Watch Trailer

BBC Prehistoric Park [2006: E06] Sinhala Subtitles | යෝධ කිඹුල් රාජයා- ඩයිනෝසර මාරයා! [සිංහල උපසිරැසි සමඟ]

අපේ ලෝකයෙන් දෙයක් මඟ හැරී යනවා, කාලයේ වැලි තලාවෙන් යට ගිය අරුම පුදුම සතුන්. ඒත් අපට ඔවුන්ව ආපසු ගෙන ඒමට හැකි නම්? ඔවුන්ගේ නෂ්ට වීම සදාකාලික එකක් නොවන තැනට ගෙන එන්නට හැකි නම්? අපි මේ සූදානම් වෙන්නේ වෙනසක් සමඟ අතීතයට සෆාරියක් යන්නයි. මෙහිදී වනජීවි වික්‍රමික නයිජල් මාවන් සමඟ ප්‍රාග් ඓතිහාසික යුගය වෙතට…

අපේ ලෝකයෙන් දෙයක් මඟ හැරී යනවා, කාලයේ වැලි තලාවෙන් යට ගිය අරුම පුදුම සතුන්. ඒත් අපට ඔවුන්ව ආපසු ගෙන ඒමට හැකි නම්? ඔවුන්ගේ නෂ්ට වීම සදාකාලික එකක් නොවන තැනට ගෙන එන්නට හැකි නම්? අපි මේ සූදානම් වෙන්නේ වෙනසක් සමඟ අතීතයට සෆාරියක් යන්නයි. මෙහිදී වනජීවි වික්‍රමික නයිජල් මාවන් සමඟ ප්‍රාග් ඓතිහාසික යුගය වෙතට දිව යමින්, නෂ්ට ප්‍රාප්තියේ අන්තිම ගැට්ටේ එල්ලී සිටින සතුන් මුදා ගන්නටයි.
ඔහුගේ සැලැස්ම එම සතුන් නැවත සුරක්ෂිත වර්තමානයට ගෙනැවිත්, ඔවුනට ජීවත් වීමට දෙවන අවස්ථාවක් ලබා දෙන්න. නයිජල් මාවන්ගේ ඒ සිහිනය දවසින් දවස සැබෑ වන ලකුණු පහළ වුනා.

01. ඔහුගේ පළමු මෙහෙයුම වශයෙන් ටයිරනෝසෝරස් රෙක්ස් මුදා ගත්තෙ අවුරුදු මිලියන 65 ක් අතීතයෙන්.

02.ඔහුගේ දෙවන මෙහෙයුම වශයෙන් අයිස් යුගයට ගොස්, එහිදී ලෝම රයිනෝ සමඟ මුහුණට මුහුණ ගැටෙමින්, අතිවිශාල ලෙන් වලසාගේ ප්‍රහාර වලින් දිවි ගලවා ගනිමින්, පෘථිවිය මත සිටී අවසාන මැමත් සත්ත්වයාගේ මරණයට හේතු වූ අභිරහස විසඳනවා, එමෙන්ම ලෝම මැමත් කෙනෙක් උද්‍යානයට ගෙන එනවා.

03.ඔහුගේ තෙවන මෙහෙයුම වශයෙන් ප්‍රාග් ඓතිහාසික චීනයේ බොහොම භයානක වනන්තරයකට ගිහින්, පියාපත් හතරේ මයික්‍රොරැප්ටරයන් මුදා ගෙන ආවා.

04.ඔහුගේ සිව්වන මෙහෙයුම වශයෙන් ප්‍රාග් ඓතිහාසික දකුණු ඇමරිකාවට ගිහින් යෝධ ඝාතක පක්ෂීන් සහ අති බිහිසුනු වකුටු කඩු හැඩැති දත් දරණ බළලුන් මුදා ගෙන ආවා.

05.ඔහුගේ පස්වන මෙහෙයුම වශයෙන් වසර 300 ක් අතීතයෙන් යෝධ දියමැස්සෙක්, යෝධ ගෝනුස්සෙක් ඇතුලු සතුන් මුදා ගෙන ආවා.

