Baahubali: Crown of Blood [S01: E01] Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 17 වෙනිදා Disney+ Hotstar හරහා විකාශනය කිරීම ඇරඹුන වෙබ් කතා මාලාවකට උපසිරැසියක් රැගෙනයි. ඒ වගේම ප්‍රථම වතාවට තමා ඉන්දියන් ඇනිමේෂන් සීරිස් එකකට උපසිරැසි ලබා දෙන…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 17 වෙනිදා Disney+ Hotstar හරහා විකාශනය කිරීම ඇරඹුන වෙබ් කතා මාලාවකට උපසිරැසියක් රැගෙනයි. ඒ වගේම ප්‍රථම වතාවට තමා ඉන්දියන් ඇනිමේෂන් සීරිස් එකකට උපසිරැසි ලබා දෙන්නේ.
Baahubali සිනමා විශ්වය ආරම්භ වූයේ 2015 ජූලි 10 වන දින විකාශනය වූ Baahubali: The Beginning සිනමාපටයෙනි. එය බොක්ස් ඔෆිස් අතින් විශාල වාර්ථාවක් පිහිටවනු ලැබුවා. ඊලගට 2017 අප්‍රේල් 27 වන දින Baahubali 2: The Conclusion සිනමාපටය තිරගත වූවා. වැඩිම ආදායමක් ලද දකුණු ඉන්දීය සිනමාපටය හා දෙවනියට වැඩිම ආදායාමක් ලද ඉන්දියානු සිනමාපටය ලෙසද ආදායම් වාර්ථා බිදහෙලමින් තිරගත වූවා.
ඉහත සිනමපට දෙක සේම මේ වෙබ් කතා මාලාවත් නිර්මාණය කලේ S.S. Rajamouli විසින්. ඉහත සිනමාපට දෙකට අදාල වන පූර්ව කතාමාලවක්(prequel Series) ලෙස මෙය නිර්මාණය වූවා. Navin John, Jeevan J. Kang යන අය මේ කතා මාලාව අධ්‍යක්ෂණයෙන් දායක වූවා. Sharad Kelkar, Samay Thakkar, Mausam, Manoj Pandey යන අය හඩ කැවීමෙන් දායක වූවා.
ඔන්න එහෙනම් අපි කතාව පැත්ත්ට යමු. මේ කතාව දිවයන්නේ මහීෂ්මති රාජ්‍යය ගැන, ඒ රාජ්‍යයේ ඇතිවන ගැටුම් කුමණ්ත්‍රන ගැන. මුලින්ම මහීෂ්මති රාජ්‍යයයි ගරුඩ රාජ්‍යය අතර විරසක වීමක් ඇති වනවා. ඒ විරසක වීම ඇති වන්නේ ඇයි?. ඒ විරසක වීම යුද්ධෙකට පෙරලෙයිද ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරබන්න කියලා ඉල්ලා සිටිනවා.
ප.ලි
මේ සබ් එකේ ලයින් ගොඩාක් අඩුයි. නමුත් හම්බවුන ඉංග්‍රීසි සබ් එකේ වැරදි ගොඩාක් තිබුනා. සමහර තේරුම් ඩයලොග් එකට අදාලව තිබුනේ නෑ. මේ හිංදා මට සමහර හිංදි වචන හොයගන්න ගූගල් එකේ ගහලා බලන්නත් වුනා. සමහර තේරුම් හොයගන්න මට ටැමිල් ඕඩියො එකත් අහන්න වුනා. සමහර ඩයලොග් තියෙනවා ටැමිල් ඕඩියො එකයි හිංදි ඕඩියෝ එකෙ සමහර වචන එක හා සමාන නැති ඒවා. ඉතිං මේ අපහසුතා හිංදා තමා සබ් එක දෙන්න පරක්කු උනේ. ඒ වගේම පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් එහෙම ඒවා තිබුනොත් කියන්න.
වෙනදා වගේම මට අදත් කියන්න දෙයක් තියෙනවා. මේ සීරිස් එකත් මං දැනට තනියම කරන්න හිතාගෙන ඉන්න සීරිස් එකක්. මගෙත් තියෙන වැඩ එක්ක තමා මේක කරගෙන යන්නේ. මට හැකි අයුරින් ඉක්මනට ඉතුරු ඒවා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හිංදා ඔයාලගෙ සහයොගය මං බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම ඉන්දියන් සබ් කරන ගොඩාක් අය දැන් සබ් කරන එක අතෑරලා තියෙනවා මේ ෆ්බි පේජ් වලින් අපේම සබ් උස්සලා දාලා, ලයික්ස් ෆලෝවර්ස්ලා වැඩි උනාම පේජ් විකුණං කන ජාවාරම්කාරයො හිංදා. එහෙම ඉන්න එක ජාවාරම්කාරයෙක්ව නම් ඔයාලා හොදටම දන්නවා ඇති නේ. පහුගිය කාලේ අපේ ෆ්බි පේජ් එකෙනුත් අනාවරනය කලානේ ඒ ජාවරම්කාරයා ගැන.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
1,088 downloadsDownload Baahubali-Crown-of-Blood-S01E01.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Baahubali: Crown of Blood [S01: E01] Sinhala Subtitles
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
5 comments
Harsha Salinda
හශාන්
සුපිරී.දිගටම දෙන්න
Buddhika Lakmal
ස්තූතියි සහෝ උපසිරැසියට...
ජයවේවා...Bhathiya
Thankss.....
Heeramandi 2024 sub denna.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Baahubali: Crown of Blood [S01: E01] Sinhala Subtitles | ඉරණමට අභියෝග කරන බාහුබලි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Baahubali-crown-of-blood-cover-1.jpeg)


thank u bro