ඔන්න අද අරන් ආවා පළවෙනි සීසන් හතරවෙනි හා පස්වෙනි එපි දෙක. අද තමයි බෙන් 10 සීරීස් එකේ ප්‍රධාන දුෂ්ඨයා, විල්ගැක්ස් වැඩ පටන් ගන්නෙ. පළවෙනි එපිසෝඩ් එකේදි විල්ගැක්ස්ට බල ඔරලෝසුව අහිමි වුණා මතක ඇතිනේ. ඉතින් මේ විල්ගැක්ස් ගැන ටිකක් බලමු. Vilgaxians කියන පිටසක්වල ජීවී විශේෂයට අයත් වල විල්ගැක්ස් කියන්නෙ Vil…

ඔන්න අද අරන් ආවා පළවෙනි සීසන් හතරවෙනි හා පස්වෙනි එපි දෙක. අද තමයි බෙන් 10 සීරීස් එකේ ප්‍රධාන දුෂ්ඨයා, විල්ගැක්ස් වැඩ පටන් ගන්නෙ. පළවෙනි එපිසෝඩ් එකේදි විල්ගැක්ස්ට බල ඔරලෝසුව අහිමි වුණා මතක ඇතිනේ. ඉතින් මේ විල්ගැක්ස් ගැන ටිකක් බලමු.

Vilgaxians කියන පිටසක්වල ජීවී විශේෂයට අයත් වල විල්ගැක්ස් කියන්නෙ Vilgaxia කියන ග්‍රහලෝකයේ පාලකයා. කතාව හැටියට විල්ගැක්ස් දරුණු දුෂ්ඨයෙක් උනාට Vilgaxia වලට හා එහි වැසියන්ට විල්ගැක්ස් කියන්නෙ දරුණු පාලකයෙක් වගේම රණශූරයෙක්. සීරීස් එකෙන් එකට විල්ගැක්ස්ගෙ පෙනුම හුඟක් වෙනස් වෙනවා.

ඒ වගේම විල්ගැක්ස් කියන්නෙ ටෙනිසන් පවුලෙ ඈත ඉඳන්ම තරහකාරයෙක්. ඒ ඇයි කියලා දැන්ම කියන්නෙ නෑ.😁 ඒක තව ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි. කෙසේවෙතත් විල්ගැක්ස් කියන්නෙ කිසි දේකින් සෑහීමකට පත්වෙන කෙනෙක් නම් නෙවෙයි. ඒක සීරීස් එකේ ඉස්සරහට වඩවඩා හොඳින් පෙන්වනවා.

අද එපි දෙක ගත්තොත් ප්‍රධානවම විල්ගැක්ස් වැඩපටන් ගන්න දවස. පෘථිවියට වැටුණ බල ඔරලෝසුව නැවත අරගන්න නියෝජිතයන් තුන් දෙනෙක් පෘථිවියට යවන්න විල්ගැක්ස් සැලසුම් කරනවා. මේ අතරතුර බෙන් කිසිම හෙවිල්ලක් බැලිල්ලල් නැතිව තමන්ට කැමති කැමති විදියට බල ඔරලෝසුව පාවිච්චි කරන්න පටන් අරන්.😒

ඉතින් අර ආපු නියෝජිතයන් තුන්දෙනා මොනවගේ අය වෙන්නැතිද?

බෙන්ගෙ වගකීමක් නැති වැඩ නිසා බල ඔරලෝසුව විල්ගැක්ස්ට ලැබෙයිද?

ඒ දේවල් දැනගන්න අද එපි දෙක බලන්න කියලා ආරාධනා කරනවා. ඊළග එපිසෝඩ් දෙකෙන් හමුවෙමු…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

3,787 downloadsDownload BEN-10-CLASSIC-S01E04-E05-WEB-DL.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,787 downloadsDownload Subtitles23 KB

8 comments

  1. Anupa06

    අඩෝ සිරාවටම ආදරෙයි බන් ඔකොටම හදමු. ❣️

  2. Anonymous

    thank u kolllo niyama wadak

  3. kavinda gamage

    බොහොම ස්තුතියි දිගටම දෙනවා නේද අතර මග නතර කරන්නේ නැතුව ?

  4. Era

    Ep 6,7 sub nane

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  8. Thisara Prabhath Senarathne

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.