Watch Trailer

Behind Her Eyes (2021) [S01 : E01] Sinhala Subtitles | අහඹු හමුවීම් දෙකක්.. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ සබ් එකක් අරගෙන ආයෙත් බයිස්කෝප් අඩවියට ගොඩවැදුනා. ඇත්තටම ගිය අවුරුද්දේ නොවැම්බර් 9 වෙනිදට පස්සේ තමයි මේ සබ් එකක් කලේ. ඉතින් මෙදාපාර අතගැහුවේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ නිකුත් වුනු අලුත් කතාමාලාවකට. එහෙනම් වැඩිය කතාකරන්නේ නැතුව සිරිස් එක ගැන පොඩි විස්තර ටිකක් කියලම ඉන්න…

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ සබ් එකක් අරගෙන ආයෙත් බයිස්කෝප් අඩවියට ගොඩවැදුනා. ඇත්තටම ගිය අවුරුද්දේ නොවැම්බර් 9 වෙනිදට පස්සේ තමයි මේ සබ් එකක් කලේ. ඉතින් මෙදාපාර අතගැහුවේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ නිකුත් වුනු අලුත් කතාමාලාවකට. එහෙනම් වැඩිය කතාකරන්නේ නැතුව සිරිස් එක ගැන පොඩි විස්තර ටිකක් කියලම ඉන්නම්. මොකද මේක ඔයාලා ගොඩක් කැමති Lucid Dreaming කියන මාතෘකාවට වක්‍රව සම්බන්ධ වෙලා තියෙන නිසා. මං එහෙම කිවුවෙන් නැතිනම් ඔයාලා හිතයි මේකත් සාමාන්‍ය ගනයේ මනෝවිද්‍යාත්මක කතාමාලාවක් කියල, ඒකයි!

කොටස් හයකින් සමන්විට කෙටි රුපවාහිනි කතාමාලාවක් ලෙස තමයි මේක නිර්මාණය උනේ. ඒවගේම Netflix ලගේ හොඳම Thriller කතාමාලා 10 අතරේ මේකත් තියෙනවා. Supernatural, Psychological, Thriller ගණයට වැටෙන මේ කතාමාලාව Netflix හරහා 2021 පෙබරවාරි 17 වෙනිදා ඇමරිකාවේදී තමයි නිකුත් කලේ. හැබැයි නිෂ්පාදනය කරලා තියෙන්නේ එක්සත් රාජධානියේ. ඒවගේම විශේෂයෙන් කියන්න ඕන මේක Sarah Pinborough කියන ඉංග්‍රීසි ජාතික ලේඛිකාව විසින් 2017 දී රචනා කර මේ නමින්ම නිකුත් කරපු පොතක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. IMDb දර්ශකයේ 7.2 ක අගයක් ලබාගෙන තියෙනවා වගේම නැරඹු සියලුම දෙනා කියලා තියෙන්නේ හිතුවෙවත් නැති අවසානයක් ලැබුණු කතාමාලාවක් කියල තමයි. ඇත්තටම මාවත් කරකවලා ඇත හැරියා වගේ උනා අන්තිම කොටස් දෙක බලනකොට. හැබැයි මං කතාමාලාව ගැන කිසිම විශේස තොරතුරක් කියන්න යන්නේ නෑ, මොකද එහෙම කිවුවොත් බලාගෙන යනකොට ලැබෙන පුදුමකිරීම් සහ අමුතු සිදුවීම් වලින් බලන කෙනාගේ රසයට හානි වෙනවා. එහෙනම් කතාවේ අභ්‍යන්තය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කලින් පොඩි දැනුම්දීමක් තියෙනවා.

හැම කැටගරියකම වගේ කතා බලන කෙනෙක්නම් අනිවාරෙන්ම මේ කැටගරි එක ඔයා ආසම එකක් වෙන්න ඇති. නමුත් තෝරා බේරාගෙන හැමදෙයක්ම බලන ඔයා බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාදාම පිරුණු, ත්‍රාසජනක, මනෝවිද්‍යාත්මක කතාමාලාවක්නම් මේක ඔයාට ගැලපෙන්නේ නෑ. මොකද මේකේ කිසිම ක්‍රියාදාම ජවනිකාවක් නෑ. හැබැයි කරකවලා අතහැරියා වගේ අවසානයක් බලාපොරොත්තු වෙන, කතාව අතරමැදදී මෙච්චර දුර හිතාගෙන ආපු හැමදේම වැරදියි නේද කියල හිතෙන, මෙච්චර කල් අහිංසකයි කියල හිතුන අය වැරදිකාරයො වෙන, දුෂ්ටයා කියල හිතන් හිටිය අය අහිංසකයින් ගානට වැටෙන විදිහේ අවසානයක් බලාපොරොත්තු වෙනවානම් මෙන්න ඒ විදිහේ කතාවක්. මොකද මේක ටිකක් ඉවසීමෙන් බලන්න ඕන, මුල් කොටස් දෙක වගේ ඉවර වෙනකන් කිසි පිළිවෙලක් නෑ, මුකුත් විශේෂ දෙයක් සිද්ධ උනේ නෑනේ කියල ඔයාලට හිතෙන්න පුළුවන්. හැබැයි අවසානෙට එද්දී මුල් කොටස් ටික ගානට සම්බන්ධ වෙලා, පුංචිම දෙයක් පවා මේකට සම්බන්ධ උනේ කොහොමද කියල ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම වෙන්නේ ගොඩක් අවධායෙන් බලන් හිටියොත් විතරයි. එහෙනම් මං කතාව ගැන බොහොම පොඩ්ඩක් වගේම මේ කොටසේ ආරම්භය ගැන කෙටියෙන් විස්තරයක් ලබාදෙන්නම්.

