BEN 10 කියන නම ඇහුවම නොදන්න කෙනෙක් නැහැනෙ. ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වය පත් වුණ පෙරලිකාර කාටූන් සීරීස් එකක් කිව්වොත් මං හිතන්නෙ මං නිවැරදියි. 2005 වසරේ දෙසැම්බර් 27 වෙනිදා Cartoon Network නාළිකාවෙන් තමයි Ben 10 විකාශය වෙන්න පටන් ගන්නෙ. Ben 10 සම්පූර්ණ සීරීස් එක ගත්තොත් මේ වෙනකොට කතාමාලා වගේම චිත්‍…

BEN 10 කියන නම ඇහුවම නොදන්න කෙනෙක් නැහැනෙ. ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වය පත් වුණ පෙරලිකාර කාටූන් සීරීස් එකක් කිව්වොත් මං හිතන්නෙ මං නිවැරදියි. 2005 වසරේ දෙසැම්බර් 27 වෙනිදා Cartoon Network නාළිකාවෙන් තමයි Ben 10 විකාශය වෙන්න පටන් ගන්නෙ. Ben 10 සම්පූර්ණ සීරීස් එක ගත්තොත් මේ වෙනකොට කතාමාලා වගේම චිත්‍රපටත් විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. Ben 10 Classic සීරීස් එක රිලීස් වෙලා මේ දෙසැම්බර් 27 වෙනිදට ඒ කියන්නේ අද දවසේදී අවුරුදු 17ක් පිරෙනවා. ඒ නිමිත්තෙන් අද ඉඳල දිගටම මේකට උපසිරැසි නිකුත් කරනවා.

ඒ අතරින් ප්‍රධාන සීරීස් හතර ගත්තොත්,

  • Ben 10 Classic (2005 – 2008)
  • Ben 10 Alien Force (2008 – 2010)
  • Ben 10 Ultimate Alien (2010 – 2012)
  • Ben 10 Omniverse (2012 – 2014)

මීට අමතරව 2016 සිට 2021 තෙක් විකාශනය වුණ තව සීරීස් එකකුත් තියෙනව. නමුත් ප්‍රධාන සීරීස් හතර තමයි උඩ තියෙන්නෙ. ලංකාවේ අපිත් උඩ තියෙන සීරීස් හතරම සිංහලෙන් හඬකවලා බලන්න තරම් වාසනාවන්ත වුණා.😌 මුලින්ම 2012 වගේ කාලෙදි බෙන් 10ගෙ පොඩි කාලෙ සීරීස් එකෙන් පටන් අරන් හිතාගන්නවත් බැරි වුණ ජනප්‍රියත්වය නිසාම අනිත් සීරීස් 3ත් සිංහලයට හඬකැවුණා. ඒ දවස්වල තිබුණ බෙන් 10 රැල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.😅🥰 ඒත් විකාශන අයිතියේ ගැටලු නිසා ඒ කාලෙන් පස්සෙ අපිට ලංකාවේ ටීවී චැනල් එකකින් තවමත් බලන්න ලැබුණෙ නෑ.😓💔

කොහොමහරි අද හා හා පුරා කියලා අරන් එන්න හදන්නෙ Ben 10 classic series එක. ඉතින් පළවෙනි කොටසින් බලාගන්න පුළුවන් වෙන්නෙ බෙන් ටෙනිසන්ට බල ඔරලෝසුව මුණ ගැහෙන විදිහ. මේ හැමදේම පටන් ගන්නෙ අභ්‍යාවකාශයේ ඇති වෙන සටනකින්. බල ඔරලෝසුවේ අයිතිකාරයන් හා විල්ගැක්ස් එහෙමත් නැත්තන් බෙන් 10 සීරීස් එකේ ප්‍රධාන දුෂ්ඨයා අතරයි. විල්ගැක්ස්ට අවශ්‍ය බල ඔරලෝසුව තමන්ගෙ කරගෙන විශ්වයේම පාලකයා වෙන්නයි. ඉතින් ඔන්න ඔය සටන අතරතුර චන්ද්‍රිකාවක බහාලපු බල ඔරලෝසුව පෘථිවියට මුදා හැරෙනවා. ඊටපස්සෙ තමයි බෙන්ට මුණ ගැහෙන්නෙ. ඊටපස්සෙ වෙන දේවල් මම කියන්න යන්නෙ නෑ. සීරීස් සිංහල උපසිරැසි එක්ක බලන්න කියලා ආරාධනා කරනවා.

නවකයෙක් විදියට මේ සීරීස් එක මට භාරදුන්න වගේම ඕනම දෙයක් ඇහුවම ලෝබ නැතුව කියලා දෙන ශාන් විමුක්ති අයියටත්, තිසර නියෝ අයියටත් ස්තූතිවන්ත වෙනවා.

ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු. එතකල් පරිස්ස්මින් ඉන්න.❤

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

11,144 downloadsDownload BEN-10-CLASSIC-S01-E01-E02-E03.zip2.7 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

තිසුර සංජන

Subtitles

11,144 downloadsDownload Subtitles2.7 MB

45 comments

  1. Nehan Sandeepa

    අම්මෝ අම්මෝ නියමයි
    ඉතුරු එපිත් ඕනේ....❤️

  2. Lasith Menuka

    ආපහු සිංහලෙන් බලන්න ආසාවෙන් හිටියා.
    කමක් නෑ දැන් officially සිංහල සබ් හරි තියනවනෙ. Thank You saho

  3. Naveen Mbr

    ස්තූතියකට වඩා ගොඩක් පින්! පුළුවන් නම් දිගටම මේ වගේ කාටුන් වලට උපසිරැසි දෙන්න!

  4. සංජන චමෝද්

    අඩෝ මරු. ❤️
    ඔක්කොම සීරිස් ටිකට දෙමු.❤️

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  6. Anonymous

    Supiri ❤️ thanks sub ekata

  7. සුපුන්

    අඩො සුපිරියක් තමා බන්. පොඩි කාලෙ බැලුව ඒත් ඒ දවස් වල එච්චර දැනුමක් නෑ නිකන් හැන්දාවට ආතල් එකට බැලුව මිසක්. පස්සෙ කාලෙ බලන්න ඕනි වුනත් සිංහලෙන් නැති නිසා අතෑරල හිටියෙ. සුපිරියක් තමා මෙකනම් බ්‍රො. ඔක්කොම ටික දෙන්න. දැනටත් එය්බී එකෙ හරි යුටියුබ් හරි බෙන්ටෙන් වීඩියො එකක් තිබ්බොත් අනිවා බලනවා. සුපිරි වැඩක් මේ වගෙ ඒවනම් දෙන්නම ඕනි. සුපිරි ඉක්මනට ඉතුරු ටික දිහන්. සුපීරි බ්‍රො. ඔක්කොම ටික දියන් ඈ මගදි අතාරින්නෙ නැතිව. දවස ගාණෙ දෙන්න පුළුවන් නම් සුපිරි. මෙ දවස් ටික බලන්න අළුත් සීරියස් එකක් නැතිව හිටියෙ දැන් බෙන්ටෙන් බලන්න පුළුවන් එල.

  8. සුපුන්

    මචන් මගෙ දෙවෙනි කමෙන්ට් එක. මම එකයි දෙකයි බැලුව. ජීවීන්ට දාල තියෙන්නෙ අපිට පුරුදු පරණ නම් නෙමෙනෙ.ඉංග්‍රීසි නම දාන්න එපා ඉස්සර තිබ්බ අමුතුම ගැම්ම එන්නෙ නෑ එතකොට. ඒ නිසා හිරු එකෙ ගිය පරණ නම් ටිකම දාහන් බන් එතකොට සුපිරි.

  9. lahiru bandara

    වේග බට්ටා දෙබරා දියමන්තියා වගෙ ඉස්සර තිබ්බ සිංහල නම දාහන් . ඉංග්‍රීසි නම් දාන්න එපා. නම් ටික අමතකයිනම් එෆ්බී පොස්ට් එකක් දාපන්.සනික කට්ටිය කියයි.

  10. Delshan rahul

    Brother ඉස්සරහට ඔක්කොම ඉවර වෙනකම්ම කරගෙන යමු. නියම වැඩක් පලපලවෙනියටම කරන්නේ ඔයා. කොහෙවත් හොයාගන්න නෑ ben 10 සිංහල sub. ඔයා දිගටම කරගෙන යන්න. නියමයි..

  11. n3thmal

    Rick and Morty series ekata sub denda ko......

  12. Anonymous

    උබ නම් දෙයියෙක් බන් දිගටම දාහන් බන් good luck & ගොඩක් පින් බන්

  13. Anonymous

    Glass onion sinhala subtitles upload plz

  14. Pavith Wijesooriya

    නියම වැඩක් සහෝදරයා. මේ සුපිරියට දිගටම සබ් දෙමු. ජය!

  15. Shaggy

    සබට තුති..මරු වැඩක්..ඔමිනිවර්ස් එකටත් පුලුවන්නනම් දෙන්න..

    1. Anonymous

      omniverse එකටත් සබ් දෙන්න පුලුවන් නම් හොදයි කොල්ලෝ සුපිරි වැඩක්

  16. Kavindu Nimesh

    නියමයි සගෝ ජය වේවා!!!
    දිගටම කරගෙන යමූ....

