Watch Trailer

Ballers [S01:E10] with Sinhala Subtitles |සුන්දර අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Ballers කතාමාලාවේ අවසාන කොටසත් අරගෙනම ආවා. මේ කතාවේ පළමු කොටසෙන් පස්සේ මම දෙන උපසිරැසිය බාගෙන බලන ප්‍රමාණය ඉතාමත් සුළුතරයක් වුණා. නමුත් ඉතිං මේක බලන සුළුතරය වෙනුවෙන් මම කොහොමහරි මේ කතාමාලාව අහවරක් කරලා දානවා. සමීර චතුරංග සහෝදරයා හා ඇඩ්මින් මණ්ඩලයට ස්තුතිවෙන්න මම අද තවත් කතාමාලාවක් අවසන්…

Ballers Tv Seies 2015

ඔන්න එහෙනම් Ballers කතාමාලාවේ අවසාන කොටසත් අරගෙනම ආවා. මේ කතාවේ පළමු කොටසෙන් පස්සේ මම දෙන උපසිරැසිය බාගෙන බලන ප්‍රමාණය ඉතාමත් සුළුතරයක් වුණා. නමුත් ඉතිං මේක බලන සුළුතරය වෙනුවෙන් මම කොහොමහරි මේ කතාමාලාව අහවරක් කරලා දානවා. සමීර චතුරංග සහෝදරයා හා ඇඩ්මින් මණ්ඩලයට ස්තුතිවෙන්න මම අද තවත් කතාමාලාවක් අවසන් කරනවා එහෙනම්. ඒවගේම මේ කතාමාලාව බලන්න කට්ටියකට හිත දුන්නේ නැහැ. මොකද එයාලා හිතන්න ඇති මේක මහා කම්මැලි කතාවක් කියලා. නමුත් තවම කතාමාලාවේ එක කොටසක්වත් බලපු නැති උදවිය වෙනුවෙන් අද මම ලිපියේ සම්පුර්ණ කතාමාලාවම කෙටියන් වෙනම කොටසක් පහල ලිවවා. ඒකත් බලන්න. මම හිතනවා ඒක ඒ අයට වගේම කතාමාලාව තේරුනේ නැති අයට උදව්වක් වෙයි කියලා.

කලින් කොටසේ ස්පෙන්සර් ප්‍රසිද්ධ ක්‍රීඩක ඩෑන් එක්ක ක්‍රීඩාංගනයේ ඉදන් කරපු සජීවී විකාශය දැකලා ජෝ ගොඩක් තරහින් හිටියේ. ඒ නිසා ඔහු කාර්යාලයට ගිහින් ඔහුගේ හා ස්පෙන්සර්ගේ කොටසේ හැමදේම පොලේ ගහලා කඩලා බිදලා දානවා. මේ නිසා ඇන්ඩ්‍රසන් ඔහුව අස් කරලා දානවා. ස්පෙන්සර් මේ විස්තර දැනගන්නෙත් ඔහු කාර්යාලයට ආවහම. ස්පෙන්සර්ට අලුත් කාර්යාලයක් ලැබෙනවා. නමුත් ඔහුට ඒක ජෝ නැතුව කරන්න හිතදෙන්නේ නැහැ.ඒ අස්සනේ ජෝ අලුත් කාර්යාලයක් ආරම්භ කරන්න ලෑස්ති වෙනවා. ස්පෙන්සර් ඒකට සම්බන්ධ වෙන්න අකැමත්ත දක්වපු නිසා ඔහු කණගාටුවට පත්වෙනවා. ඒවගේම තමයි අද කොටසේ රිකි ව හමුවෙන්න එයාගේ තාත්තා එනවා. ඒ දෙන්නගේ සංවාදය මොන වගේ වෙයිද? චාල්ස් කලින් කොටසේ පුංචි පෙරහුරුවක් කරානේ. නමුත් ඒක ගොඩක් සාර්ථක වුණේ නැහැ. ඔහුට අද කොටසේ නැවතත් ලැබෙනවා ඒ සමයේ ක්‍රීඩා වළට පෙනී ඉදලා සෙල්ලම් කරන්න. ඒවගේම වර්නන් ට ජිවිත කාලින ඩොලර් මිලියන 45 ක වගකීමක් සහිත ඇපයක් ලැබෙනවා ඩාලස්ගෙන්. ස්පෙන්සර් කොහොමෙන් කොහොමහරි ඇන්ඩ්‍රසන් ව කැමති කරගෙන ජෝ ව ආයේ වැඩට අරගන්නවා. මේ වගේ හැමදේම සතුටින් අහවර වෙනවා. එහෙනම් අද කොටසත් බලලම ඉන්නකො.

