Watch Trailer

Kaiju No. 8 [S01 : E01] Sinhala Subtitles | කයිජු කෙනෙක් වූ මිනිසා! [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S01 : E01] Sinhala Subtitles මුලින්ම බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට මේ වසරේ වසන්ත ඍතුවේ highly anticipated anime එකකට උපසිරසි ගෙනාවා. මේකේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණේ ඊයේ (13) රෑ. ඉතින් ඔන්න අලුත් අවුරුද…

 

Kaiju No. 8 Sinhala Subtitles

මුලින්ම බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට මේ වසරේ වසන්ත ඍතුවේ highly anticipated anime එකකට උපසිරසි ගෙනාවා. මේකේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණේ ඊයේ (13) රෑ. ඉතින් ඔන්න අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවා මේ සබ් එකෙන්.

 

Kaiju No. 8 Vol. 1 Cover

කතාව සිද්ධ වෙන්නේ කයිජුලාගෙන් පිරුණු ලෝකයක. මේකේ ප්‍රධාන චරිතය තමයි කෆ්කා හිබිනෝ. එයා කයිජුලා මැරුවට පස්සේ උන්ගේ මළමිනී සුද්ධ කරන කෙනෙක්. ඒත් පොඩි කාලේ ඉඳන් එයාගේ හීනය තමයි කයිජුලාගෙන් මිනිස්සුන්ව ආරක්ෂා කරන ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් වෙන එක. ඒත් ඒ ඔක්කොම වෙනස් වෙනවා එක දවසක් එයා කයිජු කෙනෙක් බවට වෙනස් වුණාම. ඉතින් මෙතනින් එහාට මොකක් වෙයිද? බලලම හොයාගමු නේ?

ඇනිමේ එක ගැන විස්තර, පසුබිම සහ මන්ගාවේ විස්තර ඇතුළත් සාරවත් ලිපියක් අපේ ලන්කන් වීබ්ස් සාමාජික හසරංග නදීෂ අයියා මට මේකට ලියල දුන්නා. එහෙනම් ඒකත් කියවලම සබ් එක අරගන්නකෝ.

මේ වෙනකොට volumes 12 ක් නිකුත් වෙලා තියෙන Kaiju No.8 මන්ගා එක තවමත් නිකුත් වී අවසන් නෑ. ඒ වගේම School Library Journal කියන ඇමෙරිකානු සඟරාවට අනුව මේ මන්ගාවේ volume 1 එක 2021 වසරේදී හොඳම මන්ගා 10 අතර තිබෙන මන්ගාවක් හැටියට නම් කර තිබෙනවා. ඒ වගේම 2022 වසර පුරාවටම Top Selling Manga 10 අතර රැඳී සිටින්නත් සමත් වෙලා තියෙනවා. මන්ගා එක 2024 අප්‍රේල් මාසෙ වෙද්දි මිලියන 13 කට අධික ප්‍රමාණයක් විකිනී තියෙනවා. ඉතින් Kaiju No.8 හෙවත් Monster #8 මන්ගා එකේ ජනප්‍රියත්වය ගැන ඒ විදිහට තොරතුරු සඳහන් වෙද්දි අපි බලමු ඒකෙ ඇනිමෙ එකේ පසුබිම මොකක්ද කියලා.

2022 වසරේ ජපානයේදී පැවැත්වුනු Anime Japan Event එක අනුව “Most Wanted Anime Adaptation” යටතේ 10 වන ස්ථානය ලබා ගෙන තිබුනා. ඒ අනුව Heavenly Delusion, Aoashi, Haikyu!!, Moriarty the Patriot කියන ඇනිමෙ නිෂ්පාදනය කරපු Production I.G ස්ටූඩියෝ එක සිද්ධ කරනවා. ඒ වගේම මේ කතාවේ Kaiju animation production එක වෙනුවෙන් Khara Studio එකත් සම්බන්ධ වෙනවා. Khara කිව්වම මතක් වෙන්න ඕනි මොක්කද? ඔව්, ඒ තමයි මාස්ටර්පීස් Neon Genesis Evangelion සීරීස් එකේ Rebuild movies ටික. ඒ නිර්මාණ ටික කළෙත් මේ Khara Studio එක තමයි. ඒ අනුව මේ anime adaptation එකත් මෙයාලා හොඳට කරාවි කියල අපිට බලාපොරොත්තු තියාගන්න පුලුවන්. Action, Sci-Fi, Military යන Genre වලට අයත් වෙමින්, Season 1 ට අදාළව මුළු කොටස් 12 කින් සමන්විත මේ Kaiju No.8 ඇනිමෙ එක මේ පළවෙනි කොටසින් ගත්තු ආරම්භය එක්ක, මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි MyAnimeList හි 8.19 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම තමයි මේකෙ Music පැත්ත. ඒ ගැන කිව්වො නැතොත් ඇත්තටම ඒක අසාධාරණයක්. මොකද මේකෙ Music ඒ තරමටම විශේෂයි. Kaiju No.8 හි Opening Theme එක වෙන “Abyss” ගීතය බටහිර rock & hip hop ගායකයෙක් වෙන YUNGBLUD විසින් perform කරද්දී Ending Theme එක වෙන “Nobody” ගීතය ජනප්‍රිය බටහිර සංගීත කණ්ඩායමක් වෙන OneRepublic කණ්ඩායම විසින් perform කරනු ලබනවා. ඒ අනුව පේනවනෙ, මේ ජපන් ඇනිමෙ එකට බටහිර පැත්තෙන් දෙන දායකත්වය කොහොමද කියලා. ඉතින් අපිට මේ Kaiju No.8 ඇනිමෙ එක ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුලුවන් කියන එක සැක නැතුවම කියන්න පුලුවන්.

– හසරංග නදීෂ

එහෙනම් අදට එච්චරයි. ලබන ඉරිදා දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. ආපහු, හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! කරන කියන දේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! පීස් ✌️

Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,472 downloadsDownload Kaiju-No.-8-S01-E01-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

4,472 downloadsDownload Subtitles15 KB

7 comments

  1. Hasith

    Vinland saga anime series ekatath sub onee

  2. Anonymous

    ජයවේවා
    එල එල අනිත් කොටස් වලටත් දෙන්න.

  3. rusith

    vinland saga kiyala anime ekkut tynw , eke sinhala sub ekth dala denn puluwnd , godk aya kiynwa ek hodi kyla

  4. Nuwan

    Vinland saga eke sub dennko plzz

  5. Akila Dilhara

    Thanks for Sub...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kavindu Nethmina

    Sub Ekata Thanks Malli..Thawath supiri TV series ekak sub ekak denna..