Watch Trailer

Banshee [S02 : E08] Sinhala Subtitles | දඩයම දිගටම! [සිංහල උපසිරසි සමඟ] (18+)

ප්‍රොක්ටර් ජේසන් මැරුවා කියලා ෂෙරිෆ් හුඩ් දැනගන්නවා. එතනින් කුලප්පු වෙන ෂෙරිෆ් ප්‍රොක්ටර්ව දඩයම් කරන්න පටන් ගන්නවා. ඇත්තටම ජේසන් කියලා කෙනෙක්ගෙ මිනීමැරුම හේතුවෙන් ප්‍රොක්ටර්ව අල්ලගන්න හුඩ්ට බෑ. හේතුව ජේසන් කියන කෙනාව කවුරුත් දන්නෙත් නෑ. ‍ ජේසන් ගැන එලි වුනොත් ෂෙරිෆ්ගෙ හැමදේමත් එලි වෙන නිසා. අනික ජේ…

ප්‍රොක්ටර් ජේසන් මැරුවා කියලා ෂෙරිෆ් හුඩ් දැනගන්නවා. එතනින් කුලප්පු වෙන ෂෙරිෆ් ප්‍රොක්ටර්ව දඩයම් කරන්න පටන් ගන්නවා. ඇත්තටම ජේසන් කියලා කෙනෙක්ගෙ මිනීමැරුම හේතුවෙන් ප්‍රොක්ටර්ව අල්ලගන්න හුඩ්ට බෑ. හේතුව ජේසන් කියන කෙනාව කවුරුත් දන්නෙත් නෑ. ‍ ජේසන් ගැන එලි වුනොත් ෂෙරිෆ්ගෙ හැමදේමත් එලි වෙන නිසා. අනික ජේසන්ගෙ මිනියත් හොයාගන්න බැරි වෙන්න ප්‍රොක්ටර් ඒක මස් ඉරන යන්ත්‍රයට දාලා සොසේජස් කරනවා. ආයෙ කොහෙ හොයන්නද. ප්‍රොක්ටර් දඩයමේ මුල් පියවර විදියට ෂෙරිෆ් කරන්නේ ප්‍රොක්ටර්ගෙ ක්ලබ් එක වටලන එක. ඒක ක්ලබ් එකක් වුනාට ඇතුලේ වෙන්නේ ගණිකා වෘත්තිය. ෂෙරිෆ්ට ඒක ඇතුලෙන් පරණ යාලුවෙකුත් මුණ ගැහෙනවා. එතනින් නවතින්නෙ නැති ෂෙරිෆ් ප්‍රොක්ටර්ගෙ යටතේ වැඩ කරන ගෑණු කෙනෙක්ගෙ මාර්ගයෙන් ප්‍රොක්ටර්ගෙ මත්ද්‍රව්‍ය ගබඩාවත් විනාශ කරනවා. එතනදී කතාවට අඳුන්වලා දෙනවා අලුත් පොරක්. ඒ තමයි ශාර්ප්. ශාර්ප් තමයි ප්‍රොක්ටර්ගෙ බඩු බැන්ෂී වලින් පිටට යවන්නේ. ශාර්ප් සහ එමෙත් අතර කෝන්තරයකුත් පටන් ගන්නවා. ඉස්සරහට බලමු ඒ ගැන. මේ අතර ඇලෙක්ස් සහ ප්‍රොක්ටර් ආයෙත් හවුලේ වැඩ කරන්න පටන් ගන්නවා. ඇලෙක්ස්ට ගෝත්‍රයේ නායකකම තියාගන්නත් උදව් කරන්නේ ප්‍රොක්ටර්. ඒ කොහොමද කියලා අපි දැන් දන්නවා. මේ අතර බ්‍රොක්ට සැක හිතිලා තියෙන්නේ ෂෙරිෆ් ගැන.

ඉතින් අද කතාව ගොඩක් දුක හිතෙන කතාවක්. ෂෙරිෆ් ප්‍රොක්ටර්ව අල්ලගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒක සාර්ථක වෙයිද? දුක්බර මෙන්ම ආවේගශීලී අවසානයක් අද කතාවෙන් බලාගන්න පුලුවන්. ඊලඟ එපියෙන් මුණ ග‍ැහෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

16,180 downloadsDownload Banshee.S02E08.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

16,180 downloadsDownload Subtitles25 KB

11 comments

  1. Anonymous

    Thanks
    Thanks

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Bobby

    Thank you very much Bro

  5. Chandima Prasad

    එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට කතාව තව තව සුපිරි වෙනවා..උබට ගොඩක් ස්තූතියි මේක බලන්න අපිට සබ් එක දෙනවට...ජයවේවා රංග ප්‍රසන්න....

  6. shash

    meke sub okkama dila iwarai bn.. boru weda karanna epa.plz

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ayesh

      උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. damith

    thanks bro. jaya wewa...!!!!

  9. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  10. viraj

    thanks............