ලුයිස් කියන්නේ දරුවෙක් එක්ක තනිවුන අම්ම කෙනෙක්. ඉතින් එක දවසක් එයාගේ යාලුවෙක් එක්ක සතුටුවෙන්න කියල බාර් එකකට ගිය වෙලාවක හදිස්සි අතපසුවීමකින් ඩේවිඩ් කියලා පිරිමි කෙනෙක් හමුවෙනවා. ඉතින් එතනින් ඒ දෙන්නා ටිකක් දැන අඳුරගෙන යාළුවො විදිහට සමු අරගෙන යනවා. ඉතින් පහුවදා මේ ලුයිස් තමන්ගේ රස්සාව කරන තැනට ගියාම තමයි දැනගන්නේ ඊයේ රෑ හම්බවුන ඩේවිඩ් කියන්නේ තමන්ගේ අලුත් බොස්, එහෙමත් නැත්තන් එතනට ආපු අලුත් මනෝචිකිත්සක වරයා කියලා. ඉතින් කොහොම හරි මේ දෙන්න අතරේ හාද කමක් ඇතිවෙනවා.නමුත් මේ ඩේවිඩ් කියන්නේ කසාද බැඳපු කෙනෙක්. ඒ අතරේ මේ ලුයිස්ට හදිසියේම අතරමගදී අහම්බෙන් වගේ ඩේවිඩ්ගේ බිරිඳ ඇඩෙල් ව හමුවෙනවා. මෙයා ටිකක් අමුතු, ගුප්ත ගෑනු කෙනෙක්. මේ ගැනත් ලුයිස්ට ටිකක් අමුත්තක් දැනෙනවා. හදිසි හමුවීම නිසා ඇඩෙල් කියනවා කෝපි එකක් බොන්න කැෆේ එකකට යමු කියල. ( ඒ අතරේ ඇඩෙල් ගෙ අතීත කතාවකුත් පැත්තකින් අපිට පෙන්නනවා, එතැනදී රොබ් කියන චරිතයත් හඳුනාගන්න ලැබෙනවා). ඉතින් පලවෙනි කොටස ඉවර වෙන්නේ ඔහොම තමයි.

මීට වැඩිය මං කියන්න යන්නේ නෑ, ප්‍රේක්ෂකයින් අල්ලගන්න ඕන නිසා සහ සබ් ඩවුන්ලෝඩ් වැඩිකරගැනීම උදෙසානම් මට පුළුවන් කතාවේ අවසානය ගැන ඔයාලට දැන්ම කියල දාන්න, එතකොටනම් අනිවාරෙන්ම ගොඩ දෙනෙක් බලයි. හැබැයි මට ඕනේ ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙක් මුල ඉඳන් බලලා මට ලැබුණු අත්දැකීමම ලබාගන්න එක. එහෙනම් දෙවෙනි කොටසින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,916 downloadsDownload Behind-Her-Eyes-2021-S01-E01.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

7,916 downloadsDownload Subtitles23 KB

28 comments

  1. lakmal

    math baluwa oka
    niyameta setwuna
    sub ekta thnks

  2. Anonymous

    supiri kathawak meka
    kathawa eka parak baluwata passe aaye balanna
    ethakota thama athal eka thiyenne

  3. Anonymous

    me wage podi series dena eka nm patta
    language eka moka wunath kthawa hoda nm bluwa

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. kushan

    sub akta thanks

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Anonymous

    දිගටම සබ් දෙන්න සහෝ.සයිට් එකක් දැන් දැන් ඉන්දියන් වීගෙන යන්නෙ.දිගටම ඉන්ග්‍රීසි ටීවි සීරීස් ටිකක් දෙන්න.බයිස්කෝප් එකට මුල අමතක වීගෙන යන සීන් එකක තියෙන්නෙ.සයිට් එක මෙච්චර අප් වෙලා හොඳම සබ් සයිට් එක උනේ ඉන්ග්‍රීසී ටීවි සීරීස් හින්ද කියල කට්ටියටම අමතක වෙලාද කොහෙද.සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.දිගටම සබ් දෙමු..ජය..!!!