Ballers Full Season Review  

Miami Dolphins [මයෑමි ඩොල්ෆින්ස්] කියන්නේ සැබෑම ලෝකයේ පාපන්දු ක්‍රීඩා කරන කණ්ඩායමක්.මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ ඒ කණ්ඩායම. ස්පෙන්සර් ස්ට්‍රාස්මෝර් හෙවත් හැමෝම දන්නා කියන කෙනා රොක්, චාල්ස් ග්‍රීන් පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්ත අය. ස්පෙන්සර් නම් මුල්‍ය කළමනාකරණ අංශයක කළමනාකරණ උපදෙස් දෙන හා ක්‍රියා කරන්නෙක්. ඒ තමයි Anderson Financial කියන මුල්‍ය සමාගම. ඔහුට ඒ කොමපැණියේ ඉන්න යාළුවා තමයි ජෝ කියන්නේ. මේ දෙන්නාගේ විශේෂ කාර්යය තමයි ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ව කොම්පැණිය තුළට අරගෙන එක. ඒ කියන්නේ කෙටිකාලින හා ජිවිතකාලින ඇප හෙවත් වගකීම් සහතිකයක් ඒ ක්‍රීඩකයන් හට ලබා දීලා ක්‍රියාකරිත්වයේ යොදවනවා. නමුත් එයාලගේ මුල්‍යමය පාලනය මේ කොම්පැණියේ අයට ලබාදීමක් සිදුකරන්න වෙනවා. ඒවගේම අනෙක් කෙනා තමයි රිකි ජැරට්. ඔහු Green Bay Packers පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කලත් ඔහු කෙල්ලෙක් එක්ක කරපු විගඩමක් හන්දා. ඔහුව කණ්ඩායමෙන් අයින් කිරීමක් සිදුවෙනවා. ස්පෙන්සර් හා ජෝ ඇරුනම මේ වගේ තනි ක්‍රියාකරන්නෙක් තමයි ජේසන් කියන්නේ. ඔහුට රට පුරාවටම සේවාදායකයන් දහස් ගණනක් ඉන්නවා. ජේසන්ගේ සහයත් එක්ක රිකි ව මයෑමි ඩොල්ෆින්ස් කියන පාපන්දු කණ්ඩායමට ඇතුළත් කිරීමක් කරනවා. නමුත් මේ කතාමාලාව තුළ ඔහුට නොයෙක් බාධා පැමිණෙනවා. ඒවගේම විශ්‍රාම ගත්ත චාල්ස්ට රැකියාවක් ලැබෙනවා වාහන අලෙවිසැළක. ඔහු එතන රැකියාව කරගෙන අතරතුරේ දැනගන්න ලැබෙනවා මයෑමි ඩොල්ෆින්ස්හි ක්‍රීඩකයෙක් අබාධයක් වෙලා සැත්කමක් සදහා රෝහල් ගතකිරීමකට ලක්වෙනවා. ඒක අවස්ථාවක් කරගෙන ඔහු කණ්ඩායමට බැරි බැරි ගාතේ ක්‍රීඩා කරනවා.

