Watch Trailer

Autumn in My Heart [EP 05] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන…

Autumn in My Heartමා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම වැදගත්. මම කියන්නම් කතා සාරාංශය, හැබැයි සැකෙවින්. ඔක්තෝබර් මාසයේ එකම දිනයක බිළිදියන් දෙදෙනෙකු උපදිනවා. එකම දිනයේ තම උපන්දිනය සමරන ඔවුන්, වාසය කරන්නේ එකම ගමේ. ඒ විතරක් නොවෙයි අහම්බෙන් මෙන් ඔවුන් ඉගෙනගන්නේ එකම පාසලේ. එකම පන්තියේ. එක දැරියක් ජීවිතය උපරිමයෙන් රස විදිනවා. ඇ පොහොසත්. දෙමව්පියන්ගේ හා එකම සොහොයුරාගේ ආදරය නිතැතින්ම ඇයට හිමියි. ඈ නමින් ‘ඉන් සූ‘ එහෙත්, ‘ෂින් ඒ‘ නමැති අනිත් දැරියගේ ජීවිතය මිහිපිට අපායක් වගෙයි. අතිශයින්ම දිළිදු ඇගේ ජීවිතය කරදරවලින් බහුලයි.

එක් දිනක් ඉන් සූ රිය අනතුරකට මුහුන පානවා. එහිදි සිදුකෙරෙන රුධිර පරීක්ෂාවකදී අනාවරනය වෙනවා ඈ උපතේදි අන් කෙනෙකු හා හුවමාරු වී ඇති බව. කෙසේවෙතත්, කරුණු කාරණා අවසානයේ එළිදරව් වී සත්‍යය හිස ඔසවනවා. ඉන් අනතුරුව නීතිය ඔවුන් තම තමන්ගේ නියම දෙමව්පියන් වෙත යොමු කරනවා.ඉන් සූගේ සොයුරා, ජුන් සූ මේ ගැන ඉන්නේ දැඩි කළකිරීමකින්. ඔහුට මෙය කිසිසේත්ම දරාගන්නට බෑ. වසර කිහිපයකට පසුව, අහම්බෙන් ඉන් සූ හා ෂිං ඒ නැවත මුනගැහෙනවා හෝටලයකදී. ඉන් සූ එහි සේවය කරන දුප්පත් සේවිකාවක්. ෂිං ඒ එම හෝට‍ලයේ කළමනාකාරිනියක්.දැන් ජුන් සූ ඉතාම සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔහුට දැන් පෙම්වතියක්ද සිටිනවා. දිනක් ඔහුගේ සමීපතම මිත්‍රයෙක් තමාගේ පෙම්වතියව ඔහුට හදුන්වා දෙනවා. ඒ අන් කිසිවෙකු නොවේ, ඉන් සූ, කලකට පෙර ඔවුන්ගෙන් වෙන්වුනු නැගනියයි. එතැන් පටන් මේ බැදීම් නිරායාසයෙන්ම සංකීර්ණ වන්නට පටන්ගන්නවා. ඉන්පසුව ඒවා තීරණාත්මක අවසානයක් දක්වා විහිදෙනවා.

