හරි, මේ ගේන්නෙ Cloak & Dagger කතා මාලාවේ පළමුවැනි කතා සමයේ අටවෙනි කොටස.. කතාව බොහොම උණුසුම් ඔන්න දැන්නම්.. ඒ නිසා ඉතිං මඟහැරිල තිබුණනම් දැන් පළමුවැනි කතා සමයේ අවසානය ලඟා වෙමින් පවතින නිසා ආයෙත් බලන්න පටන් ගන්න කියලත් මතක් කරනව පහුගිය කොටසින්.. පහුගිය කොටස මතකනම් ඒ කොටස සම්පූර්ණයෙන් ම වගේ දිගහැරුණෙ…

හරි, මේ ගේන්නෙ Cloak & Dagger කතා මාලාවේ පළමුවැනි කතා සමයේ අටවෙනි කොටස.. කතාව බොහොම උණුසුම් ඔන්න දැන්නම්.. ඒ නිසා ඉතිං මඟහැරිල තිබුණනම් දැන් පළමුවැනි කතා සමයේ අවසානය ලඟා වෙමින් පවතින නිසා ආයෙත් බලන්න පටන් ගන්න කියලත් මතක් කරනව
පහුගිය කොටසින්..
පහුගිය කොටස මතකනම් ඒ කොටස සම්පූර්ණයෙන් ම වගේ දිගහැරුණෙ අයිවන් හෙස්ගෙ ( මීනගෙ තාත්ත) මනස ඇතුළෙ.. නේතන් බෝවන්ට (ටැන්ඩිගෙ තාත්ත) මරණය ගෙනාපු අටල්ලෙ (රිග්) සිදුවුණු පිපිරීම නිසා අයිවන් ඉන්නෙ තමන්ගෙම මනස ඇතුළෙ හිර වෙලා.. ටැන්ඩි, ටයිරොන් දෙන්න අයිවන්ගෙ මනසට ඇතුළු වුණාම අටල්ලෙ පිපිරීම පිළිබඳ බොහෝ විස්තර හෙළි වෙනව.. රොක්සන් සමාගම ලෝකෙට හෙළි නොකරපු ඇත්ත තමයි අටල්ලෙ පිපිරීමට කලින් මිනිස්සු ලේ පිපාසිත මෘගයන් බවට පත්වෙලා එකිනෙකා මරාගත්ත කියන එක. ඒකට හේතුව වුණේ අධික භීතිය නිසා හටගත්ත මානසික ව්‍යාධියක්.. කොහොමහරි මේ විස්තරය නැවත නැවත අයිවන්ගෙ මනස ඇතුළෙ සිදු වෙනව. ඒක වලක්වන්න ක්‍රමයක් තිබුණත් අයිවන්ට මතක නැහැ එයාගෙ අතීත කාරණා.. කොහොමහරි ටැන්ඩි අර නේතන්ගෙන් ආපු කෝල් එකට උත්තර දීපු වෙලාවෙ ඉඳල එයාගෙත් මනස විකාර වෙනව.. එතනදි ටැන්ඩිව ගලවගන්න ටයිරොන් පොඩි උපායක් යොදනව.. ඒ තමයි ටැන්ඩි සහ නේතන් පමණක් දන්න දෙයක් ෆෝන් එකෙන් කතා කරන කෙනාගෙන් අහන්න කියන එක. මොකද ෆෝන් එකෙන් කතා කරන්නෙත් අයිවන්ගෙ මනසෙ ඉතුරුවුණු මතකයක්. ඒ නිසා ටැන්ඩිගෙ විස්තර අයිවන් දන්නෙ නෑනෙ. ටයිරොන්ගෙ සැලැස්ම නිසා ටැන්ඩි ඒකෙන් බේරෙනව. ටැන්ඩි ඒ ක්‍රමයම අයිවන් වෙනුවෙනුත් පාවිච්චි කරනව. ඒ තමයි අර බිස්කට් එකේ “කරඳමුංගු” කතාව. මතකයිනෙ ඒ සිද්ධිය. ඒකෙන් අයිවන්ට පුළුවන් වෙනව තමන්ගෙ මනසෙන් නිදහස් වෙන්න. ඒක ටැන්ඩිට සුබ කරුණක් වෙන්නෙ, එයාට අටල්ලෙ පිපිරීම ගැන හරියටම විස්තර දන්න සාක්ෂිකරුවෙක් ලැබුණු නිසා....
අද කොටසින්.