ඔහුගේ සයවන මෙහෙයුම වශයෙන් සූදානම් වෙන්නේ වසර මිලියන 75 ක් ඈත ප්‍රාග් ඓතිහාසික ටෙක්සාස් වලින් ලොව අංක එකේ විලෝපිකයෙක් අල්ලා ගන්නටයි.

”ඩයිනෝසූකස් කෙනෙක් තට්ටු දෙකේ බස් එකක් තරම් ප්‍රමාණේ. ඩයිනෝසුකර්ස්ලා අනුවර්තනය වෙලා තියෙන්නේ විශාල ගොදුරු දඩයම් කරන්නයි.” ඩයිනෝසූකර්ස් කියන්නේ ඩයිනොසෝරයන් දඩයම් කිරීමට තරම් හැකියාව ඇති දැවැන්ත කිඹුලෙක්! ඉතින්, යෝධ කිඹුල් රාජයා- ඩයිනෝසර මාරයා මුදා ගෙන එන්නට නයිජල්ට හැකි වේද?

අද අවසාන කොටසින් ලොමු දැහැ ගන්වන සිදුවීම් අතරේ බොහොම රසබර සිදුවීමනුත් තියනවා. කොටස් හයක් පුරාවට රැඳී හිටපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ වගේම මේ උපසිරැසිය කරන්න කියලා අදහස දුන්න අසංක රණතුංග අයියාට ස්තූතිවන්ත වෙනවා. චිත්‍රපටයක් නරඹලා විඳින රසය, ඒකෙන් ලබා ගන්න පුලුවන් දෙයක් තියනවා නම් ගොඩක් වැඩි වෙනවා. මේ වැඩසටහනට උපසිරැසි නිර්මාණයත් මට ඒ වගේ දෙයක් වුනා. නිතරම සත්තු මුණ ගැහුනත්, ප්‍රාග් ඓතිහාසික යුගයේ හිටි සත්තු දකින්න ලැබිලා නෑනේ. අපේ පෘථිවියෙන් සදහටම වඳ වෙලා ගිය ඒ සතුන් මෙවැනි වැඩසටහනකින් හරි දැකගන්නට ලැබීම මට සතුටක් ගෙනාවා. මම හිතනවා ඒ සතුට ඔයාලටත් දැනෙන්න ඇති කියලා. නමුත් ඒ සතුට සම්පූර්ණ සතුටක් නෙවේ. අද අපිත් එක්ක, පෘථිවිය බෙදා හදා ගන්නා සතුන්ගේ ඉරණම තියෙන්නෙත් මිනිසුන් වන අපේ අතේ. මිහිමත ඔවුන්ගේ පුංචි ඉඩ ඔවුන්ටම තිබුනාවේ, නෂ්ට වූ සතුන්ගේ ලැයිස්තුව මිනිසුන් වන අපගේ ක්‍රියාකාරකම් නිසා වැඩි වුනොත් එය අපේ මනුෂ්‍යත්වයට නිගාවක්. ජීවන තරඟයට නුසුදුස්සන් මේ ලෝකයෙන් අතු ගෑවි යනු ඇති. ඇත්තෙන්ම, සොබා දහම තීරණය කළ දාක, ඔවුන් මෙන්ම අපත් නෂ්ට වෙලා යාවි. එහෙමනම්, ගිහින් එන්නම්.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

BBC.Prehistoric.Park.6of6.Supercroc.XviD.AC3.6ch.MVGForum

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,488 downloadsDownload BBC-Prehistoric-Park-2006-E06.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,488 downloadsDownload Subtitles25 KB

7 comments

  1. Rasindu Perera

    නියමයි.....සබ් කට තැන්ක්ස්....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි
    මේවගේ එකකට උපසිරස දුන්නට ගොඩක් ස්තුතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Chamalpriyadarshana

    Me tv series eka download karagana link 1k nadda

  7. Anonymous

    Thanks a lot!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.