කලින් කොටස ඉවර වෙද්දී හැමෝගෙම පපුව ගැහෙන්න ගන්න ඇත්තෙ “ලබ් ඩබ්” කියලා නෙවේ, “හයාත්ට මොකක් වෙයිද?” කියලා වෙන්න ඕනේ! මං දන්නවා 26 එනකන් කට්ටියම නොඉවසිල්ලෙන් ඉන්නෙ කියලා. ඒ නිසා පරක්කු නොකර ඔන්න 26 අරගෙනයි ආවේ. සුපුරුදු විදියටම කලින් කොටසෙ මොකද වුනේ කියලා මතක් කරගෙනම අද කොටස බලලා සැනසෙන්න කියලා ආරාධනා…

කලින් කොටස ඉවර වෙද්දී හැමෝගෙම පපුව ගැහෙන්න ගන්න ඇත්තෙ “ලබ් ඩබ්” කියලා නෙවේ, “හයාත්ට මොකක් වෙයිද?” කියලා වෙන්න ඕනේ! මං දන්නවා 26 එනකන් කට්ටියම නොඉවසිල්ලෙන් ඉන්නෙ කියලා. ඒ නිසා පරක්කු නොකර ඔන්න 26 අරගෙනයි ආවේ. සුපුරුදු විදියටම කලින් කොටසෙ මොකද වුනේ කියලා මතක් කරගෙනම අද කොටස බලලා සැනසෙන්න කියලා ආරාධනා කරනවා.

දකින්න ඇතිනේ හයාත් කන්දක් උසට හීන මවන් ලෑස්ති වෙලා, මුරාත් එනකල් බලා හිටපු හැටි! මුරාත්නුත් ආවා, හැබැයි කෙල්ල හිතපු විදියට අනෙක් දේවල් සිද්ධ වුනේ නම් නෑ. ඔය අතරේ හයාත්ගෙ අම්මා කෝල් කරලා කිව්වා, සීයා ගෙදරින් ගිහින් කියලා, ඒත් ගිය තැනක් දන්නෙ නැහැල්ලු. පස්සෙ ටික වෙලාවකින් හයාත්ට තව කෝල් එකක් ආවා හාලිත්ගෙන්. එයා කිව්ව විදියට සීයා හොර රහසෙම කඳුකරේ ගෙදරකට යන ගමන් හිටියෙ.

ඔය අතරේ ආයිත් හසාල්, මුරාත්ගෙ ගෙදරට රිංග ගත්තා. හැබැයි ලෙයිලා නම් හසාල් එනවට පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ. ඒත් හසාල්, මුරාත්ට තව සහෝදරයෙක් ඉන්නවා කියලා මුරාත්ට කිව්වා. ඒ මාර්ගයෙන් ලෙයිලගෙ මතකය නැති කතාව බොරුවක් බව ඔප්පු කරන්න පුලුවන් බව මුරාත්ට ඒත්තු ගන්නපු හසාල්ට ආයිත් පුරුදු රස්සාව දෙන්න මුරාත් කැමති වුනා. දකින්න ඇතිනේ, ඒ අතරේ දේර්‍යා හයාත්ට පුද්ගලික ජීවිතයක් ගත කරන්න නම් වෙන ගේකට යන්න කියලා උපදෙස් දීපු හැටි, ඒත් ඒ වෙලාවේ හයාත් නම් ඒක පිලිගන්න ලෑස්ති වුනේ නෑ. ඒ විතරක් නෙවෙයි දේර්‍යා තවත් දෙයක් කිව්වා, ඒ තමයි හසාල්, මුරාත් දෙන්නා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. අන්න ඒක කිව්වම නම් මෙතෙක් වෙලා නොසැලී හිටිය හයාත් සැලුනා.

හසාල්, මුරාත්ට කිව්වනෙ එයාගෙ සහෝදරයා ගැන, ඉතින් දෙන්නා එකතු වෙලා එයාව හොයා ගන්නයි හැදුවේ. මතක ඇතිනේ, දෙන්නා හොරෙන් යන්න හදපු ගමන මොකක්ද කියලා හයාත් හොයන්න ගිහින් මුරාත්ට අහු වුන හැටි එහෙම!

