කොහොමද යාළුවනේ……. ඔන්න එහෙනම් අපි කොහොම කොහොම හරි අන්තිම කොටසටත් ආවා…. ඉතින් මම මේ කතා මාලාවට උපසිරසි කරන්න පටන් ගන්නකොට කතා මාලාව විකාශය අවසන් වෙලා තිබුනේ.. වෙනද විදියටම හසන්ත සහෝ මේක කරන්න කියලා මට කිවුවා… ඒත් ඉතින් පුළුවන් ඉක්මනට දෙනවා කියලා බාරගත්තට බාධා කීපයක්ම ආවා… ඒ නිසා තමයි මේ තරම් මේක දෙන…

කොහොමද යාළුවනේ……. ඔන්න එහෙනම් අපි කොහොම කොහොම හරි අන්තිම කොටසටත් ආවා…. ඉතින් මම මේ කතා මාලාවට උපසිරසි කරන්න පටන් ගන්නකොට කතා මාලාව විකාශය අවසන් වෙලා තිබුනේ.. වෙනද විදියටම හසන්ත සහෝ මේක කරන්න කියලා මට කිවුවා… ඒත් ඉතින් පුළුවන් ඉක්මනට දෙනවා කියලා බාරගත්තට බාධා කීපයක්ම ආවා… ඒ නිසා තමයි මේ තරම් මේක දෙන්න පරක්කු උනේ… කොහොම හරි අපි අද බේටස් නවතන්පොලේ දෙවන වෙළුමේ දසවෙනි කතාවට ඇවිදින් තියෙනවා…
එහෙනම් අපි කතාව දෙවන වෙළුමේ පලවෙනි කොටසේ ඉදන් ටිකක් මතක් කරගමු..
පළමු වෙළුම අවසන් උනේ බ්ලෙයා වොට්සන් ගුරුතුමියගේ මළසිරුර පෙන්වීමෙන්… අපි දන්නවා ඒක කලේ නෝමන් කියලා.. ඒත් ඒක උණු විදිය ඒක පාර දන්නේ නෑ අපි. මොකද මේ පාර ඒක නෝමන් අතින් වෙලා තියෙන්නේ වෙනස් විදියකට නිසා..
දෙවන වෙළුම ආරම්භ වෙන්නේ බ්ලෙයා වොට්සන් ගුරුවරිය මැරිලා මාස 4කින්… බ්‍රඩ්ලි සියදිවි නසාගන්න උත්සාහ කරනවා. ඒකෙන් එයා බේරිලා පරිවාසේ ඉදලා එළියට එනවා. ඒ වගේම අර කලින් හදනවා කියපු මගහැරුම් මාර්ගය හදන්න පටන් ගන්නවා . මේකෙන් බඩේ පහර වදින්නේ බේටස් නවාතැනට නිසා නෝමා හදන්නේ කොහොමහරි ඒක නවත්වන්න.. ඒ නිසාම එයා නගර සභා රැස්වීමට ගිහින් එකේ ඉන්න සභික ලී බර්මන්ටත් හොදටම බනිනවා.. ඒ වගේම බ්‍රැඩ්ලි මාටින් ගිහින් තමන්ගේ තාත්තා මරපු එකට පලිය ගන්නවා ගිල් ටර්නර් ගෙන්. ඒත් ඒක ලොකු දෙයක ආරම්භයක් වෙයි කියලා එයා හිතන්නේ නෑ.. එහෙම ගිල් ටර්නර් ව මරපු බ්‍රැඩ්ලි එන්නේ නෝමන් ගේ උදවු ඉල්ලගෙන.. නෝමන් උදවු කරන්න පොරොන්දු වෙනවා. ඒ උනාට නෝමන් ට වෙලාවට එන්න බැරි වෙනවා සංගීත පුහුනුවිමකට යන්න උණු නිසා. ඒත් නෝමන් තමන්ගේ සහෝදරයට කියලා එයා ලවා බ්‍රැඩ්ලිට අවශ්‍ය උදවුව කරලා දෙනවා. ඒ නගරයෙන් සදහටම පිටමන් කරලා යවන එක.
