Watch Trailer

Band of Brothers [E01] Sinhala Subtitles – Currahee |සොහොයුරු කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

මම කොහොමද මේ සුපිරිම සුපිරි IMDB 9.6/10 ක් ගත්තු කතාව ගැන පොඩියෙන් හැඳින්වීමක් කරන්නේ. මෙහෙම ගම්මු මතකද Saving Private Ryan චිත්‍රපටිය? ඒකේ තිබ්බ නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමේ මෙන්න මේ දර්ශනය? අන්න ඒ වගේ දර්ශන රැගත් මේ කතා මාලාව ඒ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරපු ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස…

මම කොහොමද මේ සුපිරිම සුපිරි IMDB 9.6/10 ක් ගත්තු කතාව ගැන පොඩියෙන් හැඳින්වීමක් කරන්නේ. මෙහෙම ගම්මු මතකද Saving Private Ryan චිත්‍රපටිය? ඒකේ තිබ්බ නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමේ මෙන්න මේ දර්ශනය? අන්න ඒ වගේ දර්ශන රැගත් මේ කතා මාලාව ඒ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරපු ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස් එක්ව සම නිෂ්පාදනයක් විදියට රැගෙන එන ලද්දක්. මේ කොටස් දහයකින් පමණක් සම්න්විත වෙච්ච මෙම රූපවාහිනී කතාංගයේ තේමාව වෙන්නේ නෝමැන්ඩි වෙරළට ගොඩ බහින්නට පැය කීපයකට කලින් ඊට උදව්වක් වශයෙන් කලින්දා රාත්‍රියේ නෝමැන්ඩි භූමියට පැරෂුට් භටයන් විදියට බැස්ස ඇමරිකානු 506 වැනි පාබල හමුදා රෙජිමේන්තුවට, 101 වැනි වාසර කොට්ඨාසයට අයත් E කණ්ඩායමේ දෙවන ලෝක යුද ක්‍රියාන්විතයයි. මේ කතා මාලාව අදටත් විවිධ රටවල විකාශය වන්නක්. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඇතුළු සම්මාන 22කට හිමිකම් කියන්නක්. ඒකෙන්ම තේරෙනවනේ මේක කොච්චර සුපිරිම නිර්මාණයක්ද කියලා.

දෙවෙනි ලෝක යුද්ධයේ නැගෙනහිර යුද පෙරමුණට හා සමස්ත යුද්ධයටම හැරවුම් ලකුණක් වෙච්ච ස්ටාලින්ග්‍රාඩ් සටන මෙන්ම බටහිර යුද පෙරමුණට නෝමැන්ඩි ආක්‍රමණයත් අයත් වූ Operation Overlord මෙහෙයුම ඉතාම වැදගත් එකක් වුණා. විශේෂයෙන්ම අවුරුදු ගාණක් සටන් කරලා හෙම්බත් වෙලා හිටපු බ්‍රිතාන්‍යයේ මුවදොරටම ආ පසු; එනම් ජර්මානු හමුදාව ප්‍රංශය ආක්‍රමණය කළාට පසුව ජර්මනියට තව ඉතුරුවෙලා තිබුණේ මුහුද තරණය කොට බ්‍රිතාන්‍ය අල්ලා ගැනීම පමණයි. ඇමෙරිකාවේ දායකත්වයෙන් ශක්තිමත් වීම හා ස්ටාලින්ග්‍රාඩ් පරාජය මතින් ජර්මනිය ආක්‍රමණය කිරීම සදහා මෙම මෙහෙයුම ආරම්භයක් වුණ අතර මේ මෙහෙයුම සඳහා ආසන්න වශයෙන් භටයන් 130,000 – 156,000 අතර සෙබළුන් සහභාගී වූ බව සදහන්. ඉන් බාගයක්ම ඇමරිකානු හා ඉතිරිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් සහභාගී වූවන්. එලෙසම සිදූවූ ජීවිත හානියද අති මහත්. අපි ඒ ගැන විස්තර ඉදිරියේදි කතා කරමු.

