ඔන්න එහෙනම් Attack on Titan S04 Part 01 එකේ අන්තිම එපිසෝඩ් එක උන 16වෙනි එපිසෝඩ් එකට සබ් එක ගෙනාවා. ඉතින් ඉස්සෙල්ලම මතක් කරන්න ඕනේ මගේ අයියව. මං AOT ෆෑන් කෙනෙක් හින්දා වගේම සයිට් එකේ S04 එකට සබ් දෙන එක නැවතිලා තිබ්බ වෙලාවක, එයා තමයි අදහස දැම්මේ පුලුවන්නම් බයිස්කෝප් එකේ කට්ටියගෙන් අහලා ඔයා සබ් එක කරන…

ඔන්න එහෙනම් Attack on Titan S04 Part 01 එකේ අන්තිම එපිසෝඩ් එක උන 16වෙනි එපිසෝඩ් එකට සබ් එක ගෙනාවා.

ඉතින් ඉස්සෙල්ලම මතක් කරන්න ඕනේ මගේ අයියව. මං AOT ෆෑන් කෙනෙක් හින්දා වගේම සයිට් එකේ S04 එකට සබ් දෙන එක නැවතිලා තිබ්බ වෙලාවක, එයා තමයි අදහස දැම්මේ පුලුවන්නම් බයිස්කෝප් එකේ කට්ටියගෙන් අහලා ඔයා සබ් එක කරන්න කියලා. ඒ හින්දා තමයි ඔයාල වගේ සබ් download කරලා බලපු මට පුලුවන් වුනේ ඔයාලට සබ් ටික අරං එන්න. ❤️

ඒ වගේම මතක් කරන්න ඕනේ බයිස්කෝප් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන ශාන් විමුක්ති අයියා. එයත් එක්ක කතා කරගත්තට පස්සේ තමයි “හරි මල්ලි එහෙනම් ඔයා සබ් ටික කරලා එවන්න මං site එකේ දාන්නම්” කියලා support එක දුන්නේ. ඒ වගේම මීට කලින් සීසන් වලට සබ් කරපු සහෝදර සහෝදරියන්ටත් මං ස්තූති කරනවා ඔයාලා හින්දා සුපිරිම ඇනිමේ එකක් බලන්න හම්බුන නිසා. ❤️

හරි එහෙනම්, අපි වැඩි කතාවක් නැතුව අන්තිම එපිසෝඩ් එකේ උනේ මොනවද කියලා බලමු…

පහුගිය කථාංගය ගත්තොත්, ජීක් කලින් එයාට තියෙනවා කියපු සැලසුම් තුනෙන් එකක්වත් කරන්න නෙමෙයි හිටියේ. එයාටම කියලා තිබ්බ සැලැස්ම තමයි එල්ඩියන්ලගේ Reproduction Ability එක, ඒ කියන්නේ ප්‍රජනන හැකියාව නැති කරන එක. ඒකෙන් තව දුරටත් මිනිස්සු ඉපදෙන්නේ නැති නිසා ටයිටන්ලා විදිහට හැරෙන්න බැරිවෙනවා. බීස්ට් ටයිටන් කලින් උරුම වෙලා තිබ්බ Mr. Ksaver තමා කියන්නේ ඒකට Royal Blooded and Founding ටයිටන්ලා දෙන්නෙක් ඕනේ කියලා. ලෙබෙරියෝ වල ඇතුල් කලාපෙදි ජීක්ගෙයි එරන්ගෙයි Meet එකත් මේ Episode එකේදි පෙන්නනවා. එරන් ජීක්ට උදව් කරන්නම් කියලා එතනදි කියනවා.

