Watch Trailer

Avatar: The Last Airbender [S02 : E19] Sinhala Subtitles | ඊලඟට කුමක් වේවිද ? [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්හ්… දු‍ටුවනේ ගිය පාර වෙච්චි හරිය? ඩෛ-ලී වරුන්ගේ තරම කොහොමද? ඔවුන් රජා රූකඩයක් කරගෙන රටේ පාලනය ඔවුනගේ ක්‍රමයට කරගෙන ගිහිල්ලා. තමන්ගේ ලොක්කා සිරගත කළහම ඒකට රජුගෙන් පළිගන්නට සතුරන් හා එකතු වන්නට තරම් ඔවුන් ද්‍රෝහීන් පිරිසක් බවට පත්වුණා අන්තිමේ. තමන්ගේ අධිකාරීත්වය තියාගන්නට හදපු ඩෛ-ලී ලොකු තැන කබලෙ…

හ්ම්හ්… දු‍ටුවනේ ගිය පාර වෙච්චි හරිය? ඩෛ-ලී වරුන්ගේ තරම කොහොමද? ඔවුන් රජා රූකඩයක් කරගෙන රටේ පාලනය ඔවුනගේ ක්‍රමයට කරගෙන ගිහිල්ලා. තමන්ගේ ලොක්කා සිරගත කළහම ඒකට රජුගෙන් පළිගන්නට සතුරන් හා එකතු වන්නට තරම් ඔවුන් ද්‍රෝහීන් පිරිසක් බවට පත්වුණා අන්තිමේ. තමන්ගේ අධිකාරීත්වය තියාගන්නට හදපු ඩෛ-ලී ලොකු තැන කබලෙන් ලිපට වැටිලා වගේ දැන්. මොකද අසූලා කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමේ. ඇයට රජ උරුමය වගේම අණ උරුමයත් උපතින්ම හිමියි. ඇගේ අණට හිස නොනමා හිඳින්නට ඩෛ-ලී ලොක්කන්ට හැකියාවක් නෑ. ඔවුන්ගේ ගිවිසුමේ වාසිය කපටි අසූලා ලෙහෙසියෙන්ම උදුරා ගන්නවා. වෙන විකල්පයක් නෑ තවත්.

බා-සිං-සේ භූමි රාජ්‍යයේ වැඩ කටයුතු අග්නි කුමරියගේ අණසකට නතු වෙද්දී ඩෛ-ලී කණ්ඩයට කරකියාගන්ඩ දෙයක් නෑ. ගිවිසුමේ හැටියට කරබා ගෙන කියන දෙයක් කරනවා හැරෙන්නට. ඒ වගේම තමුන්ට තර්ජනයක් විය හැකි කිසිවෙකුට ඉඩක් හෝ සමාවක් නෑ අසූලාගෙන් බිඳකින්වත්. එක පාරක් ද්‍රෝහී වුණු කෙනෙකුට තව පාරක් ඒකම කරන එක කජු කන්නා වගේනේ. අසූලා තමුන්ගෙ සතුරන්ට සමාව දෙන ජාතියෙ කෙනෙක් නෙවි. මහප්පාත් අයියාත් ඇයට අමතක වෙල නෑ.

ඒ තරෙ ඈන්ග් උතුරුදිග වායු පන්සලට ගොඩවැදෙනවා. ඔහුට ඔහුගේ චක්‍රා පාලනය කරන ක්‍රමය ඉගෙන ගන්නට එහිදී ගුරු කෙනෙක් හමුවෙනවා. සොකා තාත්තා එක්ක එක්කාසු වෙනවා. මොකක් නමුත් ලොකු වැඩකට අරාඳිනවා වාගෙයි. බලමුද ඒ මොකද්ද කියලා අපිත්. කටාරා භූමි රජුගේ සහයට නතර වෙනවා. ටෆ්ටත් නොසිතූ අකරතැබ්බක් වෙනවා. අන්තිමේ පිටව ගිය අය හැරුණුකොට අනික් අය කවුරුත් දැන් හිරකාරයෝ වෙලා. :O

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,690 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E19.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,690 downloadsDownload Subtitles30 KB

21 comments

  1. RT

    thanz mzchan.danakan hitiye

    1. waharaka

      aiye me avatar films download karaganna puluwan web site ekkak naddha?

  2. D.Chamara

    niyamai niyamai

  3. Navod Buddhika

    thank you very much bro

  4. Sadun

    එල කිරි සහෝ

  5. chami

    Thanks

  6. lk

    Maxxxaaaa machan

  7. chandima

    Elakiri macho

  8. “චූටී මල්ලි”

    එල එල මචන් දිගටම දෙන්න
    මේ සබට තෑන්ක්ස් හොදේ

  9. mudiya / මුදියා

    නියමයි මචං පුබුදු.ඔක්කොම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  10. shani

    තෑන්ක්ස්.

  11. ශාන් විමුක්ති [වීමා]

    නියමයි මචං එල ;)

  12. hasithadn

    thankz..............

  13. රාම් රාජ්

    ස්තූතියි.

  14. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Uraj Deemantha

    සිංහල සබ් සමග කාටූන් .... :)

  16. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  18. Dinuka Jayasekara

    ගොඩක් ස්තූතියි සහෝ.....සීසන් 3ම සබ් එකවැර බා ගත්තෙ.හැබැයි දාන්ඩ උනේ එක කමෙන්ටුවයි.තරහ වෙන්ඩ එපෝ......

  19. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  20. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️