ඊටත් පස්සේ මුරාත් ගිහින් එම්‍රේට තදින්ම කිව්වා, ඔය ෆොටෝ නෙවේ මොනව එව්වත් එයාට හයාත්ව විශ්වාසයි කියලා. පස්සේ මුරාත්, හසාල් දෙන්නා මුරාත්ගෙ සහෝදරයා හොයන්න ගියා, ඒ බව දැන ගත්ත ලෙයිලා එයාගෙ පුතාට ඒ කිව්වෙ මුරාත්ගෙ සහෝදරයට කෝල් කරලා කිව්වා, ඉක්මනින්ම පිටවෙන්න, එයාව දන්න බවක් කාටවත් කියන්න එපා කියලත්. ඒ කතාව දේර්‍යා අහගෙන හිටියා.

නරකම දේ සිද්ධ වුනේ ඊටත් පස්සේ. ඒ තමයි තුවාල්, මුරාත් කතා කරනවා හයාත් අහගෙන හිටපු එක. හයාත්ට අහුනා මුරාත් කියනවා “හයාත්ගෙ මෝස්තර වලට තැන දුන්නේ හයාත්ව සතුටු කරන්න ඕන නිසා, එයා දියුණු වෙනවා දකින්න ආස නිසා” කියලා. මේක ඇහුනම හයාත්ට කම්පනයක් වගේ දැනෙනවා. මුරාත් එයාගෙ දක්ෂකම දැකලා නෙවේය එයාට තැන දෙන්නේ, එයාව සතුටු කරන්න කියලා හිතලා. ඉතින් ඒකෙ අවසාන ප්‍රතිඵලය වුනේ එම්‍රේගෙ යෝජනාවට හයාත් කැමති වුන එක! ඒ විතරක් නෙවේ එම්‍රේ එක්ක වැඩ කරන්න යනව කියලා හයාත්, මුරාත්ටත් කිව්වා. මුරාත් හිතුවේ ඒක විහිලුවක් කියලා. ඒ අතරෙ තමා හැස්මත් සීයා, අසීමේ ආච්චිට කෝල් එකක් ගත්තේ. එයාගෙ බඩේ අජීර්ණය නිසා ගොඩක් අමාරුවෙන් හිටියේ, ඉතින් මුරාත්, හයාත් දෙන්නා සීයා ඉන්න තැන හොයාගෙන ගියා. හැබැයි ඊට කලින් එතනට ආව හාලිත්, සීයව ඉස්පිරිතාලෙ අරන් ගියා. සීයා ඉස්පිරිතාලෙ කියල ආරංචි වුන එමිනේ සීයා බලන්න ආවා. පස්සෙ ගෙදරත් එක්ක ගියා. එහෙට ආව අසීමේ ආච්චිට ආයි මුද්දත් දීලා, මේ වයසට කසාද බඳින්න ඕන නෑ, මේ ඉන්න විදියටම ඉමු කියලා සීය කිව්වා.

ඔය අතරේ සීයා හොයන්න කඳුකරේට ගිය හයාත්, මුරාත් දෙන්නා එහෙම නැවතුනා. දිගින් දිගටම හයාත්ට, එම්‍රේගෙන් කෝල් ආවම මුරාත්ට කේන්ති ගියා මතක ඇති. ඒත් අන්තිමේ මුරාත්ට තේරුම් ගියා හයාත්, එම්‍රේ එක්ක වැඩ කරන්න යනව කීවේ විහිලුවක් නෙවේ කියලා. ඔන්න එතනින් තමයි හිතුවට වඩා ප්‍රශ්නෙ දුරදිග යන්නේ. අලි මදිවට කොටි වගේ එතකොටම එම්‍රේ, හයාත්ට කෙටි පණිවුඩයක් එව්වා හයාත්ට ආදරෙයි කියලා, ඒක කියෙව්වෙ මුරාත්. යක්ෂාරූඪ වුන මුරාත්, හයාත්ටත් බැනලා, කසාදෙත් ඉවරයි කියලා යන්න ගියා. අසරණ වුන හයාත්, හනි හනික ලෑස්ති වෙලා දුවන්නයි හැදුවේ. ඒත් එයා ඇද ගෙන වැටිලා ඔලුව ඇනුනා, නැගිට ගන්න බැරුව හිටපු හයාත් තවත් අසරණ වුනේ ගේ ගිනි ගන්න පටන් ගත්තමයි. ඒත් මුරාත් ඉවෙන් වගේ ආයිත් වාහනේ හරවන් ගෙදර ආවා, ගින්න අතරින් හයාත්ව උස්සගෙනත් ආවා. ඒත් හයාත්ට සිහියක් තිබුනේ නෑ.