අද කතාව ගත්තොත් නම් ඉතින්, හැමදෙයක්ම පටන් ගත්ත තැන; ශිගන්ෂිනා දිස්ත්‍රික්කයේ වෙන දේවල් තමයි තියෙන්නේ. ඒ අස්සෙ කට්ටියක් හොරෙන් ශිගන්ෂිනා වලට රිංගනවා. යෙලේනා ස්කවුට්ලට ජීක්ගේ ඇත්ත අරමුණ මොකක්ද කියලා තේරුම් කරලා දෙනවා. මේ එපියෙ අන්තිම හරිය තමා සුපිරිම. එතන වෙන සීන් එකත් එක්ක play වෙන soundtrack එක එහෙම…ආයේ කියලා වැඩක් නෑ…

හරි එහෙනම්…ඔයාලා මේ කොටස හොඳට රසවිඳින්න. තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මේකේ part 02 එකටත් සබ් කරන්න කියලා ගොඩක් අය මගෙන් request කලා. ඒ වගේම කලින් ඉඳන් මගෙත් පොඩි අදහසක් තිබ්බා. ඉතින් ඔයාලගේ පැත්තෙනුයි සයිට් එකේ ඇඩ්මින්ලගේ පැත්තෙනුයි ධනාත්මක ප්‍රතිචාර තියෙන හින්දා අපි බලමු ඉතින් මොකෝ වෙන්නේ කියලා.

එහෙනම්, ඉක්මනටම හම්බෙන බලාපොරොත්තුවෙන් අදට මං සමුගන්නම්. කට්ටිය පරිස්සමෙන් ඉන්න.

Shinzou Wo Sasageyo ✊

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,125 downloadsDownload Attack-on-Titan-S04E16.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දෙනුර වීරසිංහ

Subtitles

11,125 downloadsDownload Subtitles16 KB

19 comments

  1. Anonymous

    මේකට සබ් දීපු එකට ස්තූතියි.part 2 එකටත් සබ් එක දෙන්න.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    bn season 4 part 2 geemu neda

  4. Amila Konara

    සබ් එකට ස්තූතියි සහෝ

    Part 2 එකටත් ඉක්මනට සබ් ඕනේ

  5. madushanka

    ela komlo part 2 kath genna oya thama awurudu ganak balan hitapu film ekata sub dunne ela budu saranai

  6. Dasun

    සිරාවට බන් කතාවට ඇබ්බැහි උනා බන්.සබ් එකේ කොලිටි එක ගැන කියලා වැඩක් නෑ.සුපිරියටම සබ් දුන්නා. පාර්ට් 2 එකෙන් හම්බෙනකන් බලන් ඉන්නවා කොල්ලෝ එහෙනම්...

  7. Anonymous

    part 02 one ban

  8. Anonymous

    ගොඩක් ස්තූතියි මේකට සබ් දුන්නට. AOT බලන ඒකත් අතරමගින් නවත්තලා තිබුනේ මේකට සබ් තිබුනේ නැති නිසා. ආයෙම බලන්න පටන් ගත්තේ උබ සබ් දෙන්න පටන් ගත්තු නිසා සහෝ. Part 2 ඒකත් මේ ගැම්මටම දෙන්න සහෝ

    බොහොම ස්තූතියි

  9. Xd

    තෑන්ක්ස්.. සබ් එක නම් පට්ටම කොලිටියි ආ.. සුපිරියටම දාලා තිබ්බා..

  10. Charuka

    අඩ්ඩෙහ්හ් මරු ඇහ් පාර්ට් 2 එකටත් සබ දෙන්න සියලුවැඩකටයුතු සාර්ථක වේවා කීයලත් පාර්තනා කරනවා ♥️

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. kanna

    part 2 ekatath ikmanata ona

  13. Pavith Wijesooriya

    සීසන් 4 පාර්ට් 1 වලට අවසන් වෙනකම් සබ් ලබා දුන්නට ගොඩක් ස්තූතියි සහෝ...

  14. Hazel

    part 2 sub hadala denna sagoooooooooooooo

    thank you ....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. priyantha

    thanks bro

  17. Hasiya KG

    සීසන් 4 වල පාර්ට් 1 වලට සම්පූර්ණයෙන්ම සබ් ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ඒ වගේම කරන කියන සියළුම කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා... ඒනම් පාර්ට් 2 වලින් හමුවෙමු... බුදු සරණයි...❤️

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  19. Levi

    කොහොම ස්තූති කරන්නද මන්දා ඉතින්.Arigato Gozaimas!