    1. Anonymous

      ඉන්දියන් ඒවට බනින වෙලේ ගිහින් ලැබෙන ඉංග්‍රිසී සීරිස් වලට අඩුතරමේ thanks කියලවත් කමෙන්ට් එකක් දාන් පලයන් එතකොට තව ඉංග්‍රීසි සීරීස් කරාවි
      මේ කමෙන්ට් කරපු ටික දෙනාගෙනුත් බහුතරේ ඉන්දියන් ඒවටත් කමෙන්ට් කරන ඔක්කොම කලවමේ බලන උන් ඒ නිසා ඔහොම ගොන් කමෙන්ට් දාලා වැටෙන කමෙන්ට් ටිකත් නැතිකරන්න එපා

    2. Anonymous

      කවුරුත් තැන්ක්ස් කරන්න කියලා දෙන්න ඕනෙ නෑ.අකුරු කියවන්න පුලුවන්නම් අය පාරක් මගේ කමෙන්ට් එක සම්පූර්නයෙන් කියවන්න.අනික අනිත් ඒවට කමෙන්ට් කරන එක ගැන කියල දෙන්න ඕනෙත් නෑ.සබ් එකක් කරන අමාරුව හොඳටම දන්නවා.හැබැයි ඉතින් පහුගිය දවස් වල ෆේස්බුක් හිටියනං දන්නව ඇතිනේ ඉන්දියන් ෆිල්ම්වලට එකම IP Adress එකෙන් gmail 30ක් විතර හදාන කමෙන්ට් කරපු සීන් එක.ඒ වගේම එකෙම IP එකෙන් ඩව්න්ලෝඩ් 2000ක් විතර කරපු සීන් එකත්.ඒ හින්ද මචන් මෙතන ඉන්දියන් ඒවට කමෙන්ට් කරන උන් ගගා වැලලෙන්න එපා.මම කමෙන්ට් කරලා තියෙනෙ සබ් දෙන සහෝ එක්ක.එයාට අමාරුවක් නැත්තන් බොරුවට ට්‍රිගර් වෙන්න එපා.මමත් කලවමේ තමයි බලන්නෙ හැබැයි ඉන්දියන් ඇර අනිත් ඔක්කොම.ඒක මගේ රසවින්දනේ.අලුතෙන් සයිට් එකට ආපු අය නොදන්නවා උනාට සීරීස් හින්ද තමා බයිස්කෝප් ලංකාවෙ 1 සයිට් එක උනේ.එපි රිලීස් වෙලා පැය ගානක් යද්දි සබ් දුන්න සයිට් එකක් මේක.ඒ හින්ද මේ කමෙන්ට් සෙක්ශන් එකත් විනාස නොකර අනිත් මිනිස්සුන්ගෙ අදහස් වලට ගරු කරමු.අනිත් අයගෙ රසවින්දනයට ගරු කරමු.

  8. Suranjan

    Thanks jayawewa....!

  9. Naveen

    උපසිරසියට තුති

    1. indika75

      thanks..

  10. Anonymous

    thnks

  11. Gayan

    සිංහල උපසිරසියට ස්තුතියි
    ඉතුරුවත් ඉක්මනටම දෙමු

  12. indika75

    thanks..

  13. Neo

    Thanks brother
    Keep it up

  14. Hasitha

    සබ් වලට Thanks සහෝදරයා
    පුලුවන්නම් මේ tv series වලටත් සබ් දෙන්න.ඒක මේ series බලන්න ඉන්න අයට ලොකු උදව්වක් වෙයි සහ biscope.lk එකෙ ලොකු අඩුවක් සම්පුර්ණ වෙයි.

    •Deadwood(2004)-IMDB 8.6 (36 episodes)
    •Fleabag (2016)-IMDB 8.7 (12 episodes)
    •Mindhunter(2017) - IMDB 8.6 (19 episodes)
    •Yellowstone(2018)- IMDB 8.6 (29 episodes)
    •Ted Lasso(2020) -IMDB 8.7(10 episodes)
    •SNEAKY PETE (2015) -IMDB 8.1 (30 episodes)
    •GOLIATH (2016) -IMDB 8.1 (24 episodes)

  15. Lakshitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරී ..ජයෙන් ජයම වේවා !!

    1. Lakshitha

      # සහෝ

  16. Pramukmili

    Thanx bro............

  17. කවිඳු ජයවර්ධන

    සබ් එකට තෑන්ක්ස් සහෝ.

  18. dean

    බලපු සුපිරිම සිරිස් එකක් .ස්තුතිය්

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Danindu

    Thanx for subtitles

  21. Dewadithya

    Thanks for Sub!

  22. Akila Dilhara

    Thanks Brother....

  23. Mano

    Godak sthuthi..Jaya wewa!

  24. Chanaka Sangeeth

    Thank you bro