පළමු කොටස වෙන්වන්නේ E කණ්ඩායම පුහුණුවීම හා ආක්‍රමණය පටන් ගැනීමට ඔන්න මෙන්න කියන තෙක් තිබෙන කතාවයි. ඒමෙන්ම හැම කොටසකම වගේ මුල් විනාඩියක් දෙකක් පමණ මෙම මුළු කතාංගය පුරා සිටින චරිත වල සත්‍ය හිමිකරුවන් කතා කරනවා පෙන්වනු ලැබුවත් ඒ කවුද යන්න අවසන් කතාව වනතෙක් හෙළිකරන්නේ නැහැ. ක්‍රියාදාම, ත්‍රාසජනකබව, හාස්‍ය සපිරුණු සත්‍ය සිද්ධීන් දැක්වෙන මේ චිත්‍රපටිය Saving private Ryan බලපු අයනම් අත අරින්නෙ නැති බව විශ්වාසයි. මේක නොබලන එක හරිම අපරාධයක් කියලා තමා මට කියන්න වෙන්නේ.

සම්පූර්ණ කොටස් දහයෙන් 5 ක් පමණ මේ වන විට උපසිරැසි ගන්වා අවසාන කරලා තියෙන නිසා හැකි ඉක්මනින් කොටස් දහයම නොකඩවා දෙන්න තමා මම හිතන් ඉන්නේ. ඒ වගේම විශේෂ ස්තුතියක් දෙන්න ඕනා හැමෝම දන්න නිලන්ත පියසිරි අයියාටත්, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය ලියන මාරයාටත්, අපි නොදන්න හමුදාමය වදන් කියාදීම වෙනුවෙන්. ඒ වගේම මේ කතාමාලව ගැන ඔත්තුව දුන්නු වාසල හා විකියා සොහොයුරන්ටත් මාගේ ස්තූතිය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

27,390 downloadsDownload Band-of-Brothers-1x01-1.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

27,390 downloadsDownload Subtitles57 KB

132 comments

  1. Shan

    ada mama 1 vage patta sahoo me davas vala tv sireyas vahi vahala vage

  2. අසංක

    මම අද එක පට්ට පට්ට

  3. දනුක

    පට්ට පට්ට :)

  4. mihin ලංකා

    රොයිලි අයියා දුන්නොත් දෙන්නේ සුපිරි එකක් තමා

  5. ccnp

    patta thxxxx

  6. uda

    හෙහ් හේ මේ අපේ රොයිලි ලොක්කා තව රූවාහිනී නාටකයක් අරගෙන ඇවිදිල්ලා තියෙන්නේ... මෙහෙම වැඩකට අර ඇදපු බව දැනගත්තට මොකෝ නමක්වත් දැනගත්තේ දැන් තමයි.

    ඉතිං 9.6ක් ගන්නව කියන්නෙ මොනම නිර්මාණයකට වුණත් ලේසි පාසු වැඩක්යෑ!
    අනික ස්පීල්බර්ග් සහ හෑන්ක්ස් දෙන්න එක්කාසු වෙලා කරපු වැඩක්නම් ඉතිං තව කතා මොකටද? අනිවා බෑමක් තමයි.

    එක පෙළට, එක සීරුවට 10ටම සබ් ටික දුන්නහම කතාවෙ අගෙත් වැඩියි. මැසිවිලිත් නෑනෙ. එහෙමනම් ඉතිරිවාත් වහ වහා ලැබෙනකම් බලාන ඉන්නවා.
    ජය!

  7. rusuru | රුසිරු

    ලෝකේ වැඩිම රේටින් තියෙන කතාවද කොහෙද පිස්සු කොර

  8. chamath cafe

    සුපිරි කියන්න දෙයක් නෑ රොයිලි දුන්න නම් පට්ටම තමා අනිවා බානවා

  9. quik

    maxxxxxxaa macho

  10. pasan sid

    thx wewa :)

  11. හොට්ටා

    ස්ටීවන් ස්පිල්බර්ග් ටොම් හෑන්ක්ස් :)
    පට්ටම තමා මේක මෙච්චර ගත්ත එක අහන්නත් දෙයක්ද ...

  12. dd

    elama thama meka nam superima wadak thamai ela
    ikmanatama anith Episode tikath danmanam thamai ela

  13. f_live

    සුපිරි සුපිරි මචෝ

  14. naleen

    royli all the best

  15. vee

    සුපිරි මචෝ කියන්න දෙයක් නෑ ලෝකේ හොදම කතාවක්

  16. lakshitha

    MAXXAMA MACHO AKENMA

  17. SHANI

    thank u very much.