අද කොටස යුක්තිය වෙනුවෙන් වෙන්වුණු කොටසක්.. අටල්ලෙ පිපිරීම වෙලා අවුරුදු අටකට පස්සෙ අද ටැන්ඩිල ඒක අනුස්මරණය කරනව. හැබැයි ඊට කලින් හොඳ වැඩ ටිකක් වෙනව. ටයිරොන්, ඔ’රයිලි එක්ක එක්තුවෙලා කෝනර්ස් අල්ල ගන්න හොඳ ප්ලෑන් එකක් ගහනව. ඒක මොකද්ද කියල දැන්ගන්න ඔයාලටම ඉඩ දෙන්නම්. නිළ වශයෙන් නොවුණත් ටයිරොන් මෙතනදි එයාටම කියල අන්ධකාර කබායක් පාවිච්චි කරනව. කලින් කොටස් මතකනම් ඒක බිලී බාගෙට හදල තිබුණු, ටයිරොන් සම්පූර්ණ කරපු කබාය. ඒක නිළ කබාය වේවිද නම් දන්නෙ නෑ. සැලැස්ම වැඩ කරාවිද? ඔක්කොම අනාගනීවිද? මේ අතර ටැන්ඩිට අයිවන්ගෙන් ලොකු සහයක් ලැබෙනව රොක්සන් සමාගමට විරුද්ධව ප්‍රබල සාක්ෂි හොයා ගන්න. ඒ තමයි අටල්ලේ අනාරක්ෂිත පැතිකඩ ගැන නේතන් ලියපු ලියකියවිලි වගයක්. ඒව ටැන්ඩි හොයාගෙන රොක්සන් සමාගමට විරුද්ධව පාවිච්චි කරන්න හදනව. හැබැයි රොක්සන් අයිතිකාරය කියනව සල්ලි ඉල්ලන තරමක් දෙන්නම් කේස් එකේ ලියකියවිලි එයාගෙ අතට දෙන්න කියල. ටැන්ඩි සල්ලි ගනීවිද? තාත්තගෙ නම පිරිසිදු කරන්න රොක්සන් සමාගමට විරුද්ධව යාවිද? කොහොම නමුත් ටැන්ඩිගෙ තීරණය වෙනස් වෙන තීරණාත්මක කාරණාවක් එළි වෙනව. ඒකෙන් ටැන්ඩි කරන්න හිටපු දේ නෙවෙයි අවසාන මොහොත කරන්නෙ. ඒ මොකද්ද? ඔයාලම හොයාගන්න. අවසාන වශයෙන් දෙයක් කියන්න ඕනෙ.. අද කතාව අවසාන වෙන්නෙ අවසාන මිනිත්තුවේදි, නොහිතපු විදියෙ අවාසනාවන්ත ඝාතනයකින්.
- ලිපිය ලබා දීම වෙනුවෙන් උදයංග සම්පත් හතරසිංහ සහෝට විශේෂ ස්තුතියක් හිමිවිය යුතුයි….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,825 downloadsDownload Marvels-Cloak-and-Dagger.S01E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ශාන් විමුක්ති [විමා] ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
28 comments
dsdkavishka
tharidu sagara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
ජය වේවා!!!Prabhasoft
Thanks Bro...!!! Ada Okkoma tika bewa... meka supiri kathawak...tikak ekathu wenakal hitiye.. ekasere balanna... Gd lk...!!!
Jayawewaaaa.....!!!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsachintha
ශාන් සහෝ පුලුවන්නම් Lucifer (Ep-22,23,24,25,26) ඉතිරි කොටස් ටික කරන්න කාට හරි බාරදෙන්න පුලුවන්ද?,
ඒක මග නැවතිලා දැන් හුග දවසක් වෙනවා....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Himantha
Sub ekata thanx
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindushehan
patta tv series eka bn . ada balanna gaththe epsode 8 baluwa ........
Rasitha Illangasinghe
Thanks sub ekata..
ThusharaIndunilRathnayaka
sub ekata thankss........!
T ,nks
Mendis
Tnx saho sub ekt...
Lakshan
Thanks bro.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ආපු දවසෙම බැලුවා...
දැන් නම් පට්ට කතාව..futureomega
thanks sub ekata
Randi
බොහොම ස්තූතියි!
priyan99
thanks bro
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
pasi.roy
thanks vima aiya subata......lucifer season 3 eke ithuru ep tikata sub denna puluwan da
tharangabk
Tnx
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thenks aiya sub ekata fatta