ඒවගේම ස්පෙන්සර්ට හා ජෝ ට හමුවෙන විශේෂ, ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් තමයි වර්නන් ලිටිල්ෆීල්ඩ් කියන්නේ. ඔහු එක්ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කරගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. අනික වර්නන්ගේ හොදම හා ලගම මිතුරා රෙජිගේ කට හොද නැහැ. කට්ටියට කොච්චර හොද කලත් ඔහු මොකක් හරි කියලා හැමෝමවම එපා කරවනවා. අවසන් හරිය වෙනකොට ඔහු කෙල්ලෙක් නිසා ලොකු ප්‍රශ්ණයක් ඇති කරගන්නවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ Anderson Financial එකෙන් පවත්වන ලැබූ සාදයක් හේතුකොටගෙන.ඒවගේම රිකිටත් ප්‍රශ්න වලින් නම් අඩුවක් වෙන්නෙම නැහැ. මොකද කතාවේ අන්තිම කොටස් ලං වෙනකොට ඔහුගේ පෙම්වතිය ඔහුව හැරයනවා. ඒ මොකද රිකි ෆන්හවුස් නමින් හොරාට විනෝදකාමී අයට හදපු තැනක් පවත්වාගෙන යෑම නිසා හා රිකි ඔහුගේ කණ්ඩායමේ සහයකයෙක්ගේ අම්මා කෙනෙක් සමග තිබුණු සම්බදයක් මාධ්‍ය සිට හැම තැනකටම ආරංචි වීම නිසා. ඔහු මාධ්‍ය වෙත පාපොච්චාරණයක් කරලා ප්‍රශ්න විසදාගන්නවා. නමුත් ඔහුගේ පෙවතිය නම් ඔහුට ආයේ ලැබෙන්නේ නැහැ. මොකද ඇය වෙන කෙනෙක් සමග සම්බන්දයක් ආරම්භ කිරීම නිසා. අවසානයේ ඔහු ක්‍රීඩා අංශයෙන් ඉහලට යනවා, හොද ගතිගුණ වර්ධනය කරගන්නවා. වර්නන්ගේ පළමු කොන්ත්‍රාත්තුව ඔහුට ලැබෙනවා. ඒ ඩොලර් මිලියන 45 ක වගකීමක් සහිතව.කලින් තිබුණු සාදයේ කැත විදිහට හැසිරුනා කියලා , යම් යම් හේතු නිසා ඔහුව රැකියාවක් ඉවත් කිරීමක් කරනවා. නමුත් ස්පෙන්සර් මැදිහත් වෙලා ඒ ප්‍රශ්නේත් විසදලා දානවා. ස්පෙන්සර් හිතන්නේ ඔහුට තියෙන දැඩි හිසරදය මොලයේ ඇති අබදයක් කියලා. නමුත් කායිකවම සෞඛ්‍ය සම්පන්න බව වෛද්‍ය පරීක්ෂණයකින් හෙළිදරව් වෙනවා. ඔහුගේ ප්‍රශ්ණය වෙලා තියෙන්නේ ඔහු එකල ක්‍රීඩා කරන අතරතුර ඩෑන් බාල්සාමෝ කියන ක්‍රීඩකයා සමග ඇති වූ පොඩි පොඩි හේතු වගයක් නිසා. මේ හේතුවෙන් මේ දෙන්නා කතා නොකර සිටීමක් වගේම ජම්මන්තර වෛරකාරයෝ බවට පත්වෙලා ඉන්නේ. නමුත් ඒ ප්‍රශ්ණත් අවසානය ලං වෙද්දී කතාබහ කරලා විසදාගන්නවා.