ගිල් ටර්නර් මරපු එකේ පලිය ගන්න ලොක්කගේ සහෝදරයා ෂේන් මෝගන් කරලියට එනවා. එයා ඇවිත් එක්කෙනා ගානේ මරන්න පටන් ගන්නවා. ඒ අතරේ පොලිසිය බ්ලෙයා වොට්සන්ගේ ශරීරය ඇතුලේ තිබිලා හොයාගත්තු ශුක්‍රානු සාම්පල දෙකින් එකක් අයිති පුද්ගලයා හොයාගන්නවා. ඒ අතරේම නෝමාගේ සහෝදරයා එනවා නෝමා හොයාගෙන.. ඒ සහෝදරයව නෝමා එලවා ගන්නේ එයාව තරුණ කලේ ලිංගික කටයුතු වලට පාවිච්චි කරපු නිසා. ඒ වගේම ඒ ඩිලන් ගේ තාත්තා කියලාත් දැනගන්නවා.ඒ නිසා ඩිලන් ගෙදරින් යනවා. නෝමන් ට කෝඩි හමුවෙද්දී නෝමා ට ක්‍රිස්ටීන් හමුවෙනවා.එමා ට ගනර් හමුවෙනවා. ක්‍රිස්ටීන්ගේ ගෙදර සාදයේ දී නෝමා අදුනගන්නවා නික් ෆෝර්ඩ් ව. නෝමන් යනවා නෝමා ගේ සහෝදරයා හොයාගෙන.ඒ එතැනදී නෝමන් ට සිහිනැති වීම උණු නිසා කෝඩි දැනගන්නවා නොම්න්ගේ රෝගය. ෂේන් ෂෙරිෆ් රොමේරෝ ගේ නිවස ගිනි තියපු නිසා එයා එනවා බේට්ස් නවාතැන ට. ෂේන් මරන්න හදපු ඇයට කෙලින්ම මුහුණ දීලා ෂේන් බේරගත්ත නිසා ඩිලන් අදුනගන්නවා ලොක්කව. නික් ෆෝර්ඩ් විසින් නෝමා බේට්ස් ට උදවු කරනවා. එයා උඩින් පෙන්වන උදවුව නෙමේ ඇත්තටම කරන්නේ. ඒ නිසාම නෝමා බේට්ස් ට නගර සභික අසුනට යන්න පුළුවන් වෙනවා ක්‍රිස්ටීන් ශා පිටර් ගේ උදවු එක්කම.
කෝඩි ඇවිත් නෝමන් ගැන එමා ට කියනවා. ඒක නෝමා ට කියපු නිසා නෝමන්ට රියදුරු පරීක්ෂණය නැතිවෙනවා.රහස් කිවුවේ ඇයි කියලා අහන්න ගිය ගමන කෙලවර වෙන්නේ කෝඩි ගේ තාත්තාගේ මරණය සිදුවීමෙන්. ඒ නිසා නෝමන් ගේ DNA සාම්පල පොලිසියට ලැබිලා නෝමන් සහ බ්ලෙයා වොට්සන් ගැන නෝමන් දැනගද්දී ,කෝඩි නෝමන් ට කියනවා එයාගේ රහසක් අම්මා ගාව තියෙනවා කියලා. ෂේන් කරපු සමුල ඝාතනය නිසා නික් ඉල්ලනවා උදවුවක් නෝමාගෙන් සහ ඩිලන්ගෙන්. ඒ වෙනුවෙන් නෝමන් ව පැහැරගන්නව නික් ෆෝර්ඩ් විසින්. එතනදී නෝමන් ට සිහින ටිකක් පේනවා. ඒ අතරේ බ්ලෙයා වොට්සන් මරපු විදියත් තියෙනවා. නික් ෆෝර්ඩ් හමුවෙන්න ගියපු ඩිලන් අතින් අනපේක්ෂිත විදියට නික් මරණයට පත් වෙනවා. ඒ අතරේ ෂෙරිෆ් නාඩි පරීක්ෂණයකට සුදානම් වෙනවා.
අවසානය කුමක් වෙයි ද ? පොඩි ඉගියක් දෙන්නම්.හිතන්නේ නැති වෙලාවට මරණ කීපයක් වෙනවා.එතනින් එහාට මම කියන්නේ නෑ අද. බෙට්ස්න් නවාතැනේ ලැගුම්ගත් ඔයාලටත් පුදුම හිතෙන අවසානයක් බලාගන්න පුළුවන්. …. ..
මෙතෙක් කල් අප සමග රැදී සිටි ඔබට තුති.. එහෙනම් බේට්ස් නවාතැනේ අවසාන දවස ගත කරන්න. ඔබ සැමට ජය…..!!
1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න
82f81fa2933107cbc6bf86243e42c835872cb1bd3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න
13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
870 downloadsDownload Bates-Motel-2013-S02-E10.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
20 comments
තිසර නියෝ (Thisara Buddhika)
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Anushka
බොහොම ස්තුති මෙතෙක් කල් සබ් ගෙනඒමට.
ඊලඟ සීසන් එකටත් සබ් රැගෙන එන්න ඔබට ජය!අබා
දෙවන කතා මාලාව සදහා උපසිරසි ලබා දුන් දසන් බුද්ධික ඇතුලු සහයෝගය දුන් සැමට ස්තුතියි....තෙවන කතා මාලාවත් බයිස්කෝප් අඩවියෙන්ම දෙනකන් අපි බලාගෙන ඉන්නවා......ජයවේවා.....!!!!!
sajeevi
thanks.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Rathne
dla tiyana torrent ekata sub eka match wenne na machan.... :(
“චූටී මල්ලි”
එල මචන් එල
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. දිගටම දීපු එකටත් ගොඩක් ස්තූතියි. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
surendra
නියමයි සහෝ…ස්තුතියි..
KH7
Thanks Bro..
soorapappa
මචන් මේකේ s3 තියෙනවා එකට සබ් දෙනවද බොහොම ස්තුතියි
isuru
season 3 ekata sub demudoooooooo!
jema
ow bn s03 ta sub denna pls..........
Thanu
Dan meke season 3 yanawa neda? Puluwan nam sub dendako...
Nirosha Dilshan
sabata thanks
Ano
බොහොම ස්තූතියි
Sassa
Season 2 episode ඔක්කොම ටික එක දිගට බාපු නිසා comment කලේ නෑ bro සබ් එකට ස්තුතියි
Hasitha
Plese season 1 eke palawemi epiyai 10 weni epiyai dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)