe ada dei kyla kalinma deela thnq brothers
Pradeep321
thanks sub ekata
Ishan007
Thanks herali nagaa.. aththatama oya me kathawa issarahata geniyanna loku mahansiyak gannawa. oyaa mekata karapu first sub eka unata meka mechchara dura enna main reason ekak oya. thawa 10i thiyenne. mage Busy ekath ekka matath oyaalata udaw karanna beri una. mayura, Helali<, Hasa ayya kattiyama ekathu wela kattiyama karanna beri wei kiyapu kathawa karala iwara karanwa kiyala hndatama dannawa. Thanx godak. (Ishu)
jmcmadushan
සබ් එක ඉක්මනටම ඇවිල්ලා ගොඩක් ස්තුතිය
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ubalata coment ona nee kiweee eka parak dn hamadama download karaganna kalin dannawa machnla ela thanx mee karana deta keep it up