කලක් අයියා නංගියි යැයි එකිනෙකා හැදිනු ‘ඉන් සූ‘ හා ‘ජුන් සූ‘ පෙම්වතුන් වනවා. මේ අසම්මත ප්‍රේම වෘතාත්නයේ අවසානය කුමක්ද?මෙහෙම යන ටෙලි නාටකය තවත් පසෙකින් වෙනත් කෝණෙනින් තවත් සිදුවීම පෙළක් මත දිව යනව.ධනවත් යෑන් දෙපල දැන් තමන්ගේ සැබෑම දියණිය කවුදැයි දැක හදුනාගන්නවා. චෝයි මහත්මියගේ ජීවිත කතාව කුමක්දැයි සොයා බලද්දි, ඔවුන් වටහා ගන්නවා එය ඉතාමත්මකටුක ජීවිතයක් බව. ඇගේ සැමියා මිය ගිහින්. එකම පුතා මැරයෙක්. එවන් පරිසරයකට කෙසේද තමන් ළග මලක් මෙන් හැදුනු දියණියව තල්ලු කර හරින්නේ?යෑන් මහතා මේ අතර ෂිං ඒ වෙත ලංවන්නට උත්සාහ කරනවා. සෙල්ලම් බෝනික්කෙකු ඔහු ෂිං ඒට තිළිණ කරනවා. එහෙත් යෑන් මහත්මිය මේ හදිසි වෙනසට අකමැති බවකුයි දිස්වෙන්නේ. ඇයට මේ සියල්ල හිතට මහ බරක්. අදුරෙන් අදුරටම යන චෝයි මහත්මියගේ ලෝකය මේ සියල්ලෙන් තවත් සසල වනවා. මෙතෙක් තමා ළග හැදුනේ වැඩුනේ තමාගේම දියණිය නොවන බැව් දැනගන්නා ඇය ඉන් මහත් කම්පා ‍‍වෙනවා. අවසානයේ සත්‍ය දැනගන්නා ගැහැණු ළමුන් දෙදෙනාගේ සිත් තුල ඇතිවන්නෙත් සුවිසල් තිගැස්මක්. හදිසියේ මේ සිදුවුයේ කුමක්ද? කෙසේවෙතත්, අවසාන‍යේ ඔවුන් තමන්ගේ උරුමය සොයා යනවා. ෂිං ඒ ඉතාම කැමැත්තෙන් ධනවත් දෙමාපියන් වෙත යනවා. තමාටත් තම සැබෑ මව වෙත යන්නට කාලය එළැඹ ඇති බැව් යුන් සූමෙවන් පැටලවිල්ලක් ඔන්න මම ඔබ හා තනිකර දමා නික්ම යනව.

මම මේ කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ මෙපමණයි සදහටම. එය මා මුලින් කී අර වෙනස් කම් වලින් එකක්. මේ පැටලැවිල්ල හිතදරාගෙන කොටස් 16 පුරා දිව යන මේ සියුම් ආදරය අපිත් දැන් ඔවුන්ගේ ජීවිත සමග බෙදාගමු. ඔබට දැනෙන දේ කොටස් 16 පුරාවට ඔවුනට වෙනවන මෙම වෙබ් පිටුවේ අකුරු කර යන්න. එයයි ඔවුන්ගේ කතාව ඔබ වෙත ගෙන ඒමට මා හට ලැබෙන අමිල තුටු පඩුර.

Gaeul donghwa (2000) on IMDb

 

 

1,746 downloadsDownload Autumn.Tale_.Part05.zip39 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

                                                                                                                        Next BT1Next BT1

 

 

Subtitles by

පැතුම් අතුකෝරල

Subtitles

1,746 downloadsDownload Subtitles39 KB

25 comments

  1. sumudu

    thanks

  2. geeth

    jayen jaya wewa!!!!!

  3. upali

    ela ela ela

  4. tharanga

    බොහොම පින් සහෝට

  5. quik

    thanks

  6. h[A]s

    ජයම වේවා සහෝ පට්ට වැඩක් මේක නම් දිගටම සබ් දෙමු

  7. ranga

    niyama kathawak balanne nathi uin balahalla
    patta pathuru

  8. ositha

    maxxxa macho

  9. isuru

    supiri kathawa :) tx

  10. amilatk

    jayen jaya!!!

  11. kalinga

    බොහොම තුති මචං

  12. yasas

    elakiri saho digatama subs demu

  13. “චූටී මල්ලි”

    අනික්වත් ඉක්මනටම දෙමු සහෝ
    එල එල
    ඔබට ජය.............

  14. vernie

    meka nam miyamai

  15. Menu

    Thank you :)

  16. pushpe

    නියමය් අනෙක් එකත් දෙන්නෝ

  17. danushka

    niyamai mahan thank you...

  18. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  20. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  21. mudiya / මුදියා

    නියමයි පැතුම් සහෝ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  22. nilanka

    thanks appa

  23. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  24. Nishshanka ruwan

    ස්තුතියි :)

  25. Anonymous

    Sub ekata thanx