  18. kalinga

    මරේ මරු මම මේක ගැන අහලා තිබුනා කියලා වැඩක් නෑ සබ් වලට බොහෝ පින්

  19. pubudu

    COOL :)

  20. ganidu

    එලස් එලස්..... :) මේක පට්ට :)

  21. wall e

    රොයිලි දුන්නොත් දෙන්නේ පට්ට ඒවානේ අනිත් ඒවාත් ඉක්මනටම දෙන්න ඔන්න ජය වේවා

  22. ymail

    MAMATH DOWNLOAD KARANAWA

  23. jina

    pattai ne. thanxx

  24. lasidu

    නියමම කතාවක් සබ් වලට පින් අත් වේවා :)

  25. lasidu

    බොහොම තුති :)

  26. එරංග

    පට්ට පට්ට පට ජයම වේවා :)

  27. dj

    ලොවෙත් නෑ උබට පින් සිද්ද වෙච්චාවේ :)

  28. MXX

    මේක නම් නොබලා බෑ අනිවා බලන්න ඕනේ ජය වේවා!!!!!!!!! රොයිලි අයියාට

  29. lahiru

    thnx machan..

  30. Isuru

    Thanks BRO

  31. vernie

    මේක නම් අනිවා ගන්නවා

  32. sd

    thanks machan

  33. chamara

    thanx............

  34. DASH

    pattah math kalin baluwa ayeth balanawa

  35. ajith

    නියමයි අයිය........ ජයවෙවා......

  36. pubudu

    සේවින් ප්රයිවට් රයන් පිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එක වැඩනැහැනේ යාල්ව පුලුවන්නම් ලින්ක් එකක් හොයල දෙනවද

  37. dedunu- yatalamatta,

    thank,s bro..

  38. වා.මු.නිලන්ත පියසිරි

    රොයිලි මල්ලී, බොහොම හොඳ වැඩක් කරලා තියෙන්නේ, මම ඔන්න බාන්න දානවා. අනිවාර්යෙන් ම බලනවා. අපූරුවට ඇති, ඒ ගැන නම් දෙකක් නැහැ. මගෙන් නම් ලැබුනේ බොහොම පොඩි උදව්වක්. ඒ පිළිබඳ සඳහන් කළාට බොහොම පිං. හැකි පමණ උදව් කරන්න බලන්නම්. ජයෙන් ජය වේවා! සිංහල උප සිරැසි නම් රොයිලි ගේ නම සඳහන් නොවී බැහැ නොවැ.

  39. කැලුම් ගුණසේකර

    මේක දුන්න කියලා රිවොලූෂන් නවත්තන්නේ නෑ නේද? එහෙම නම් කමක් නෑ. ස්තුතියි රොයිලි සහෝ.

  40. යසිරු මධුක

    බොහොම ස්තුතියි රොයිලි අය්යේ.

  41. pasidu

    pattama thama.ekmanata epsoid tika danna.ballan inne kattiya

  42. Dina

    අම්මට සිරි මේක පිස්සු කොර කතා සෙට් එක.. රොයිලි අය්යාගේ සබ් එක්ක බලන්න් ලැබෙනවා කියන්නේ.. පින තමා ඉතින්.. :D බොහොම තැන්ක්ස්..

  43. ලකී

    මේකත් එක්ක පැසිෆික් ටීවීසීරීස් එකත් දෙන්න.

  44. අරුණ

    පට්ටම තමා අනිවා සුපිරි

  45. anuruddha

    ela , mama asa me wage movi walata

  46. lasanatha!!!!!!

    ela ela

  47. ලිට්ල් ජෝන්

    සබ් වලට බොහෝ පින්

  48. කේ. යූ. ජී. උදාර

    රොයිලිගේ සබ් එක්ක ම සේවින් ප්‍රයිවට් රයන් බැලුව අපි රොයිලි ම දෙන මේ සීරිස් එක අත අරියි ද....?
    අද දීල තියෙන මේ මුල් කොටස මගේ ලඟ තියෙන හින්ද සබ් එක විතරක් ගන්නවා. ඊළඟ කොටස් ටිකත් ඉක්මනට ම දෙමු සහෝ....
    බොහොම ස්තූතියි.

  49. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  50. pubudusupun

    නියමයි රොයිලි අයියේ. :) මම මේක සබ් කරන්න ඩැහැ ගන්න හිටියේ. ඒත් අයියා ඉස්සර වුනා.:P කොහොම උනත් අයියා වැඩේ නම් මල් හතට කරල තියනවා. :D ජයෙන් ජයම වේවා

Load more comments