කොහොමද විග්‍රහය හොදයිද? අනෙක් කතාමාලා වගේ මේ කතාමාලාව විකාශය වෙනවත් එකක්ම ඔයාලට දෙන්න බැරි වුණා. මොකද මට කලින් විභාග වගයක් තිබුණු නිසා. නමුත් මම ඔයාලට මේ ගැන නොදැනෙන්න අනිවාර්යෙන්ම සතියට එක කොටසක් හරි දුන්නා. සමහර සතිවල කොටස් දෙකක් පවා දුන්නා. මේ කතාමාලාවේ ගොඩක්ම තිබුනේ පාපන්දු ආශ්‍රිත වචන/ මුල්‍ය සම්බන්ධ වචන වගේම අසභ්‍ය වචන නම් නොසැහෙන්න තිබුනා. නමුත් මම මේ හැමදේම හරි ගස්සලා තමා උපසිරැසි කරලා දුන්නේ. ගොඩක් මට පුළුවන් හැම බැරෑරුම් වචනයකම අනිවාර්යෙන්ම තේරුම පහළින් සදහන් කිරීමක් කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාවෙ අන්තිම කොටස් ආසන්නයට අද්දීම HBO නාලිකාව මෙම කතාමාලාවේ අධ්‍යක්ෂවරුන් ඇතුළු කණ්ඩායම ප්‍රකාශයට පත්කලා ලබන අවුරුද්දේ මේකේ දෙවැනි කතාමලාවක් ලබාදෙන බව. බලමුකෝ. මම නැත්තම් වෙන කවුරුහරි ඒක ලබාදෙයි. අද කියෙව්වා වැඩිද මන්දා.! අවසාන වශයෙන් මෙතෙක් කල් මේ කතාමාලාව සමග හිටපු අයට ස්තුතිය පුද කරනවා. කමෙන්ට් කරපු අයට විශේෂයෙන් ස්තුති කරනවා. මොකද මේ කතාමාලාව නොබලන අපේ උපසිරැසි කණ්ඩායමේ උපසිරැසි කරන ඇතැම් සහෝදරවරුන් පවා අදහස් දක්වලා තිබුනා.

යනගමන් අදහසක් කොටගෙනම යමු. ගිහින් එන්නම්. බයිස්කෝප් අඩවිය ඇතුළු හැමදෙනාටම ජය..!!

Ballers (2015– ) on IMDb

 

 

186 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

E4FF3FA96246EE3DF8ADC27F50B2A4F29BF59565

253 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

85DC4626895359381C5A0CEEC8508453EBB5F39F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

571 downloadsDownload Ballers.S01E10.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

571 downloadsDownload Subtitles28 KB

10 comments

  1. nish

    Api beluwa saho eka digatama, Mayka Wenas hoda kathawak , . Nawaththanne nethiwa iwara kalata bohoma sthuthi ....
    Jaya wewa...!!!.

  2. Admirer

    නියම කතාවක් කොල්ලෝ. උපසිරැසියත් හොඳට තිබුණා. ඒ වගේම ගොඩක් අය නොබලා හිටියත් කතාව මග නතර නොකර දීපු එක ගැන අගය කරන්න ඕනේ. දිගටම උපසිරැසි දෙනවා කියලා විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් අතරේ ඔයාත් ඉන්නවා. මේ විදියටම තවත් කතාවකට උරදෙන්න කියලා ඉල්ලීමක් කරනවා. :)

  3. R.D

    එහෙනම් ඒ කතා මාලාවත් ඉවර කළා නේද.බොහොම ස්තුතියි චාමර සහෝ.වැඩේ මැද්දෙන් නවත්තන්නේ නැතුව දිගටම කරගෙන ආවාට.
    කට්ටිය රොක් ඉන්න නිසා ඇක්ෂන් සීරීස් එකක් කියලා බලන්ඩ ගන්න ඇත්තේ.ඒකයි පස්සේ අඩු වෙන්න ඇත්තේ,කොහොම උනත් මේකත් වෙනස් විදිහේ කතාවක්.බලන්න පුලුවන්.

    එහෙනම් තවත් කතා මාලාවකින් හමුවෙමු.ඔබට ජය.........

  4. Kulanjana Maduranga

    niayamai…great work bro...meke season 2 awoth ekatath sub ona...thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. rajitha

    Thank you very much Brother series eka dunnata. Thank you! digatama yamu......... jayawewa!

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් චාමර සහෝ!
    කිව්වත් වගේ මටත් තාම බලන්න බැරිවුනා!
    යතා කාලෙදී බලන්න ඕනේ!
    එහෙනම් ජයවේවා කිව්වා!!!!!!

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....
    සුපිරි කතාවක් මේක.....
    සබ් එක මග නවත්තන් නැතුව දුන්නට ගොඩක් ස්තුතියි....
    Supernatural එකෙන් දිගටම හම්බවෙනු.....
    එල කතාවක්....

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. devinda

    sub 10ma gaththa malli.gdk pin.

  10. Kahdeshan

    Season 2 sub dennko plzz. S1 sub wlta ස්තූතීයි ..