එහෙනම්, එක හුස්මට අද කොටස බලන්න ආරාධනා කරලා මං සමුගන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

2,591 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E26.zip67 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,591 downloadsDownload Subtitles67 KB

43 comments

  1. Kulanjana Maduranga

    sub 1ta thanks sis....keep it up...

  2. 100

    Sub eakata thanx

  3. pathum madhushan

    Thank you..

  4. chanaka sasalanka

    thanks sub ekata

  5. SanjulaJeter

    thank you!

  6. Achi

    තැන්ක්ස් අක්කි

  7. bimbi

    අපරාදෙ කියන්න බෑ හෙළිලි ගේන දවසට අපිට කලින්ම හම්බෙනවා
    එකෙන්ම රෙස්පෙක්ට් ඒකට කාලය කැපකරගෙන කරන කැපවීමට
    ජය !

    1. ශසිත් සඳරුවන්

      චැහ් මයුරව මෙන්සන් කොරන්න පුලුවන් වුනා නම්. :P

  8. NaradaD

    tnx sub ekata

  9. Pramodha

    Thanx

  10. sithum96

    Thanks

  11. vishwa

    thanx bro

  12. vishwa

    thanx bro ikmanin ithuru tikath denna

  13. s.jayasinghe

    Thank u sis. Ithuru tikath ikmanate danne balanne

  14. suranuwan

    thank you..

  15. Jana

    නියමයි :)

  16. Rumesh Roshan

    thanks lot sis

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  18. pradeep hashan

    thanks akki sub ekata

  19. MAALnath

    Thanks .................good luck ......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  20. Sachinanushka

    Tnx pattta adarey hamdamat ilanga ekat imkmata danna mewagema

  21. Upul Sampath

    ela ela

  22. nisala_d

    Thank you...!!!

  23. Udara Damith Dissanayaka

    Thanksssss

  24. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය වේවා...!!!

  25. manju4300

    thanks bro, 27 enakan maga balana innawa.......... ikamanata enna

  26. hansaka gihan

    ජය වේවා
    තව සුට්ටයි

  27. Amal_indika

    thanks your the best sis
    futta...

  28. Chamod_kavinda_wikz

    Thanks so much for subtitles

  29. TharakaWAS

    ela..ela...suba denkan agili gna gna hitiye...
    bohomatma stuti nangi...
    Itiri tikat puluwan ikmanatma demu...
    api balan innwa....
    Jaya wewa....!!!!!!!!!

  30. akilaishanmeegoda

    Thank you so much ohoma digatama ikmnata sub denna. Jaya wewa

  31. Pradeep

    Thanks dr sub ekta...

  32. Udithakavinda123

    Balagena hitiyeee thnx thnx

  33. SR pro

    tnx tnx sub ekata .... tawa epasoide tikai oya tikath ikmanata denna ... jaya wewa

  34. Kushan Charuka

    මහන්සි වෙලා අපිට සබ් එක ගෙනාවට thanks හෙළලි හේමමාලි sis ට . පොඩි ඉල්ලීමක් තියනවා අපේ
    අාදරණිය බයිස්කොප් උපසිරසිකරුවන්ගෙන් ASK LAFTAN ANALAAZ කතාව ඉවර වුනාට පස්සෙ kırgın çiçekler (මුතු අහුර) මේ ලස්සන තුර්කි කතාවට සබ් දෙන්නෙකා.

  35. Kushan Charuka

    මහන්සි වෙලා අපිට සබ් එක ගෙනාවට බොහොම ස්තූතියි හෙළලි හේමමාලි sis ට . පොඩි ඉල්ලීමක් තියනවා
    අපේ අාදරණිය බයිස්කොප් උපසිරසිකරුවන්ගෙන් ASK LAFTAN ANALAAZ කතාව ඉවර වුනාට පස්සෙ kırgın çiçekler (මුතු අහුර) මේ ලස්සන තුර්කි කතාවට සබ් දෙන්නෙකා.

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. hdimantha

    Thanksss.....

  38. sura80

    thanks subekata

  39. harshani11112

    ස්තුති නංගියො....

  40. NishadiHerath

    Thank you soo much

  41. nipunvid

    thank you!

  42. pinsara chandika

    thanks...