  17. Thenuka Nawan Rathnayaka

    ඉංග්‍රීසියෙන්ම නම් දාන්න අව්ලක් නෑ

    1. Lasantha gayan

      මෙලො රහක් නෑ සිංහල නම් හොදයි. බලපන් කී දෙනෙක් සිංහලෙන් ඕනි කියල කියලද කියල

    2. Lasantha gayan

      eglish nama wadak na. apita purudu sinhala nama thama hoda. sinahalan nam danna

  18. Bimsara Yashan(ඔලිව)

    නියමයි සහෝ. දිගටම මේ වගේ සීරිස් වලට සබ් දෙමු. ජයවේවා!

  19. විමා

    නම් සිංහලෙන්ම ඉල්ලීම සම්බන්ධව -

    මේකේ එන හැම නමක්ම වගේ සිංහලෙන් නැහැ, ඒ වගේම මේ වෙනකොට සබ් ටික 90%ක්ම වගේ හදල ඉවරයි. ඒ සේරම ඉංග්‍රීසියෙන් නම් එන විධියට දාල තියෙන්නෙ.

    සාමාන්‍යයෙන් හඬකවන එකක වගේ නෙමෙයිනේ, මේකේ ඉංග්‍රීසි දෙබස් අපිට ඇහෙනවා, ඒ ඇහෙනකොට නම වෙනස් උණාම ආයේ අවුලක්. ඒ නිසා අපි තීරණය කළා නම් ටික ඔර්ජිනල් විධියටම තියන්න. කැමති ඇත්තෝ බලත්වා ඉතිං! :)

    ඇඩ්මින්

    1. Kalsara Muthulel Ranathunga

      Yes. We were watching ben 10 even before hiru tv. Put English names.

    2. Tharuka

      nama english walin daapu eka hoday, sub ekata thanks.
      alien force ekatath sub ikmanatama denawada?

  20. Jeewantha Krishan

    සීරීස් 4ම සබ්ටයිට්ල් දෙනවද සහෝ??

  21. Sparrow

    Me lagadi sub nathuwa okkoma tika baluw (2005-2014)

    1. Sparrow

      Sub hoya hoya idl ekkawath tibbe na E daws wala

  22. Anonymous

    machan bohoma sthuthiy meka balanna sub ona wela hitiye thank you so much

  23. ravidu ishan

    නියම වැඩක් මචන්. එදා ඉදං තාමත් ආසම කාටූන් එක මේක.. අනිත් සීරීස් වලටත් සබ් දෙමු.. ජය!! ✌️✌️

  24. Chathuranga Deshan

    ඒක නෙවෙයි මේකේ english එකේ තියෙන episode ඔක්කොම සිංහලෙන් හඩ කවලා නෑ නේද ?

    1. Maheshan Sandaru

      omniverse eke mul season 4 wenkn sinhalen giya.ethanin eht tv eke giye na

  25. Kaveesha Lasith

    පොඩිකාලේ ආසම TV Series එක Thanks සබ් එකට ❤️

  26. Maheshan Sandaru

    niyama wadak. omniverse ekath iwara wenk ikmanata dawi kiyl hbalaporoththu wenw.alians lage nam daddi warahanak atuluen hari () sinhala nam dann

  27. Matheesha

    Omniverse ekatath puluwn nm sub dennako sago

  28. Tharusha Rukshan

    Iron Man Armoured Adventure 2 Eke Sinhala Sub Oona

    1. Kavindu Nimesh

      නියමයි සහෝ..ආදරෙයි omniverse එක දක්වා subtitles ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️

  29. Kaveesha

    Omniverse ekata Sub denna balanna brother

  30. jaliya chandraguptha bandara

    omniverse eka oona tnx

  31. Visuru

    සීසන් 3 එකත් ඉක්මනට ඕනේ බ්‍රෝ

  32. Sanupa Ranmeth

    නියමයි සහෝ. අතගහලා තියෙන්නේ ලේසි වැඩකට නම් නෙමෙයි. වැඩේ ඔම්නිවර්ස් දක්වාම කරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ පැතුම් ❤

  33. Kavindu Nimesh

    නියමයි සහෝ..ආදරෙයි omniverse එක දක්වා subtitles ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️

  34. Virul

    ben 10 alien force eket sub tika ikmnt danna labewa parthana krnw mcn...

  35. Chamidu

    ඔවගෙ සිංහල හඩකවපු එක තියන නිසා ben 10 omniwes එකෙ සබ් එක දෙන්නකො

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Ishan Madusha

    බොහෝම ස්තූතියි...